සර්වඥ ධාතු ප්‍රදර්ශනය, උපාසක උපාසිකාවන් 5000කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සීල ව්‍යාපාරය මෙන්ම වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබේ.
මීට අමතරව පාසල් දරුවන් සඳහා පැවැත්වෙන සම්බුදු තෙමඟුල තේමා කරගත් චිත්‍ර තරගයක්ද මෙහිදී පැවැත්වේ.
මෙහිදී 15000ක පමණ පිරිසක් වෙනුවෙන් බත් දන්සැලක් මිහින්තලා පුදබිම අශ්‍රිතව පැවැත්වීමද විශේෂත්වයකි.
මිහින්තලේ මහින්දෝදයාරාමය, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මිහින්තලා සම්බන්ධීකරණ කමිටුව මඟින් මේ විශේෂ වෙසක් කලාපය සංවිධානය කර ඇත.
NDH/SB-dmu anuradhapura