අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටොපියක් නොවන ඉතිහාසයේ කටුකම අයවැය...?

    නොවැම්බර් 08, 2022

    ටොපියක් නොවන ඉතිහාසයේ කටුකම අයවැය....????)

      ( සතියේ ජනපති සටහන)

           ඉතිහාසයේ  අනාථම රට කරට ගත් ජනපති රනිල්ට කටුකම අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුව තිබේ.වෙනදා ජනතාවගෙන් යමක් ගන්නා ගමන් ඔවුන්ට ද ටොපියක් හෝ දී රවටාගත් අයවැය ආවද මෙවර ගනුමිස ටොපියක් හෝ දෙන්නට ඉඩක් නැත.

     

    සුද්දා මේ රට සූරාකෑ බව අප සිතුවද ඔවුන් යනවිට ආසියාවේ හොඳම දෙවන රට බවට ලංකාව පත්කොට තිබිණ. ඒක පුද්ගල ආදායම දෙවැනි වූයේ ජපානයට පමණි. අපේ කලු සුද්දන් පවුල් පිටින් මේ රට බෙදාගෙන කෑවා මිසක රට දියුණු කලේ නැත. දියුණු කරන්නට තරම් දැක්මක් හෝ මොළයක් ඔවුන්ට තිබුණේ ද නැත. කල එකම දේ ණය ගෙන කමින් ඉන් මාටියා ගහමින් රටත් ජනතාවත් කනත්තටම දක්කාගෙන යාමය. එහි උච්චස්ථානයට පැමිණ රට බංකොලොත් වූ පසු රනිල් ට අයවැය ගෙන ඒමට පැවරී තිබේ.

    වසර කීපයකට පෙර මෙරට බදු ආදායම පැවතියේ 29% කටය. පක්වූ ජනපතිලා එය 09% ට කප්පාදු කලේ හිතවත් එවුන්ට බදු සහන හා වංගුදමා විවිධ සහන  දීමෙනි.2015 ආණ්ඩුව එනවිට රටේ බදු ආදායම රු බිලියන 1100 මටිටමට පහත වැටී තිබිණ.එහෙත් රනිල් හා මුදල් ඇමති රවි එකතුව එය බිලි 2000 ට නංවා රට ස්ථාවර කලා පමණක් නොව ජනතාවට වැඩි පඩි ඉන්දන ගෑස් සමෘද්ධි මහපොළ වැඩිහිටි දීමනාද ඉහළ දැම්මේය. රටේ ප්‍රබලම කෝටිපතියන්ට එම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දිරවූයේ නැත.

    ඔවුන් ගෝටාභය ගේ "වියත් මඟ" ඉදිරිපෙලට ගොස් වාඩිවී රු මිලියනය දෙකක සොච්චමක් එම වේදිකාවට විසි කළහ. 2019 ජනපතිවරණයේදී මිලියන 5 - 6 ගෝටා බැසිල් මහින්ද නාමල් ගේ සාක්කුවලට දැමීය. ජයගත් විගස රු බිලියන 700 ක එනම් රු කෝටි 70,000 ක දැවැන්ත බදු මුදලක් රටේ ඉහළම බිස්නස්කාරයන්ට සහන ලෙස දුන්නේ එම පසුබිම තුළය. ඒ තුළ ගෙවුණු වසර 03 තුළ රටට අහිමිවූ බදු ආදායම රු කෝටි දෙලක්ෂ විසිදාහකට වැඩිය.රටේ ඉහළම කෝටිපතියන් හිනාවෙමින් මුදල් වල පිහිනම්න් සිටියදී රටත් ජනතාවත් බංකොලොත් වූයේ එතනදීය.

     රනිල් දැන් එම "මහා බදු පගාව" ආපස්සට හැරවීටම් උඩුගං බලායාම අරඹා තිබේ. එය පහසු නැත.අවි අමෝරාගත් සතුරන් ගග දෙපස ලේ පිපාසිතව සිටිති. ජවිපෙ කීම තුළ පිටරට රැකියා කරන අය ඩොලර් එවන්නේ නැත.සංචාරක ව්‍යාපාරය තවම ප්‍රකෘතිවී නැත.අපනයන ආදායම ඉහළ යන්නේ ඉබි ගමනිනි. IMF  ළඳරුවා තවම බඩේ දඟලන මුත් බිහිවී නැත.

    හොරකමට ඇබ්බැහිවූ එවුන් තවම කරන්නේ හොරකම මිස රට ගොඩ දැමීම නොවේ. ඒ තුළ ඉතිහාසයේ කර්කශ හා අසීරුම අයවැය ඉදිරිපත් කිරීම රනිල් ට පැවරී තිබේ.ගෙදර බඩු මුටිටු විකුණා කනබොන තරමට රට අනාථ කළ පිරිස් වලට ඒවා ප්‍රශ්න නොවේ .ඔවුන් රනිල්ගේ බෙල්ලට පිහිය තියා කියන්නේ රට ගොඩදාපන් යයි නොව අපට ඇමතිකම් දීපන් කියාය. නැතිනම් අයවැය පරදනවා කියාය.

     " අයවැය පැරදුණොත් මහ ඡන්දයක් ඒවි.එතකොට ඔබලා ගෙන් 75% ක් ගෙදර. මම  අලුත් ආණ්ඩුවක් එක්ක ජනපතිකම දිගටම කරනවා"  ඊට උත්තර දුන්නේ එසේය." කාල වරෙන්කෝ" ජනපති රනිල් බිත්තියට හේත්තු කළ පිරිස පසුව මුමුනා ඇත්තේ එසේය.

    අශෝක ජයතුංග විසිනි.

          

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya