රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා නෛතික ප්‍රතිපාදන පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා නෛතික ප්‍රතිපාදන පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ
  • SocialShare:

බදුල්ල පොලිස් පුහුණු පාසලේ භාෂා පුහුණුව ලබන නිලධාරින් සදහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා නෛතික ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (23) බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ දී පැවැත්විණ.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පුහුණු ආයතනයේ පැය 150ක දෙවන භාෂා පුහුණු පාඨමාලාව හදාරන පොලිස් නිලධාරීන් පනස් දෙනෙකු සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, නෛතික ප්‍රතිපාදන හා භාෂා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

.මෙම වැඩසටහන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කෙරිණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.