අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව 12 සිට 14 දක්වා

    ජූනි 08, 2014

    පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමෙහි ආලෝක පූජාවන් මේ මස 12,13 සහ 14යන දිනයන්හි දී පැවැත්වේ.


    ජය ශ්‍රී මහා බෝ සමිඳුන් එක් රැයක් වඩා හිඳ වූ, ප්‍රාග් ඓතිහාසික සිතුවම්, මහ රහතුන් පරිහරණය කළ අති පෞරාණික විශාල ජල පොකුණු, සෙල් පිළිම සහ අක්කර 250ක කළුගල් තලා මස්තකයේ වැඩ හිඳින අෂ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ ඇතුළු නටඹුන්වලින් තන්තිරිමලේ පූජා භූමිය සමන්විත වේ.


    විදුලි බුබුළු දහදහස් ගණනකින් මෙම පූජා භූමිය එදිනට ආලෝකමත් කෙරේ. මීට සමගාමීව දාන, ශීල, භාවනා වැඩසටහන් ද පැවැත්වේ. බොදු සැදැහැවතුන් වෙනුවෙන් සංවිධානය කරන ලද දන්සැල් ද පූජා භූමියෙහි පැවැත්වීමට සූදානම් කර තිබේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya