අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් චිත‍්‍රපට උළෙල අදින් ඇරඹේ

    මැයි 20, 2014
    සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන සාර්ක් චිත‍්‍රපට උළෙල අද (20) පස්වරු 5.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වේ.
     
    ඒ අනූව අද පස්වරු 6.30ට ඇෆ්ගනිස්ථාන කෙටි චිත්‍රපටයක්ද, පස්වරු 7.00ට භූතාන චිත්‍රපටයක් වන "Sakteng Metong" වෘතාන්ත චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
     
    අදින් ආරම්භ වන චිත්‍රපට උළෙල 25 වන දින දක්වා ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව ආදී රටවල චිත්‍රපට තෝරාගෙන ඇත. සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
     
    අද පැවැත්වෙන සමාරම්භක අවස්ථාවට සාර්ක් කලාපයට අයත් රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති නිතිඥ අශෝක සේරසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ මහත්වරුන් ඇතුළු ඒ ඒ රටවල් නියෝජනය කරනු ලබන චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද සහභාගීවීමට නියමිතය. 
     
    මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැලී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya