අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    තමන් මුදල් ඇමැති ලෙස පත් වී ගත වූ වර්ෂය තුළ රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති - ගජ - මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළ ම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ''විපත් මග'' ට ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.

     වාර්ෂිකව සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම පවත්වන අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සමරු උළෙල රජයක් විදියට පසුගිය අවුරුදු නවයක් තිස්සේ මේලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අපේ ආරක්ෂක සේවාවන් විසින් පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේ 18 වනදායින් පසුව සෑම වසරකම පවත්වා තිබෙනවා.

    කෑගල්ල, අරණායක සාමසර කන්ද නාය ගොස් අදට ( මැයි 17) දිනට වසර දෙකක් සැපිරෙයි. ජීවිත හා දේපළ රැසක් විනශ කරමින් 2016 වසරේ සිදු වූ ස්වාභාවික ව්‍යවසනයන්ගෙන් සමාජය ම සංවේදී වූ ස්වාභාවික ව්‍යවසනයක් ලෙස සාමසර කන්ද නාය යෑම හඳුන්වා දිය හැකිය.

    2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. 

    දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා කළ කථාව

    අප රාජ්‍යයක් ලෙස නැඟී සිටිමින්,ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේ දී අපගේ උරුමයන් මෙන් ම, දේශීයත්වය අපේ මහා සංස්කෘතිය,අපේ ඌරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.

    ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදි ඇත. මෙවර තේමාව වන්නේ මහජනතාව දැනුම්වත් කිරිම හා තැලසීමියා රෝග වාහකයින් හඳුනා ගෙන තැලසීමියා රෝගින් අතරසිදු වන විවාහ වළක්වා ගැනිමයි.


     ගැසට් නිවේදනයේ සඳහන් කරන්නේ රජයේ නිවාඩු හා බැංකු නිවාඩු පමණයි
     පුද්ගලික අංශයේ නිවාඩු ගැසට් නිවේදනයේ කිසිම වර්ෂයක දී සඳහන් කර නෑ
     පුද්ගලික අංශයේ නිවාඩු හෝ වෙළෙඳ නිවාඩු තීරණය කර චක්‍රලේඛයක් නිකුත්කරන්නේ කම්කරු අමාත්‍යාංශයෙන්


    ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් කලාපය ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් විවෘත විය.

    ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය අරලියගහ මන්දිරයේදී අප්‍රේල් 29 වන දින සිට මැයි මස 02 වන දින දක්වා පැවැත්වේ.

     

    වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව 2018.04.30 (හෙට)  දින මරදාන සිට දකුණු කළුතර දක්වා පෙ.ව.04.30 ට සහ පෙ.ව. 07.40 ට විශේෂ දුම්රිය දෙකක් සහ පෙ.ව.01.00 ට මරදාන සිට අළුත්ගම දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.

    තවද පෙ.ව.06.30 ට සහ ප.ව.03.20 ට දකුණු කළුතර සිට මරදාන දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිත අතර පෙ.ව.09.20 ට දකුණු කළුතර සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

    මීට අමතරව ප.ව.12.25 ට වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වාත්, රාත්‍රී 08.30 ට අළුත්ගම සිට මරදාන දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතයි.

    එමෙන්ම ප.ව.06.50 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියකුත්, පෙ.ව.01.00 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා එක් දුම්රියක් සහ රඹුක්කන දක්වා එක් දුම්රියක් වශයෙන් විශේෂ දුම්රිය තුනක් ධාවනය කෙරේ.

    මීට අමතරව මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරෙන විශේෂ දුම්රිය සැලසුමට අනුව පෙ.ව.01.00ට මරදාන සිට අළුත්ගම දක්වාත්, කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙනු ඇත.

     

     

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින් පරිත්‍රාණ ධර්ම දේශනයක් සේ ඇසෙනුයේ මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකවත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සහ විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳ ප්‍රකාශනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ වෙසක් පණිවිඩයෙන් කියා සිටී.

    2018-රාජ්‍ය වෙසක් උත්සවයේ න්‍යාය පත්‍රය

    රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම සමජය තුළ කතබහට ලක්වී තිබේ. මේ තත්ත්වය ගෝලීය ආර්ථික තත්ත්වයෙන් පවතින විචල්‍ය තත්ත්වය ද හේතු වී තිබෙන බවයි, ආර්ථික විශ්ලේෂකයින්ගේ  මතය වී තිබෙන්නේ. ඩොලරයේ ඉහළ යැම සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද, එයට හේතුවන සැබැ තත්ත්වය සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ අඳහස් දැක්වීය

    ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය දකුණු ආසියාවේ පහළ මට්ටමක පවතින බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසඳයේ ප‍්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කථාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya