අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    අප්‍රේල් මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ ජනතාව නොමග යවන ආකාරයේ පුවත්, විශේෂාංග තව දුරටත් පුවත්පත්වල දක්නට ලැබේ.

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අප්‍රේල් මස (10) දින සිට මඟී ජනතාවගේ පහසුව සඳහා ක්‍රියාත්මක කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කථානායක කරු ජයසූරිය මැතිතුමා සහ මහලේකම් ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා පත් කෙරේ.

    විශ්වාස භංගයේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධක්ෂ විමල්කැටපෙආරච්චි මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සමග ඊයේ (02) ඇමැතිවරයාගේ නිලනිවසේදී පැවැත්වු සම්මුඛ සාකච්ඡාව.

    ප්‍රශ්නය- මොකක්ද මේ විශ්වාස භංගය?


    පිළිතුර- මම හිතනවා හතරවෙනිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් ඡන්දය පැවැත්වෙනවා. යළි වතාවක් ඉතිහාසයේ මේ අවස්ථාව දෙස හැරී බලනකොට මෙය තේ කෝප්පයක කුණාටුවක් හැටියට සලකන බව ස්ථීරයි.නමුත් තේ කෝප්පයක කුණාටුවක් වුනත් මේ විශ්වාසභංගය හරයා මේ රටේ අනාගතය ගැන තීන්දු රාශියක් යළි ගන්නට අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා. ඇත්තවශයෙන්ම ජනවාරි අට වෙනිදා 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදියට පත්වෙලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරගෙන අන්ධකාරයෙන් ආලෝකය කරායන ගමනක් අපි ආරම්භකරා ඒ ගමන අපි අභියෝග රාශියක් මැද්දේ ඉදිරියට ගෙනැල්ලා තිබෙනවා. හතරවෙනිදා අපි තීන්දු කරන්නේ ඒ ආලෝකය කරා යන ගමන ඒ ආකාරයටම එදාටත් වඩා වේගවත්ව එක්සිත්ව එක්සත්ව ඉදිරියට යනවාද එහෙම නැත්නම් යළි වතාවක් අන්ධකාරය දිහාවට මේ රට ඇද ගෙන යන්න ඉඩදෙනවාද කියන තීන්දුවයි අපි හතරවෙනිදාට ගන්න තිබෙන්නේ.


    ප්‍රශ්නය - සමහරු මේක අර්ථ දක්වන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ අගමැතිවරයා ඉවත් කිරීම කියන කාරණයට මේක
    ලඝු කරලා. ඔබ කියන විදියට 2015 ජනවාරි අටට මේක සෘජුවම සම්බන්ධයි.


    පිළිතුර- අනිවාර්යයෙන්ම. මොකද ජනවාරි මාසේ අටවෙනිදා ඒකාධිපතිත්වය කරා යන රටක් ඒකාධිපති වියරුවෙන් පවුල්වාදයේ වියරුවෙන් ඒ වගේම චෞරවාදයේ වියරුවෙන් මහා විනාශයක් කරා ගිය ගමනක් අපි මේ රටේ ජනතාව සමග අත්වැල් බැදගෙන නවත්වලා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සහ සංහිදියාව කියන ප්‍රධාන කුළුණු තුන මුල් කරගෙන යන ගමනක් ආරම්භ කරා නමුත් ඒ මොහොතේ සිටම ඒ පසුගිය චෞර රාජ්‍ය ක්‍රමයෙන් වාසි ගත්තු අය බලයේ හිටපු අය ඒකේ හිටපු අනෙකුත් අනුග්‍රහයකයන් දිගින් දිගටම රජය දුර්වල කරන්න විනාශ කරන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ තනතුරෙන් නෙරපන්න කුමන්ත්‍රණය කරා කියන එන අපිට රහසක් නෙමෙයි. නමුත් ජනවාරි අටවෙනිදා විතරක් නෙමෙයි යළි වතාවක් මේ අය ජාතික මැතිවරණයකින් මහා මැතිවරණයේදීත් මේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරා. ඉන් පසුව තමයි මේ කණ්ඩායම මේ විවිධ උපක්‍රම මේ රජය දුර්වල කරන්න, විශේෂයෙන්ම අද මේ අයගේ හොරකම් මැර කම් දූෂණ ගැන සොයමින් තියෙන මොහොතක කොහොම හරි අපි ඒවා උසාවි වල දැන් ඉදිරිපත් වෙන කරුණු ක්‍රමක් ක්‍රමයෙන් එනවා. ඒ කරපු හොරකම් මැරකම් මිනී මැරුම් ආදිය එක රාත්‍රියකින් අවුරුද්දකින් දෙකින්වත් හොයාගන්න පුළුවන් දේවල් නෙමෙයි නමුත් දැන් ඒවා එන නිසා තවත් කලබල වෙලා මේ නඩු සියල්ල යටපත් කර ගන්න තියෙන වුවමනාව යළි බලයට ඇවිල්ලා ඒ අයට අහිමි වුන ඒ චෞර රාජ්‍ය ක්‍රමය ඇති කරන්නටත් මේ අය දැන් ගෙනැල්ලා තිබෙන අලුත්ම උපක්‍රමය තමයි අගමැතිවරයාට පමණක් නොවෙයි විශ්වාස භංගය රජයටත් එරෙහි විශ්වාස භංගයක් කියන එක පැහැදිලිවම සඳහන්වෙනවා. අන්න එහෙමනම් ඒකාබද්ධ විපක්ෂයේ අය මේකට වැඩිපුර අත්සන් කරත්, ඒ අයගේ ඒජන්තවරුන් රජයේ ඇතුලේ ඒ අයගේ ඉන්න ඒජන්තවරුත් එකතුවෙලා විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශාලම ශක්තියක්වෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිකරන්නට පරිත්‍යාග කරලා අවංකවම මහා කැපවීමක් කරපු අග්‍රාමාත්‍යතුමා ඒ අයගේ ප්‍රථම ඉලක්කය වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා මෙතනින් අයින් කර ගත්තොත් ඒ අයට ඡන්දය දෙවතාවක් පැරදිච්ච මේ කණ්ඩායම් වලට පස්ස දොරෙන් ජනාධිපති පුටුවට ඒමේ වැඩපිළිවෙලක පලවෙනි පියවර හැටියටයි මම දකින්නේ.

     

    ප්‍රශ්නය- සමහරු විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමා සහ රජය අතරත් ගැටුමක් තිබෙනවා කියලා. ඒක ඇත්තක්
    තියෙනවාද මොකක්ද මේක


    පිළිතුර - ඇත්තවශයෙන්ම ජනාධිපතිතුමා සහ රජය අතර ගැටුමක් කිසිසේත්ම නැහැ. මොකද පක්ෂ දෙකේම අය ජනාධිපතිතුමාට ඉතාමත් ගරු කරනවා එතුමා බොහෝම ප්‍රසන්න හැමදේටම අහුම්කන දෙන පුද්ගලයෙක්. නමුත්
    ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තමන්ගේ පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක් සමතුලනය කරන්නට එතුමාට සිදුවෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඡන්දයෙන් පස්සේ ඡන්දය දින්නායින් පස්සේ එතුමා ජනාධිපතිවරයා වන දවස වෙනකනුත් එතුමාට අභූත චෝදනා කරපු එතුමාට බැනපු එතුමාට කුණු හරුප කියපු පිරිසක් යළි වතාවක් ඇමැතිධූර සඳහා ආණ්ඩුවට එකතු වෙලා ඒ අය තමයි ඇත්ත වශයෙන්ම මේ කණ්ඩායම මෙහෙයවීමේ කටයුතු
    මෙහෙයවන්නේ නමුත් එතනදීත් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නායකයා හැටියට පොදු ජන එක්සත් පෙරමුණේ නායකයා හැටියට මධ්‍යස්ථ පිළිවෙතක් ගෙනයන්නට සිදුවෙලා තිබෙනවා.


    ප්‍රශ්නය- දේශපාලන විචාරකයෝ මේ ආණ්ඩුවට විවිධ විවේචන ගේනවා. ඒ අතර අතුරුදහන්වුවන් සම්බන්ධව
    ආණ්ඩුව කටයුතු කිරීමට ගත් නව පියවර, තොරතුරු දැනගැනිමේ පනත, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගත්
    අලුත් පියවර මේවා සාධනීය ලක්ෂණ හැටියටත් විචාරකයෝ දකිනවා. දැන් විශ්වාස භංගයෙන් පස්සේ මේ
    ඔක්කොම හොඳ වැඩ රිවස් වෙයිද කියන ප්‍රශ්නය තිබෙනවා.


    පිළිතුර- නැහැ කොහොමද රිවස් වෙන්නේ රිවස් වෙන්න අපි පරිදින්න එපායැ. කිසිම හේතුවකින් මේ විශ්වාස භංගය අපි පරදින්නේ නැති බව මම මේ කේන්දර බලලා, සාස්තර බලලා, තාරකා දිහා බලලා කියන දෙයක් නෙමෙයි
    ප්‍රායෝගිකව පාර්ලිමේන්තුව ඇතුලේ තිබෙන තතත්වය දැනගෙන කියන දෙයක්. මොකද එක පැත්තකින් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ ඇගමැතිතුමාට විශාල ගෞරවයක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් ඒ ගෞරවය සමහරුන් තුළ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා විය යුතුයි පක්ෂ නායකයා විය යුතුයි කියන තීන්දුව අරගෙන තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඒ අය මෙම යෝජනාවේදී ගන්න තීන්දුව ගැන මට කතා කරන්න බැහැ ඒ ගැන දන්නෙත් නැහැ. නමුත් ඒ අය අපිට කියලා තිබෙනවා කිසිම හේතුවකට යළි අර චෞර යුගයට යන පාර ලෑස්ති කරන්න එතුමන්ලා සම්මාදන්වෙන්නේ නැති බව. ඒ වගේම ටීන් එන් ඒ සංවිධානයත් විශේෂයෙන්ම ආගම්වාදී ජාතිවාදී පසුගිය යුගය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන නිසා ඒ අයත් සහයෝගය දෙන කටයුත්තට නොලැබෙනවා කියලා අපි
    දන්නවා. මෙතන ප්‍රධාන සාධකය තමයි කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. මොකද ජනාධිපතිතුමා වුනත් එතුමා කරපු කැපවීම හොඳින් දන්නවා. මොකද ඉතිහාසය දිහා බැලුවාමත් පක්ෂ නායකයෙක් තමනගේ තමන්ට හිමිවිය යුතු අපේක්ෂකත්වය සාමාන්‍යයෙන් දින්නත් පැරදුනත් ලෙහෙසියෙන් අත් හරින්නේ නැහැ. මට මතකයි 1988 ජනාධිපතිවරණයේදී මම මාතර ආසනයේ සංවිධායකවරයා හැටියට මුල් වතාවට පත්වෙච්ච අවස්ථාවේ මීට අවුරුදු තිහකට ඉස්සෙල්ලා ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට මුහුණ දෙන්න ඒත් ඒකාබද්ධ විපක්ෂයක් ඇතිකරන්න සාකච්ඡා කරා. මුස්ලිම් කොන්ග්‍රසය, ලිබරල් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් ආවා මේ සාකච්ඡාවට සහභාගී වෙන්න. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය, රුක්මන් සේනානායක මේ යුගයේ අපි අලුතින් ආපු අය අපිට තවම මතකයි මේ වගේ පොදු වේදිකාවක් හදන්න සාකච්ඡා කරපු වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට මම ඉතාමත් ගරු කරනවා මම ඉතාමත් ආදරය කරන නායිකාවක් නමුත් ඒ වෙලාවේ එතුමිය ඇරෙන්න වෙන පොදු අපේක්ෂකයින් දාන්න කැමැති වුනේ නැහැ ඒක ප්‍රතික්ෂේප වුනා. අපිට මතකයි 1982දී එතකොට මැතිණියගේ ප්‍රජා අයිතිය දුන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපෙක්ෂකයා හැටියට හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ආවා.නමුත් ඇත්ත වශයෙන්ම කියන්න ඕන දාල පැරැද්දුවා. දාන්න වුවමනාවට දාලා පක්ෂය විසින්ම කොබ්බෑකඩුව මහත්මය පැරැද්දුවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම දෙයක් එතුමාටත් කරන්න තිබුනා ඕනනම්. එක්කෝ දින්නත් පැරදුනත් මට මේ අපේක්ෂකත්වය ඕනමයි කියලා එතුමාටත් කියන්නත් තිබුනා. ඕනනම් එතුමාට ඉල්ලන්න තිබුණා මොකද ඒකටත් ඒකට හොඳ කතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා මට මතකයි 2005ට ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒ අපේක්ෂකත්වය තීන්දු කරන්න රැස්වීමට ඉස්සෙල්ලා අපි කතා කර කර ඉන්න කොට මහින්ද රාජපක්ෂ හිනා වෙවී කිව්වා මට මේ අපේක්ෂකත්වය ගත්තයින් පස්සේ මට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ජනාධිපතිපති අපේක්ෂකයෙක් වුනාම දින්නත් දිනුම් කිව්වා පරාද වුනත් දිනුම් කිව්වා. මොකද ඒකෙන් අදහස් කළේ ඇත්තවශයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයෙක් වුනාම පුදුම සල්ලි ප්‍රමාණයක් මැතිවරණයට හම්බුවෙනවා. පරාද වුනත් ඒ මැතිවරණ ආධාර විශාල ප්‍රමාණයක් එක්ක ගෙදර යන්නේ.ඒකත් දිනුමක්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා එහෙම හිතුවානම් එතුමා ඒ කටයුත්තත් ඒ විදියට 2015 දී කරන්න තිබුණා. නමුත් එතුමා ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා පොදු අපේක්ෂකයා වියයුතුයි කියපු වෙලාවේම බොහොම සන්තෝෂයෙන් ඒකට එකඟවුනා විතරක් නෙමෙයි, බොරුවට එකඟ වෙන්න තිබුණා නමුත් ඇත්ත වශයෙන්ම මුළු පක්ෂයම මුළු එක්සත් ජාතික පක්ෂයම එකාමෙන් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරා. කබීර් හෂීම් මැතිතුමා, මලික් සමරවික්‍රමලා, සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලා මට මතකයි එදා තමන්ගේම අපේක්ෂකයෙක් දිනවන්න තියෙන උනන්දුවෙන් කටයුතු කරලා දිනෙව්වා. එතනදී අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙත් තිබෙන චිරිත ලක්ෂණ නිසා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තිබෙන අවංක භාවය පිරිසිදු භාවය නිසා ඒකත් දිනන්න අනිවාර්යයෙන්ම හේතුවක් වුනා. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කැපවීම තිබුනේ නැත්නම් ඒ ජයග්‍රහණය ඔය තරම් පහසුවෙන් ලබා ගන්න පුළුවන්වෙයි කියා මම හිතන්නේ නැහැ. ඒක නිසාම තමයි ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ගත්තායින් පස්සේත් මට මතකයි ජෝන් කෙරී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමාගේ රාජ්‍ය ලේකම්තුමා ලංකාවට ආපු වෙලාවේදී 2015දී එතුමා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මමත් එක්ක එළියට එනකොට එතුමා කිව්වා මට නම් හිතෙනවා මංගල ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමා කියන්නෙත් තවත් නෙල්සන් මැන්ඩලා කෙනෙක් කියාලා එහෙමම කිව්වා. එහෙම කියලා කිව්වා මම අගමැතිතුමාත් හම්බවුනා එතුමාත් ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක් එතුමාට සිංගප්පූරුවේ ලී ක්වාන් යු ගෙ ලක්ෂණ තිබෙනවා. එහෙමනම් ලංකාවට පුදුම වාසනාවන්ත මොහොතක් උදාවෙලා තිබෙන්නේ නෙල්සන් මැන්ඩෙලායි ලී ක්වාන් යුයි එකම ආණ්ඩුවකට ඇවිල්ලා රට හදනවා වගේ කිව්වා මේක. ඒතරම් බලාපොරොත්තු තිබුණා.අපි ඒ බලාපොරොත්තු සියල්ල ඉටු නොකරත් ඇත්ත වශයෙන්ම මේ කාලය තුළදී විශේෂයෙන්ම අපේ ආර්ථිකය දැන් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ජනාධිපතිතුමාගෙත් උපෙදස් මත රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි ඇත්ත වශයෙන්ම ආර්ථිකය මෙහෙයවුවේ.

    එතුමා මහා ණය බරකින් හෙම්බත්වෙච්ච රටක් භාරගත්තා. නමුත් ඒ ණය බරටත් කර ගහලා මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අපි ගෙවනවා ට්‍රිලියන එකයි දශම නමයක්. එන අවුරුද්දේ ට්‍රිලියන හතරයි ගාණක් ගෙවන්න වෙනවා. නමුත් ඒවාටත් මුහුණ දෙන්න පුලුවන් විදියට ආර්ථිකය හැදුවා ඒ හදපු නිසා තමයි මේ වසරේ මුල වෙනකොට 2017 වසර වල තමයි නිදහසින් එක්දහස් නමසිය පනස් ගණන් වලින් පස්සේ අපේ ප්‍රාථමික ගිවිසුමේ අතිරික්තයක් පෙන්නුවේ. විශාල ජයග්‍රහණයක් 2017 තමයි අපි අපනයනය කරන භාණ්ඩ වැඩියෙන්ම පිටරට යැව්ව වර්ෂය හැටියට වාර්තා වෙලා තිබුනේ. විදේශ ආයෝජන වැඩියෙන්ම ආපු වසර හැටියට වාර්තා ගත වුනේ.

    මෙන්න මේ විදිහට ආර්ථිකය මහා කුණු කන්දකින් වැහිච්ච ආර්ථිකය දැන් අපි ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රමක් ක්‍රමයෙන් ගොඩ නගමින් සිටිනවා. ඒ වගේම ඉදිරි වසර එක හමාර තුළදී මේ ආර්ථිකයේ තවත් ප්‍රථිලාභ රාශියක් ජනතාවට දැක ගන්න පුලුවන් වෙයි. මේ හැම එකක්ම අපි ඇත්ත වශයෙන්ම කුහක වෙන්නේ නැතිව අපේ අගමැතිතුමාට ගෞරව මුලිකව දීලා ඉන්න ඕන. මෙතන මොකක්ද මේගොල්ලන් මේ කියන්නේ විශ්වාස භංග යෝජනාව
    ගෙනැල්ල තිබෙන්නේ මොකටද අර මොකක්ද එක මහ බැංකුවේ බොන්ඩ් එක ගැන කතා කරනවා. ඔව් අපිත් කියනවා එතන විශාල වංචාවක් වෙලා තිබෙනවා. නමුත් ඒ වෙච්ච වංචාව ගැන හොයන්න අපේ රජය තමයි ඒ අවශ්‍ය චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ලබා දුන්නේ. විශේෂයෙන් මට මතකයි 2015 අගෝස්තු මාසයේ ඡන්දෙන් ඉස්සෙල්ලා මමම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිහිප දෙනෙක් හමුවෙලා කිව්වා ඕගොල්ලන් වෙනම තරග කරත් අපි කැමැතියි අපේ ආණ්ඩුව පිහිටෙව්වොත් කෝප් ආයතනය පාර්ලිමේන්තුවේ තිබෙන මුල්‍ය ගිණුම් සම්බන්ධයෙන් තිබෙන කාරක සභාවල සභාපතිත්වය විපක්ෂයට දෙන්න. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට දෙන්න එහෙම කියලා මම විහිළුවටත් කිව්වා මොකද ජනතා විමුක්ති පෙරමුණ අපටත් වඩා දක්ෂයිනේ හොරු අල්ලන්න. ඒ අගමැති තුමාගේ පණිවිඩය මම ජෙවීපී එකට ගෙනිච්චේ. හොරකම් කරන්න බලාපොරොත්තු වුන ආණ්ඩුවක්නම් අපි විපක්ෂයට ඕක දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වගේම ආණ්ඩුවේ කීකරු ගෝලයෙක් ඇමැතිවරයෙක් ඔතන සභාපතිත්වයේ තියාගෙන අපිටත් මේ කාලයේ යන්න තිබුණා. නමුත් මේ ගැන මුලින්ම පරික්ෂණයක් ඉල්ලුවේ අගමැතිතුමා එපමණක් නොවෙයි පරික්ෂණය ඉල්ලලා නිහතමානීව ජනාධිපති කොමිසමට ගියා. ගිහිල්ලා සාක්කිත් දුන්නා. ඒ විතරක් නොවෙයි අන්තිමට මේකේ නැතිවුනයි කිව්ව ඒ විශාල මුදල තාමත් බැංකු ගිණුමක අත්හිටවලා ඒ මුදල තිබෙනවා. දැන් අපි නීති රීති ගෙනැල්ලා ඒ මුදල ලබා ගන්න පුලුවන් ලංකාවට රටට රජයට සතයක්වත් අඩු නැතිව.

    නමුත් අද වෙනකොටත් හිටපු මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ එහෙම නැත්නම් හිටපු මහ බැංකු අධිපති ඒ කාලේ මේ වගේ ගොන් වංචා ට්‍රිලියන ගණනක වෙලා තාමත් ඒවා ගැන හොයා ගන්න මුකුත් නැහැ. ඒවා ගැන හොයන්නෙ නැතිව හොරු අල්ලන්න වංචා දූෂණ අල්ලන්න ක්‍රම වේදයන් නිර්මාණය කරපු පුද්ගලයාට එරෙහිව ඇගිලි දික් කරන්නේ කවුද?. ඇත්ත වශයෙන්ම මේකට ඇගිලි දික් කරන අය මේකට වැඩිපුර මහන්සි වෙන දුවන ඔය විපක්ෂයේ අය බහුතරයක් ඒ අයට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ අයට වංචා දූෂණ රාශියක් තිබෙනවා ඒවා හොයන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පෙරළා ගන්නයි ඒගොල්ලන්ට ඕන. දැන් එක පැත්තකින් ඒ අය චෝදනා කරනවා ඇගමැතිතුමා මේ ආණ්ඩුව රාජපක්ෂලාව රකිනවා කියලා. නමුත් රාජපක්ෂලාව රකිනවානම් රාජපක්ෂලා අත්සන් කරපු මහින්ද රාජපක්ෂ උන්නැහේ අත්සන් නොකරපු එක ඇත්ත නමුත් නාමල් රාජපක්ෂ ඇතුලු අනිත් අය සියල්ල අත්සන් කරපු ඒ අයගේ පුර්ණ අනුග්‍රහය ලැබෙන විශ්වාස භංගයක් තමන් ආරක්ෂා කරන අගමැතිවරයාට එරෙහිව ගෙනෙයිද කියලා මම අහනවා. ඉතින් මේ ඔක්කොම බොරු කතා. මේකේ පිටිපස්සේ තිබෙන්නේ අගමැති තුමාගේ කතාවක් නෙමෙයි ඊට වඩා බරපතල මේ රට ආපස්සට ගෙන යාමේ කුමන්ත්‍රණයක්.

     

    ප්‍රශ්නය- මේ සියලු තත්වයන් මැද ඔබ කියන්නේ විශ්වාස භංගය ඔබේ පාර්ශවය නියත ජයග්‍රහණයකින් ජය
    ලබනවා කියලා.


    පිළිතුර- ඔව් අනිවාර්යයෙන්ම


    ප්‍රශ්නය - මම අහන්න කැමැතියි විශ්වාස භංගයෙන් ඔබ කියන ආකාරයෙන් ඔබේ ජයග්‍රහණයෙන් පසු
    ආණ්ඩුවටත් විවේචන නොතිබුනා නෙමෙයි මේ අවුරුදු දෙක තුන තුළ


    පිළිතුර.- අනිවාර්යයෙන්ම විශාල විවේචන ප්‍රමාණයක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා.


    ප්‍රශ්නය - ඒ විවේචන කුමන ආකාරයකින්ද තේරුම් ගෙන මෙතනින් එහාට ගමන් කරන්නේ.


    පිළිතුර - ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක තිබෙන ප්‍රධනතම විවේචනය අපි ජනවාරි අට බලයට ගෙනා බලවේගයන් හුදකලා කිරීම. ආණ්ඩුවට තිබෙන ප්‍රධානම විවේචනය තමයි අපි ජනවාරි අට බලයට ගෙනා ප්‍රතිපත්ති මාලාවෙන් ඈත්වීම. මොකද ඇත්ත වශයෙන්ම අපිට පසුගිය මේ මෑතකදී තිබුණ ගම් සභා මැතිවරණයේ ප්‍රතිඵල වලින් පේනවා ඒකාබද්ධ විපක්ෂය ගම් මට්ටමින් විශාල ජයග්‍රහණයක් ලබාගත්තයි කිව්වත් ඇත්ත වශයෙන්ම ඒ අයට ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කරන්න තවමත් බෑ. තවමත් මේ රටේ ශ්‍රී ලාංකිකයන්ගේ බහුතරයක් ඒ අයට 2015 මෙන්ම අදත් විරුද්ධයි. නමුත් ඒ බහුතරයේ විශ්වාසය අපි ගැනත් අඩුවෙමින් තිබෙනවා. නමුත් අන්න ඒ නිසා මම නම් හිතන්නේ අපේ මුල්ම පියවර වෙන්න ඕන ඒ 2015 අපේ මැතිවරණයේ පදනමට ගිහිල්ලා විශේෂයෙන්ම මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට සහන සලස්වලා අනිත් පැත්තෙන් දියුණු ලෝකයත් එක්ක ඉදිරියට යන්න පුලුවන් ආර්ථිකයක් නිර්මාණය කිරීම කියලා. ජාතිවාදය පරාජය කිරීමට අවාසනාවකට වගේ අපේ කාලයේ ජාතිවාදී කෝලහල එතනදීත් මේ කුමන්ත්‍රණයේ මුලාශ්‍රයටම යන්න පුලුවන් ජාතිවාදී කෝලහල වල මුලාශ්‍රය තිබෙන්නේ මේ විශ්වාස බංගයේ මුලාශ්‍රයමයි. ඉතින් ඒ අය පරාජය කරන්න කටයුතු කරන්න ඕන මම ඇත්ත වශයෙන්ම කියනවා පොලිසිය එහෙම ඒ වෙලාවේ බොහොම හෙමින් කටයුතු කරේ. අපේ දියුණුව ආපස්සට අදින්න අපි කාටත් ඉඩ දෙන්නේ නැහැ. මින් ඉදිරියට එවැනි දෙයක් කරොත් අපි මිටත් වඩා තද තීන්දු ගන්න වෙයි.

    ප්‍රශ්නය - ජනවාරි අට අභිලාශයන් පරදවන්න එන කුමන්ත්‍රණයේ කොටසක් හැටියට තමයි ජනමාධ්‍ය හා මුදල්
    ඇමැති මංගල සමරවීර මැතිතුමා මේ විශ්වාස භංගය හදුන්වන්නේ මම කැමැතියි අවසාන වශයෙන් හෙට දවසේ
    ඔබට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනාතා නියෝජිතයන්ට සහ ලංකාවේ ජනතාවට අවසන් වශයෙන් කෙටියෙන්
    කියන්න තිබෙන්නේ කුමක්ද?


    පිළිතුර - ඇත්තවශයෙන් අපි දිනපු නිදහස අපි දිනාගත්ත ජයග්‍රණය ඒ වගේම අපි පදනමක් ලබා දි තිබෙන මේ යහපාලන ක්‍රමය වඩ වඩාත් ශක්තිමත් කරන්න හැම කෙනෙක්ම ඒක රාශී වෙන්න ඕන. විශේෂයෙන්ම අතීතයේ මේ රට බංකොලොත් කරපු විනාශ කරපු මේ රටේ සම්පත් හූරා කාපු මේ රටේ ජාතින් අතර බේද භින්න කරපු ඒ අවතාරයන්ට යළි ඉඩ නොදෙන්න කියන ඉල්ලීමයි මම කරන්නේ.

    සටහන- රක්ෂණ ශ්‍රියන්ත

    ක්ෂය ‍රෝගය මයි‍‍කොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් (Mycobacterium tuberculosis)නැමති බැක්ටීරියාව මගින් වැළ‍‍දෙන ‍රෝගයකි.‍ මෙම බැක්ටීරියාව ප්‍රධාන වශ‍යෙන් පෙනහඵ ආශ්‍රිතව මෙන් ම ශරීරයේ කෙස් හා නිය හැරුණු කොට සෙසු සියලු අවයවයන් හි වර්ධනය වීම නිසා ක්ෂය රෝගය හටගනී. මෙම රෝගය වැළඳීම සඳහා ස්වශනය කිරීම ම ප්‍රධාන හේතුකාරකය වන නිසා බහුතරයකගේ මෙම බැක්ටීරියාව පෙනහළු ආශ්‍රිතව වර්ධනය වීමෙනි.
    ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ජර්මනියේ Deutsche Gesellschaft fur Internationale Zusammenarbeit GIZ & GmbH එක්ව සංවිධානය කරන ලද හරිත බලශක්ති ශූරයා 2017 තරඟාවලියට ඉදිරිපත් වූ   හරිත ව්‍යාපෘතීන් අසුවක් (80) අතුරින්  හොඳම හරිත ව්‍යාපෘතිය ලෙස  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ඉදිරිපත් කළ “Government’s Renewable Energy and Energy Efficiency Networking Project” ව්‍යාපෘතිය තෝරා ගැණිනි. 
     
    එම ව්‍යාපෘතියේ විවිධ උප ව්‍යාපෘති වල ප්‍රායෝගික භාවිතයන් දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හරිත සතියක් - Green Week අද සිට මාර්තු මස 29 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    මෙහි සමාරම්භක අවස්ථාව අද (26) උදෑසන  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ආරම්භ වූ අතර ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ජර්මානු තානාපති  John Rohde මහතා සහභාගී විය. රාජ්‍ය පරිපාලන හා  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ගරු ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා , විදුලි බල හා බලශක්ති පුනර්ජනනිය අමාත්‍යංශයේ ගරු ලේම් ආචාර්ය බී.එම්. එස්. බටගොඩ මහතා සහ  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ගරු අධ්‍යක්ෂ ජනරාල්  වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     බලශක්ති අරපිරිමැස්ම, බලශක්ති සංරක්‍ෂණය, සූර්ය බලශක්තිය නිපදවීම හා භාවිතය, කසල කළමනාකරණය හා කසල මගින් බලශක්තිය නිපදවීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම,කාබනික පොහොර නිපදවීම හා එම කාබනික පොහොර භාවිතය තුලින් කාබනික වගාව දිරිමත් කිරීම,නාගරික පරිසරයක පිහිටි රජයේ ආයතනයක්  ලෙස පරිසර කළමනාකරණය තුලින් තිරසාර සංවර්ධනය සාක්‍ෂාත් කර ගැනීම සඳහා ආදර්ශයක් සැපයීම මෙම හරිත සතියේ ප්‍රධාන අරමුණු වෙයි.
     
    මෙම හරිත සතිය තුළ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනික පරිශ්‍රයේ විවිධ හරිත වැඩසටහන් හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත. හරිත පාසැල් වැඩසටහන් මාර්තු 28 වන දින මෙම පරිශ්‍රයේදී කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ පාසැල්වල ළමුන්ගේ සහභාගීත්වයෙන් හරිත පාසැල් ව්‍යාපෘතිවල ආදර්ශයන් ප්‍රදර්ශනය කෙරේ.
     
    SLIDA හරිත සතියේ අවසන් දිනය වන මාර්තු 29 වන දින SLIDA කාර්යය මණ්ඩලය හා රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හරිත පා ගමන සංවිධානය කර ඇත. 
     
    මෙම SLIDA “හරිත පා ගමන” 2018.03.29 වන දින පෙ. ව. 8.00ට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් ගමන් ආරම්භ කර ටොරිංටන් අවට පරිශ්‍රය ආශ්‍රිතව ගමන් කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ජිනීවා, 2018 මාර්තු 21

    උසස් ප්‍රමිතියේ මුද්‍රණ පාසලක් ලබාදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බවත් අමුද්‍රව්‍යමය භාණ්ඩ අපනයනයෙන් ඔබ්බට ගොස් කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ හා සේවා වෙත අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කර කළමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියාමේ හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ඇතුළුව මහජනයාට සිදුවන විවිධ හිරිහැර හා නීති විරෝධී කටයුතු සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීම් වලට ගොදුරු වූ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබදව නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් කලින් කලට මහජනයා දැනුවත් කිරීම සිදුකෙරේ.

    සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනාවක් නොමැති බවත් එහෙත් මේ අංශ පිළිබඳව අධීක්‍ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සමාජ මාධ්‍ය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ ස්ථරවල සාකච්ඡාවට ලක්ව තිබේ.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මැතිතුමා එක්දින සංචාරයක් සඳහා 2018 මාර්තු මස 14 දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

    ඉන්දියාවේ නවදිල්ලිනුවරදී හෙට (11) ආරම්භවීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පස්වරුවේ නවදිල්ලිනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එරටට ළඟාවිය.

    අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

    රට තුළ ගොඩනැගිය යුතු ජාතික සමගිය, සංහිදියාව,විශ්වාසය, මිත‍්‍රත්වය ජාතීන් අතර ගොඩනැගීම සඳහා රජය විදියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියයි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya