අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොළ පොසොන් කලාපය ලබන 12 සිට 15 දක්වා

    ජූනි 08, 2014

    වාරියපොළ පොසොන් කලාපය මේ මස 12 සිට 15 වැනිදා දක්වා වාරියපොළදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    මෙම කාලසීමාවේ දී පොසොන් කලාපය තුළ පිහිටි සියලු ම මාර්ග සහ විහාරස්ථාන දර්ශනීය ලෙස බෞද්ධ කොඩිවලින් සැරසීමට නියමිත ය. 

    අලංකාර විදුලි බුබුලු ලක්ෂ 03කින් පමණ මුළු වෙසක් කලාපය ම ආලෝකමත් කිරීමට නියමිත අතර, මේ දින හතර පුරාවටම පොසොන් උදානය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා බත් දන්සල් දෙකක් සමඟ ඔසු පැන්, අයිස් ක්‍රීම්, සිසිල් බීම වැනි දන්සැල් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     
    මේ අතර පොසොන් බැති ගී තරගය සඳහා බැති ගී කණ්ඩායම් 60ක් දින හතරපුරා ගීත ගායනය සඳහා සහභාගී වන අතර, පොසොන් කූඩු තරගය සඳහා පහන් කූඩු 8000ක් පමණ ඉදිරිපත් කිරීමට නියමිත වේ.
     

    මෙයට සමගාමීව වාරියපොළ සහ අවට පිහිටි සියලු ම විහාරස්ථානවල සීල, සමාධි, භාවනා සහ බෝධි පූජා වැඩසටහන් ඇතුළු ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya