අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වප්මඟුල සහ දුක් කන්ද පාමුල සිටි අම්මා කෘති එළිදැක්වීම

    මැයි 20, 2014

    මාතලේ දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී ගාමිණී නිශාන්ත කරුණාරත්නගේ අභිනව පද්‍ය සංග්‍රහය වන "වප්මඟුල සහ දුක් කන්ද පාමුල සිටි අම්මා" කෘති එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29 දින පස්වරු 1.30ට මාතලේ නගර ශාලාවේදී පැවැත්වේ.


    අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාහිත්‍යවේදී සුමිත් සුරවීර, රාජ්‍ය සම්මානලාභී ලේඛක පියදාස වැලිකන්නගේ යන මහත්වරුන් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වනු ඇත.


    උත්සවය වර්ණවත් කිරීම සඳහා දමයන්ති ඒකනායක, නාලක රත්නායක, සනත් මල්ලිකාරච්චි, උදය තිලකරත්න, ගීතානි චම්පිකා යටිවැල්ල, සන්ධ්‍යා කපුකොටුව යන ගායක ගායිකාවන් නිශාන්ත කරුණාරත්න මහතා ලියූ ගී ගායනා කිරීමට නියමිතය. මෙහි කථනය ප්‍රවීණ නිවේදක චූලාභය ශාන්ත කුමාර හේරත්ගෙනි.


    මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාධ්‍ය ඒකකය මෙම උත්සවය සංවිධානය කරයි.


    මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, විදුලි සංදේශ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න, මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල යන මහත්ම මහත්මීන් ඇතුලු මධ්‍යම පළාත් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, මාතලේ දඹුල්ල නගරාධිපතිවරුන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහභාගිවීමට නියමිතය.

     

    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya