අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සහ ප්‍රමුඛ වෙළෙන්දා බවට පත්ව ඇත.

     ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

    ජාතික පෝෂණ මාසයේ අඩු වියදමකින් පෝෂණය සොයමු...දැනුවත් වෙමු. ආදේශක සොයමු. වවමු. බෙදාගමු...

    “මම මීටර් 1.3 ක් උස සහ බර කිලෝග්‍රෑම් 63 ක් වන අවුරුදු 5 ක ළමයෙක්. මම සැහැල්ලුයි. මම ඇවිදිමට ( Jogging) හා තායි චී ව්‍යායාම (Tai Chi) කිරීමට කැමතියි, විශේෂයෙන්ම චීන චෙස්, අක්ෂර රටාවලට (calligraphy )සහ චිත්‍ර ඇඳීමට දක්‍ෂයි. මම උත්සව සත්කාරකයෙක්, නර්තන ශිල්පියෙක්, ආචාර්යවරයෙක් වැනි බොහෝ චරිතවල වැඩ කරමි,,.

    2022 වසරේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී බීජිං (Beijing) වායු දූෂක සාන්ද්‍රණය අවම මට්ටමක පැවැතිණි.

    පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීමේදී කිසිඳු පුද්ගලයෙක් පසු නොබැසිය යුතුය යන්න චීනයේ අධිෂ්ඨානය වී තිබේ.

     

    පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් වෙමු- කල්තියා හඳුනාගැනීමෙන් වියදම් අඩුකරගමු

    ලෝක හදවත් දිනය අදයි

    සැප්තැම්බර් 29, 2022

    වසර 2000 සිට ජාත්‍යන්තර වශයෙන් හදවත් දිනය ලොව පුරා සමරනු ලබයි.

    HIV ගැන අලුත් කතාව

    අප්‍රේල් 27, 2022

    HIV ගැන අලුත් කතාව...

     ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 108 ක් රැගෙන, මත්තලට පැමිණි පළමු වානිජ ගුවන් ගමන සිදුවී වසර 09 යි

    ''අපිට අවශ්‍ය හැම සම්පතක්ම මෙහෙ තියෙනවා මහත්තයො. කුරුඳු, ගම්බිරිස්, එළවළු, පළතුරු ඒ ඕන දෙයක් මේ පොළොවෙ වැවෙනවා . අපිට අඩුවකට තිබ්බේ ගමට එන්න පාරයි,ලයිටුයි තමයි.'' අපි ඔහු සමග ගම පුරා සංචාරය කළෙමු . ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර ගම්මානයක් වූ හල්දුම්මුල්ල, වෙලංවිට ගමේ තරුණයෙකි. නමින් මංජු ප්‍රශාන්ත . වයස අවුරුදු 36කි. ''

     

    b1

    දුල්ල දිස්ත්‍රික්කයේ වෙලංවිට හලුදුමුල්ල ග්‍රාමය , මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර පිහිටි දුෂ්කර ගම්මානයකි. ගමට යාමට මාර්ග පද්ධතියක් නොමැති වීම, මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් ප්‍රධාන ගැටළුවකි. කිසිදු සංවර්ධනයක් නොමැතිව හුදෙකලාව සිටි මෙම ගමේ ගම් වැසියන් නගරයෙන් බොහෝ දුරස් වී සිටියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ආරම්භ කළ ගම සමග පිළිසඳරක් පළමු වැඩසටහන ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මලුල්ල ප්‍රදේශයේ කුමාරතැන්න සහ වෙලංවිට ග්‍රාමයන් කේන්ද්‍ර කර ගනිමිනි.

    ගම්වල ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කොට විසඳුම් දීමේ අරමුණින් 2020 සැප්තැම්බර් 25 වන දින “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන ආරම්භ කරන ලදී. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ වෙලංවිට සහ අක්කරසිය ග්‍රාම නිලධාරි වසම් පාදක කරගනිමින් කුමාරතැන්න, කළුවල, පතිනිගොල්ල, මැදමූකලාන සහ වෙලංවිට ගම්මාන මුල්කරගනිමින් මෙහි පළමු වැඩසටහන ආරම්භ කරන ලදී. ඒම ප්‍රදේශයේ ජනතාව පෙන්වා දුන් සහ එහිදී හදුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා අදාළ බලධාරින් වෙත පවරනු ලැබීය.

     

    ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රතිලාභ අද ඒම ජනතාව බුක්ති විඳිමින් සිටියි. අද වන විට අක්කර 100 පාලම අසල සිට කුමාරතැන්න විදුහල දක්වා මාර්ගය සහ කුමාරතැන්න විදුහලේ සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇත.

     

    ha3

    මෙම ප්‍රදේශයේ ජනතාවට තවත් විශාල අඩුපාඩුවක්ව පැවති විදුලිය ලබා දෙමින් කළුවල,අක්කර 100 , වෙලංවිට සහ කුමාරතැන්න යන සියලුම ගම්මාන ආවරණය වන පරිදි විදුලි සැපයුම ලබා දී තිබේ. ඒ අනුව මාස තුනක් තුළදී නිවාස 83කට විදුලිය ලබා දී තිබේ. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 54කි.

     

    කැලෑවෙන් වට වූ මෙම ගම්මානයේ ජීවත් වූ ජනතාව මුහුණ දුන් තවත් ප්‍රධාන ගැටළුවක් වූයේ වන අලි තර්ජනයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණීමට පෙර දින රාත්‍රියේ වෙලංවිට ගමේ නිවසක්, වන අලි ප්‍රහාරයට ලක් විය. ජනපති උපදෙසින් කඩිනමින් නව නිවසක් ඉදි වූ අතර අද වන විට එම නිවස අදාළ නිවැසියන්ට ලබා දී තිබේ. දියතලාව ආරක්ෂක සේවා මූලස්ථානයේ සෙබළුන් නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දී තිබේ.

     

    ha4

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වී වසර ගණනක් අක්‍රීයව පැවති කිලෝ මීටර 6ක දිගින් යුතු අලි වැටද ප්‍රතිසංස්කරණය කර නැවත සක්‍රිය කර තිබේ. විදුලි වැට ක්‍රියාත්මක වීම සඳහා සූර්ය පැනල සවි කර තිබේ.

    ප්‍රදේශයේ වනජීවී නිලධාරී සහ විදුලි වැටභාරනිලධාරී ඒච්. ආර් .ප්‍රියදර්ශන මහතා අප සමග පැවසුවේ, මෙම විදුලි වැට ආරක්ෂාකර ගැනීමට සෑම කිලෝමීටරයක් සඳහාම එන් අයෙකු බැගින් සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු සේවයේ යොදවා ඇති බවයි.මීට අමතරව අලින් ගම් වැදීම වැලැක්වීම සඳහා හණ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබේ. මේ වනවිට හණ පැල 32,400ක් සිටුවීමට සූදානම් කර ඇති අතර ඒයින් පැළ 21,000ක් පමණ සිටුවා තිබේ. ප්‍රදේශයේ භූ විෂමතාවයට අනුව අගල් කැපීම සුදුසු නොවන බැවින් මෙම හණ වගා ව්‍යාපෘතිය ප්‍රථම වරට ආරම්භ කර තිබේ.

    මෙම ප්‍රදේශයේ දරුවන් සඳහා ඇත්තේ එක් පාසලක් පමණි. ඒ අක්කරසීය කුමාරතැන්න විද්‍යාලයයි. වර්තමානයේ ළමුන් 20ක් අධ්‍යපනය ලබන අතර , ගුරුවරුන් 05 දෙනෙක් මෙම විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු වල නිරත වෙති. විද්‍යාලයේ පන්ති පැවැත්වෙන්නේ 01 ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණිය දක්වා පමණි. කුමාරතැන්න විදුහලේ විදුහල්පති ඒම් කේ රාජිත වීරසේකර මහතා පැවසුවේ ශිෂ්‍ය පදනම මත පාසලට ගුරුවරු ලබා දී ඇති බවයි. විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම ඒම සිසුන්ගේ භාෂා හැකියාව සහ ආත්මාභිමානය ගොඩනගමින් අධ්‍යාපන කටයුතු සිදුවෙන බව විදුහල්පතිවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කුමාරතැන්න විදුහල සඳහා නව ගොඩනැගිලලක් ඉදි වූ අතර සනීපාරක්ෂාව සඳහා ක්‍රමවත් වැසිකිළි පද්ධතියක් ඉදි කරතිබේ.තවද ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වය සහිතව ඉදි වූ කොටබෝගස්තැන්න ක්‍රීඩා පිටියේ ඉදිකිරීම කටයුතු අවසන් කර තිබේ.

     

    ho5

    විදුහල්පති රාජිත වීරසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රාථමික සහ ද්විතීක පන්ති පැවැත් වුවද උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන දරුවන්ට නගරයේ ඇති වෙනත් පාසල් කරා යාමට සිදු වනබවයි. ඉතා දුෂ්කර ගමනක් ගෙවා දිනපතා නගරයට යාම අසීරු හෙයින් බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය අතරමග ඇනහිටි බව පෙන්වා දුන් විදුහල්පතිවරයා ගමසමග පිළිසඳරක් වැඩසටහනින් පසු මාර්ග පද්ධතිය නවීකරණය වීම සහ සන්නිවේදන කුළුණු ඉදිකිරිම හරහා මෙම ගැටළු විසඳී ඇති බව පෙන්වා දුන්නේය.

    තවද එතෙක් අඩුපාඩුවක් පැවති පානීය ජල පහසුකම් ලබා දෙමින් ජලසම්පාදනය හා සනීපාරක්ෂාව වැදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෙලංවිට ගම්මානය වෙත පානීය ජලය සැපයීම ලබා දී තිබේ. ලීටර් 20,000ක ධාරිතාවකින් යුත් ජල ටැංකියක් ඉදිකර කිලෝමීටර් 9 ක් දුරට ජල සැපයුම ලබා දී තිබේ. කොළඹින් ගිය අපේ කණ්ඩායමට ගමේ ආහාර වේලක රස බැලීමට හැකි විය. මේවට වස විස මුකුත් ගහල නැහැ. ගැමියෙක් අප සමග කීවේය.

    ඌව වෙල්ලස්ස කැරැල්ලෙදි ,අපේ මුතුන් මිත්තො පිරිසක් ආරක්ෂා වෙන්න හිතාගෙන කැලෑව ඇතුළට ගියා.ඒහෙම ආපු පිරිසකගෙන් තමයි මේ ගමේ මිනිස්සු පැවතගෙන ඒන්නේ . ඒසේ කිව්වේ කුමාරතැන්න අක්කර 100 පදිංචි ඒම් ජී බේබිනෝනා( වයස අවුරුදු 70) මහත්මියයි.

    හල්දුමුල්ල ගම්මානයේ පවුල් ඒකක 85ක් පමණ ජීවත් වෙති . මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කුරුඳු සහ ගම්මිරිස් යන සුළු අපනයන බෝග වගාවයි. ප්‍රධාන භෝග වගාවක් වූ ගම්මිරිස් සැකසුම් මධ්‍යස්ථානය ඉදිකිරීමටද මෙම වැඩසටහන හරහා කටයුතු කරන ලදී. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් - ගයානි රණතුංග මහත්මිය පැවසුවේ ඒ් සඳහා රු මි 1.5ක මුදලක් වැය වූ බවයි.

    අද වන විට හපුතලේ සිට අක්කර 100 කුමාරතැන්ත දක්වා දිනපතා ශ්‍රී ලංගම බස්රථ දෙකක් හා පුද්ගලික බස්රථයක් ධාවනය වේ. තවද වෙලංවිට දුරකථන සංඥා කුළුන ඉදි කරමින් සියළුම දුරකථන සබඳතා ජාල ලබා දිමට කටයුතු කර තිබේ.

    g6

     

    ga3

    මෙම නිරීක්ෂණ චාරිකාවට අප සමග ඒක්වූ බදුල්ල දිසාපති දමයන්ති පරණගම මහත්මිය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වූ වෙලංවිට ගම්වැසියන්ගේ යටිතල පහසුක්ම් දියුණු කරමින් ආර්ථික, අධ්‍යාපනික, පහසුකම් දියුණු කරමින් ජීවන තත්වය උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ගම සමග පිළිසඳරක් වැඩසටහන මූලික වු බවයි. මෙම ගම්මානයේ වැසියන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් හෝ නොතිබුණු බව ඇය පෙන්වා දුන්නාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බෝගහපැලැස්ස රක්ෂිතයක් බවට ප්‍රකාශ කර තිබූ මෙම ගම්මානයේ වැසියන්ගේ ඉඩම් ගැටළු නිරාකරණය කිරීම මේ වන විට සිදුවන බවද ඇය සඳහන් කළාය. ගැසට් නිවේදනයක් මගින් මෙම ඉඩම් වල රක්ෂිත භාවය නිදහස් කර ගම්වැසියන් ජීවිත කාලය පුරා බුක්ති විඳි ඉඩම් අයිතිය ඒම ජනතාවට ලබා දීමට කටයුතු කළ බවද ඇය සඳහන් කළාය

    සීමිත පහසුකම් සමග ජීවත් වූ මෙම ජනතාවගේ වැසියන්ගේ ආකල්ප සිතුම් පැතුම් වෙනස් කරමින් නව ජවයක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව ඇය පෙන්වා දුන්නාය. ''අදවන විට මේ ගමේ විදුලිය නැති ගෙවල් ඇත්තේ 02ක් පමණයි. ඒ් ගෙවල් දෙකටත් ඉදිරියේදී විදුලිය ලබා දෙනවා.''

    “ගම සමඟ පිළිසඳර“ වැඩසටහනේ ආරම්භක පියවර තැබූ බදුල්ල, හල්දුම්මුල්ල-වෙලන්විට ගම්මානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට අවසන් වී තිබේ..මෙවැනි අති දුෂ්කර ගම්මානයක් සංවර්ධන කෙරුණේ, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් බව ගම්වාසින් අප සමග පැවසීය. ඔවුන් පෙන්වා දෙන්නේ. බදුල්ල හල්දුම්මුල්ල ගම්මානයේ ජනතාව කලක සිට අත්විඳි ආර්ථික හා සාමාජිය ගැටලු රැසකට විසඳුම් ලැබී ඇති බවයි. .ඒ අනුව පාසල්, විදුලිය, ගමනාගමනය, පානීය ජල ගැටලුවට ද විසඳුම් ලැබී තිබේ. වන අලි උවදුරට විසඳුම් ලෙස අලි වැටක් ද ඉදිකර තිබේ.

    නගරය සමග හුදෙකලා වී හඩක් නොමැතිව සිටි මෙම අසරණ ගම්වාසින්ට හඩක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි විය. අද වන විට යටිතල පහසුකම් වැඩිදියුණු වී , ජනතාවගේ ජීවන තත්වය සංවර්ධනයට පැවති බාධා ඉවත් වී තිබේ.

    සංචාරයකින් පසු ලිව්වේ- ප්‍රභාෂිණී දේශබන්දු

     ලෝක ශ්‍රවණ දිනය- ජීවිත කාලයම ඇසීමට ප්‍රවේශමෙන් ඇහුන්කම් දෙන්න...

    වත්මන් ලෝකයේ බහුතරයක් මුහුණපා සිටින ගෝලීය වසංගතය කොරෝනාවයි.

    1864 දෙසැම්බර් මස 27 දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය ගමන සිදු වී අදට වසර 157 කි.

     

    ආහාර අර්බුදයට විසඳුමක් - ජන 'දිවි නැඟුමට '' මානුෂිය පියවරක්

    ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01 වන දින යෙදී තිබේ.

    අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු

    21 වන සියවසේ නිර්මාණය වූ දැවැන්තම බෞද්ධ සිද්ධස්ථානය - සඳහිරු සෑය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya