මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගොඩගත්තෙ කාන්තාවො තිදෙනෙක්...!

    මාර්තු 19, 2023

     

     

    රනිල් පීfනික්ස් කුරුල්ලාට වඩා යළි ඉපදුනු රාජාළියාට අඳී...?
    ? මේ සිංහල අවුරුද්දට ඇතිවෙන්න ඩොලර් විදුලිය වී අස්වැන්නත් තියෙනවා.
    ? ජනමාධ්‍ය මෙහෙයුම් වලින් නෙවෙයි රටේ නැගිටීම ජනතාවටම දැනෙන්න ඕනෑ - ජනපති

    ? ඡන්ද ගැන වැරදි තීන්දු ගත් පිරිස වරප්‍රසාද කමිටුව හමුවට...??
    ? රට බංකොලොත් කළේ කාන්තාවො නොවුනට රට ගොඩගත්තෙ කාන්තාවො තිදෙනෙක් - ජනපති කියයි.

     

    (ජනපති e කොළම)
    අශෝක ජයතුංග විසිනි.

    රනිල් පීfනික්ස් කුරුල්ලෙකුට වඩා දැන් රාජාලියෙක්ද... ? රාජාලියාට වයස 40 දී හොට හා නියපොතු හැකිලී කූඹියෙකු හෝ දඩයම්කල නොහැකි දුබලයෙකු බවට පත්වේ. එතනදී හොට හා නිය ලේ වැගිරෙද්දී ගල්වල ගසා කඩා හාමතේ මාස 05 ක් සිටින ඌට ඉන්පසු මිනිසෙකු වුවද ඔසවාගෙන යා හැක. හැකිලී ලොම් හැලී සිටි රනිල්ට ද එම පසුබිම ගැලපේද....?
    ජනපතිකම තියා මන්ත්‍රීකම හෝ නැතිව සිටි ඔහු බංකොලොත් රට කරගසා එය සුවපත් කරන බව මතුපිට චිත්‍රයය. තවම අළුයට ගිණිය. තෙල් ගෑස් පෝර වලට මරාගැනීම් දැන් නැත. ඩොලරය අපට කොකා පෙන්වූ කාලය ද අවසන් ය.. ලෝක සහාය ලැබෙමින් උද්ධමනය හා බඩුමිල අඩුවෙමින්ය. ඒත් සාධාරණ මෙන්ම එසේ නොවන විරෝධතා හිසරදයකි. රනිල් එතනදී හිට්ලර්ය.
    බ්‍රහස්පතින්දා උදේ ජනපති වැඩ ඇරඹීය. ඒ ශිරානි වික්‍රමසිංහ සිය නැන්දනියගේ අළු නාවල කනත්තේ නිවෙන්නටත් පෙරය. එය සීමිත පිරිසක් එක්වූ පෞද්ගලික අවමඟුලකි. ඉල්ලීමක් මත පැය කිහිපයකින් සියල්ල නිම කෙරිණ. බැනරයක් හෝ නැති චාම් අවස්ථාවකි. ජනමාධ්‍ය ද කාරුණිකව හරවා යැවින.
    පසුදා මුදල් අමාත්‍යාංශයට පැමිණි ජනපති සමඟ බොහෝ දේ කතාබහ විය.
    "ඡන්ද වලට සල්ලි නෑ. ඒත් තව ඡන්ද දිනයක් දාලා " අයෙක් කීය.
    "උසාවි තීන්දු ආව කියල සල්ලි උනනවද. කොමිසමට දීපු සල්ලි වලින් ඡන්දෙ කරන්න පුළුවනි නම් ප්‍රශ්නයක් නෑ" ඒ මතය ජනපතිගේම එකක් වන තරමේ සමීපතමයෙකු කීවේය.

    "ජවිපෙ ඡන්ද පිස්සුව දැන් හොඳයි. මුදල් ලේකම්ට මැතිවරණ කොමිසමේ රැස්වීමට එන්න වෙන්නෙ නෑ කියල දන්වපු වෙලාවෙම විපක්ෂයේ ප්‍රබලයෙක් ඒක පාර්ලිමේන්තුවෙ කීමෙන් වැඩේ මාට්ටු" එහිදී කියවින.
    IMF සහාය ලැබීම හා ජනපතිගේ ආර්ථික උපායන් තුළ ඩොලරය වැටී රුපියල ශක්තිමත්වීමත් ගැන සියලු දෙනා ජනපතිට සුබ පැතීය.
    "අහස් මාළිගා ඔින නෑ. ජනමාධ්‍ය වලින් මේ තත්වය උස්සන්නත් එපා. ජනතාවට දැනෙන්න කරලම පෙන්නන්නයි මට ඔිනෑ. දැන් ණයවර ලිපි ලේසි වේවි" ජනපති කීය.
    "අවමඟුලෙදි කබීර් හෂිම් රෝහිත බෝගොල්ලගමට මාර එකක් කියලා.ලොක්ක ආර්ථික අර්බුදේයි IMF වැඩෙයි මෙච්චර ඉක්මනට කරකවල ගනීවි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ කියලයි කබීර් කිව්වෙ" ජනපති උපදේශකයෙකු කීය.
    "මහබැංකුවේ අයයි නි: මුදල් ඇමතිල දෙන්නයි ඇමෙරිකාවෙ මහින්ද සමරසිංහයි මෙතනදි ලොකු වැඩ කොටසක් කලා" ජනපති කීය.
    IMF හා ඇමෙරිකානු භාණ්ඩාගාර ප්‍රධානී කතුන් හා ජනපති අතර සූම් කතාබහ ට හා IMF සහාය ලබාගැනීමේදී දී තානාපති මහින්ද කල මැදිහත්වීම් ද අගැයිනි.
    "මේ රට බංකොලොත් කරන්න කාන්තාවො හවුල් නෑ. ඒත් රට ගොඩදාන්න ඇමෙරිකානු හා ඉන්දියානු කාන්තාවො තුන් දෙනෙක් සහාය වුණා. මේ කතාව අපේ සියලු කාන්තාවන්ට යවන්න" ජනපති කීවේය.
    ඇමෙරිකාවේ මෙන් විශ්ව විද්‍යාල ආරක්ෂාවට වෙනම පොලිස් ඒකක තැනීම ගැන ද මත පළවිය.
    "ගිය වසරේ අනාථ වුණාට මේ සිංහල අවුරුද්දට ඇතිවෙන්න විදුලිය ඩොලර් හා වී අස්වැන්නත් තියෙනවා"ජනපති කීවේ කොක්හඬලමිනි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya