අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි වන දින සිට පුරා සති දෙකක් උතුරු ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

    ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019-06-15 ටජිකිස්ථානයේ, දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාව)

    මාධ්‍යවේදි හිතවතුනි, මිත‍්‍රවරුනි,

    විශේෂයෙන්ම මා ඉතාමත් සතුටු වෙනවා නවදිල්ලියට පැමිණි අවස්ථාවේ ඔබ හමුවීම පිළිබඳව. ඒ වගේම ඔබ දන්නවා මම පැමිණියේ ගරු අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට. විශේෂයෙන්ම ඉන්දියාවේ ජනාධිපතිතුමා අපට ආරාධනා කරලා තිබුණා බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය නායකයන් විදියට මේ උත්සවයට සහභාගී වෙන්න. ඒ නිසා අපි ඉතාමත් සතුටින් මෙයට සහභාගී වුණේ. ඉන්දීය නව රජයට, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් අපේ ආශිර්වාදය සහ සුබපැතුම් පිරිනමනවා.

    "කොල්ලගේ කල වයසත් හරි. ඒත් ඉතිං කසාදයක් බදින එක තමයි ප්‍රශ්නේ. හරි හමන් රස්සාවක් නැතුව කොහොමද කසාදයක් කර ගන්නේ. දැන් රස්සාවක් නම් කීයක් කියලා හෙව්වද? හැමදාම ඉන්රට්විව් යනවා විතරයි. හරියන රස්සාවක් තාමත් නෑ. අපේ ඇස් දෙක පියවෙන්න ඉස්සෙල්ලවත් කොල්ලට රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක්."

    ලෝකයේ රටක දියුණුව මනින ප්‍රධාන ඒකකයක් වන්නේ ඒ රටේ මහා මාර්ග පද්ධතිය හා විදුලි සන්නිවේදනයේ ඇති දියුණුව හා කාර්යක්ෂමතාවයි. අපේ රටේ අධික වාහන තදබදයට පිළියමක් ලෙසින් අධිවේගී මාර්ග තැනිය යුතු බවට අදහසක් ඉදිරිපත් වූයේ අදින් අඩ සියවසකට පමණ පෙරදීය. එහෙත් ඒ සිහිනය සැබෑ වන්නට බොහෝ කාලයක් ගත විය

    සුවසැරිය ගිලන් රථ සේවය යටතේ තවත් ගිලන් රථ 42 ක් පසුගියදා මධ්‍යම පළාත වෙනුවෙන් බෙදා දීම සිදු විය. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව සිදු කෙරුණි. මෙම කෙටි ලිපිය ඒ වෙනුවෙනි.

    කාන්තාව හා පිරිමින් යන දෙපාර්ශවයටම එනම් සෑම මනුෂ්‍යයෙකුට ම තම ජිවිතයේ දී තත්ත්ව ගණනාවක් හිමිවේ.පිරිමියා පුතකුගේ තත්ත්වය ලබන විට කාන්තාව දියණියගේ තත්ත්වය ලබයි. පිරිමියා ශිෂ්‍යයෙකු වන විට කාන්තාව ශිෂ්‍යාව වන්නී ය. පියා - මව, ගුරුවරයා - ගුරුවරිය, නායකයා - නායිකාව වෛද්‍යවරයා - වෛද්‍යවරිය ආදී වශයෙන් ද බෙදෙන්නේ මෙම තත්ත්වයන් ය.

    ගම්පහ නගරයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත දිවෙන මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්ත පිහිටා තිබේ.

      ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පැවැත්වුණ වැඩසටහනට එක්වෙමින් මහරගම අපේක්ෂා රෝහලේ දී ජනාධිපතිතුමා කළ කතාව

    මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇති කිරීමයි. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට අවස්ථාව සැලසුණේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එවකට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ පරිශ්‍රමයෙනි.

     පෙබරවාරි මාසය දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලට විශේෂ මාසයක්. ඒකට හේතුව තමයි මීට වසර 19 කට පෙර 2000 වසරේ පෙබරවාරී මාසයේදී තමයි මුල් වරට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරලා දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍ය ඒකක පිහිටවලා හා හා පුරා කියලා අපි වැඩ ආරම්භ  කළා.

    භාෂාමය හා සංස්කෘතික විවිධත්වය, බහු භාෂා භාවිතය, භාෂා සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස සැම‍රේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරනු ලබන 26, 27 සහ 28 වැනි නිල සෙවණ කාර්යාල එළඹෙන පෙබරවාරි 15 දින මහනුවර උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී ස්වදේශ කටයුතු පිළිබද රාජ්‍ය ආමාත්‍ය ජේ.සී අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉකුත් වසරේදී වරාතැන්න- හක්කිද ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව පසුගියදා වරාතැන්න-හක්කිද රැකගැනීමේ අධීක්ෂණ කමිටුවක් පිහිටවූ අතර, එහි ප්‍රථම රැස්වීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී, මෙම ලිපිය ඒ වෙනුවෙනි."

     

    ග්‍රාමශක්ති විශේෂ හමුවේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.02.11 වන දින BMICH හි දී

    මහනුවර මාර්කට් බස් නැවතුම් පොළ අසලින් ත්‍රී රෝද රථයකට ගොඩ වුනු අපේ කණ්ඩායම ඒ අසලින් හන්තාන මාවත ඔස්සේ ඉදිරියටම ගමන් කළා. කන්ද සැර වැඩි නිසා ත්‍රීරෝද රථය ගමන් කළේ පළමු ගියරේ බව අපිට තේරුනා.මහනුවර මහරෝහල පහු කරමින් කන්ද උඩට යනකොට මහනුවර නගරය හොදටම පේනවා. ටිකක් නතර වෙලා සොබා සෞන්දර්ය විඳින්නත් හිතෙනවා. ඒත් අපි ආව අරමුණ ඊට වඩා වටිනා එකක්. කොහොම හරි අවශ්‍ය තැනට ආපු අපි ත්‍රිරෝද රථයෙන් බැස ගත්තා. මහල් හයකින් යුත් නවින පන්නයේ ගොඩනැගිල්ලක් අපට දැක ගන්නට ලැබුනා.

    අදින් ඇරඹෙන 71 වැනි ජාතික දින සැමරුම තුළ අප අධිෂ්ඨාන කරගත යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත්කිරීම යයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී එළඹෙන 04 වන දින උදෑසන අභිමානවත් ලෙස සැමරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya