අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩබ්ලිව්.ඒ. සිල්වා 57 වැනි ගුණ සමරුව අද

    මැයි 31, 2014


    ප්‍රවීණ සාහිත්‍යවේදී ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ 57 වැනි ගුණ සමරුව අදට (31) යෙදී ඇත. 


    සිංහල සාහිත්‍යයට දායාද කළ නව කතා රැසක කතුවරයා මෙන්ම, ප්‍රබන්ධ කතා කලාවේ පුරෝගාමියෙකු ලෙස ද ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් සැලකේ.

    සිරිය ලතා ඔහුගේ ප්‍රථම කෘතිය වේ. හිඟන කොල්ලා, කැලෑ හඳ, දෛවයෝගය, රදළ පිළිරුව වැනි ඔහුගේ නව කතා පසු කලෙක සිනමා පට බවටද පත් කෙරිණ.

    ඒ මහතාගේ ගුණ සමරුව කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අද පස්වරුවේදී පැවැත්වේ. එහිදී ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් සිංහල භාෂාවට හා සාහිත්‍යට මෙන්ම නවකතාවට සිදු කළ මෙහෙවර පිළිබඳව පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ද සිංහල කෙටිකතා කලාවට සිදු වූ මෙහෙය පිළිබඳව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ද දේශන පැවැත්වීමට නියමිතය. 

    ඩබ්ලිව්.ඒ. සිල්වා පදනමේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද එහිදී සිදු කෙරේ. ඩබ්ලිව්.ඒ. සිල්වා පදනම මෙම උත්සව සංවිධානය කර ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya