අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෑස් මිල රු80 කින් ඉහළ දැමීම තවත් ගසාකෑමක් ද...?

    නොවැම්බර් 12, 2022

    ''ජනතාවට පාන් කියන්නටත් බැරිය.''උද්ධමනය අහසේය. ආහාර උද්ධමනය ඊට එහාය.පඩි පත එතනමය. දෛනික කුලී කල එවුන්ට වැඩ නැත. ඇත්තේ අබ සරණ පමණය.

     

    ''ජනපති රනිල් හා සාගල ගේ උපරිම මැදිහත්වීම මත

    ලිට්රෝ මුදිත පීරිස් හා මූල්‍ය අධක්ෂිකා ලක්මලී හපුආරච්ච්

    ඇතුළු නිලධාරීන්ගේ බුද්ධිමය මැදිහත්වීම

    නොවන්නට අප තවමත් ගෑස් පෝලිම්වල ගහමරා ගනිමින්ය''

     

    එහෙත් උද්ධමනය අල්ප මාත්‍රයක් අඩුවන පැත්තට හැරී තිබේ. එය අලියා කන දිවුල් ගෙඩියක් තරම්වත් රටට දැනී නැත.එහෙත් රට ගිණිගත් ප්‍රශ්න රැසකට විසඳුම් ලැබී තිබේ. ඉන්දන පෝළිම් නැත. පොහොර ගෙන්වීම ඇරඹින. නිවාසවල තිබූ දරුණුම ගැටලුව වූ ගෑස් හිඟය අවසන්ය. මේවා නොපෙනෙන බලවේග හෝ මැජික් වලින් කල ඒවා නොව පොළොවේ පය ගැසූ දක්ෂ මිනිසුන් හා ගැහැණුන් විසින් කල වික්‍රමයන්ය. සති ගණන් දිවා රෑ ගෑස් පෝලිම් වල පවුල් පිටින් වදවුණු හැටි සමහරුන්ට මතක නැත.

     

    ජනපති රනිල් හා සාගල ගේ උපරිම මැදිහත්වීම මත ලිට්රෝ මුදිත පීරිස් හා මූල්‍ය අධක්ෂිකා ලක්මලී හපුආරච්ච් ඇතුළු නිලධාරීන්ගේ බුද්ධිමය මැදිහත්වීම නොවන්නට අප තවමත් ගෑස් පෝලිම් වල ගහමරා ගනිමින්ය. අසීරු සාකච්ඡා වට 15 කින් පසු ලෝක බැංකුවෙන් ලබාගත් ඩො මිලි 70 හා සාගල පුමුඛව මුදිත ලක්මලී ලා මැදිහත්වී මෙරටින් සොයාගත් තවත් ඩො මිලි 20 න් ගෑස් ගැටලුව ගොඩ දැමිණ. වසර 15 කින් ලෝක බැංකුවට ගෙවිය යුතු එම මුදල මෙම වසර අවසන්වන විට භාණ්ඩාගාරයට ගෙවා අවසන් කිරීමට හා ලිට්රෝ ලාභ ලබන තැනක් කිරීමට ද මුදිත ලක්මලී ඇතුළු පිරිස දක්ෂවී තිබේ. තවද 2024 මැද දක්වා අඛණ්ඩව රටට ගෑස් සපයන ටෙන්ඩරයට ද සියල්ල සූදානම්ය.


    එමෙන්ම රු 213 - 113 - 271 බැගින් තුන්වරකදී ගෑස් මිල අඩුකර ජනතාවට රු 630 ක සහන ලබාදීමට ද ලිට්රෝ කටයුතු කළේ ය. බොහෝ අයට කලගුණ අමතකය. දැන් ගෑස් රු 80 ක් මිල ඉහළයාම සමහරුන්ට අහස ඔළුවට පාත්වීමක් වී තිබේ.ලෝක පරිසරය , දේශපාලන හා ආර්ථික ස්වභාවයේ දිග පළල නොදත් අය හා පටු දේශපාලන අවස්ථාවාදීන් මෙම කුහක ප්‍රචාරණය තුළ සිටිති.

    ගෑස් සුළු මුදලකින් වැඩිකිරීමට සිදුවීමේ යථාර්තය කුමක්ද. යුරෝපා, ඇමෙරිකානු මෙන්ම ආසියා මහාද්වීප වලද දැන් හිම වැටෙන සීත සෘතුවය.එම කාලයේ නිවාස හා ගොඩනැගිලි වල උෂ්නත්වය රැකෙන්නේ ගෑස් වලින් නිසා සීත සෘතුවේ ගෑස් මිල ඉහළයාම ඉතිහාසය පුරා සිදුවන්නකි.

    තවද යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව ප්‍රමුඛම ගෑස් අපනයනකරුවා රුසියාව යුරෝපය හා සෙසු රටවලට ගෑස් අවියක් ලෙස යොදා ගනිමින් සැපයීම සීමාකර තිබීමත් එම රටවල් වෙනත් ගෑස් වෙළෙඳපොළ වල් වෙත යොමුවීම මිල ඉහළයාමට තවත් හේතුවකි. එපමණක් නොව, ශ්‍රී ලංකාවට ගෑස් සපයන මැදපෙරදිග ඔමාන් කටාර් ඇතුළු රටවල් ලෝක පාපන්දු ශූරතාවෙන් මුසපත්ව තිබීමත් එම කලාපයේ ගෑස් ඉල්ලුම දැඩි ලෙස ඉහළයාමත් තවත් හේතුවක්වී තිබේ.

     

    මෙවර රු 500 කට වඩා ඉහළ යායුතු ගෑස්මිල රු 80 කින් බේරාගත්තේ සභාපති මුදිත හා අධ්‍යක්ෂිකා ලක්මලී ඇතුළු නිලධාරීන්ගේ දැඩි කැපවීම තුළය. " ජනවාරියේ ලෝක මිල අඩුවේවි. එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා.ගෑස් හිඟයක් යළි ඇතිවෙන්න දෙන්නෙ නෑ. ඒත් අරපරිස්සමෙන් පාවිච්ච් කරන්න" සභාපති මුදිත පීරිස් කියන්නේ එසේය.


    අශෝක ජයතුංග විසිනි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya