අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කූරගල; වසර 16,000ක් පැරණි ප්‍රාග් ඓතිහාසික භූමියක්

    මැයි 19, 2014
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා බලංගොඩට නුදුරු කූරගල සිදුකරන ලද කැනීම් කටයුතුවල කාල නිර්ණ වාර්තා ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලයිසීස් ආයතනය මඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත එවා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    බීටා ඇනලයිසීස් ආයතනය විසින් කූරගල ප්‍රාග් ඓතිහාසික පස් තැන්පතු සඳහා කාල නිර්ණයන් ලබාදී ඇති බවත් එය අදින් වසර 16,000 සිට 6,000දක්වා අවධි පහකට අයත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ශ්‍රී ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්බැදි පැලැස්සේ සිදුකරන ලද කැනීම්වල කාල නිර්ණය වසර 13,000කට සීමා විය.
     
    කූරගල කැනීම්වලින් අනාවරණය වන තවත් වැදගත් කරුණක් වනුයේ මෙහි ජීවත් වූ මානවයා මුහුද සමඟ සමීප සබඳතා පැවැත්වීමයි. මුහුදේ ජීවත්වන බෙල්ලන් විශේෂයක් මෙම ස්ථානයෙන් අනාවරණය වන පුරාවස්තු අතර තිබීම මෙම නිගමනයන්ට එළඹීමට පිටුවහල් වී ඇත. 
     
    මෙම ස්ථානයේ ජනාවාස සාධක අධ්‍යනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේ දී කැනීමක් සිදුකිරීමට නියමිතව ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
     
    ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසත් ක්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර කාලයට අයත් බෞද්ධ සංඝාරාමයක් වන කූරගල ඓතිහාසික බිමේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන ලෙස භාවිතයට ගැනිණ. මෙම ස්ථානයේ කැනීම්වලදී සම්පූර්ණ මානවයෙකුගේ ඇටසැකිල්ලක් හමුවිය. මෙම ඇටසැකිල්ල වැඩිදුර පර්යේෂණ කිරීම සහ ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාගාරය වෙත යොමු කරන ලදී. මෙම ඇටසැකිල්ල අදාළ සංරක්ෂණ සහ පර්යේෂණ කටයුතු නිමවීමෙන් පසු නොබෝ කලකින් ශ්‍රී ලංකාවට භාරදීමට නියමිතය.
     
    DB
     
    KOORAGALA 1
     
     
     
    KOORAGALA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya