අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ සංචාරක ව්‍යාපාරය එකතැන පල්වන්නේ ඇයි..?

    නොවැම්බර් 07, 2022

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළම තැනකට ගෙනා හැකි ඩොලර් බිලියන ගණන් ඉපයිය හැකි එකකි.එහෙත් ඊට අදාළ නව ලොවට ගැලපෙන සංකල්ප හා ව්‍යාපෘති සැලසුම් කරන්නට මෙතෙක් අප සමත්ව තිබේද..?

    තායිලන්තයේ පවතින්නේ ලෝක උරුම 03 කි. ඔවුන් ඒවා නිර්මාණාත්මකව මාකට් කල ද උරුම 08 ක් ඇති ලංකාවට ඒවා මාකට් කරගත නොහැකිවී සාම්ප්‍රධායික තලයේම පල්වීම පවතින පසුබෑම වේ.

    මාලේ ට ඇත්තේ මුහුද පමණකි. එය ලොව සංචාරක පාරාදීසයක් ලෙස වර්ධනය කරගන්නට ඔවුහු සමත්ව තිබේ.

     

    අපේ අයට නව සංකල්ප නැතිනම් අපට අනුගත කරගත හැකි ලෝක ආදර්ශ අධ්‍යනය කිරීම වටී. මුදල් නැතිනම් ඊට අදාළ තිරසාර ආයෝජන වලට තල්ලුවීම අත්‍යවශ්‍යය.එවැනි වැඩ පිළිවෙලක් ද නැත. සංචාරකයන් ලංකාවට එන්නේ කන්න බොන්නට නටන්නට ගෑණු සමඟ බුදියගන්නට හෝ ගංජා ගහන්නට යයි සිතා කටයුතු කිරීම අපට වැරදුන තැනය. කෝවිඩ් හා රට බංකොලොත් වූ පසු එතෙක් ලැබුණු ඩො බිලි 04 ට ද කණකොකා ඇඬුවේ එහෙයිනි.


    සීගිරි දඹුලු අනුරපුර පොළොන්නරුව නුවර හෝ ගාල්ලේ හා රටපුරා අපේ විභූතිය මුහුදු තීරය හා ගහකොළ මතුපිටින් පෙන්වා සංචාරකයෙක් සතුටු කල හැක්කේ වරක් දෙවරක් පමණි. එ්වා කලින් කලට වෙනස්වන නිර්මාණාත්මක තලයක සිට දිගින් දිගට සංචාරක ආකර්ශනය ඇද ගැනීමට අප සමත්වීම අත්‍යවශ්‍යය. ඩුබායි සිංගප්පූරුව සාර්ථකවී ඇත්තේ ඒ තුළය. ඊලඟ වසරේ දකින්නට ලැබෙන්නේ කලින් දුටු එම රට හෝ පහසුකම් නොවේ. එහෙත් කොළඔ නගරය නැරඹීමට බස් සේවය විනා වෙනත් නිසි වැඩ පිළිවෙලක් හෝ අපට නැත.නව සංකල්ප අවශ්‍ය ඒ තුළය.


    අනුන් කියන දේ පමණක් කරන ජනපති අගමැතිලා ඇමතිලා ගෙන් අපට අඩුවක් නොතිබිණ. එහෙත් නව සංකල්ප හා අදහස් සහිත ජනපති හා තරුණ ක්‍රියාශීලී ඇමති කෙනෙක් ලැබීම සතුටකි. උතුරේ අක්කර දහස් ගණනක සංචාරක පාරාදීසයක් තැනීම හා කටාරයේ ලෝක පාපන්දු ශූරතාවට එන ලක්ෂ ගණනක් ලංකාවට ඇද ගැනීමේ වත්මන් උත්සාහය පැසසිය යුත්තකි.එය සාර්ථක කරගැනීමට නිදිකිරන නිලධාරීන් හා සංචාරක කර්මාන්තයේ කාගේත් කැපවීම අත්‍යවශ්‍ය ය.


    කටාරයේ වත්කම ඩොලර් බිලියන 475 කි. ඉන් 220 ක්ම මෙවර ලෝක පාපන්දු ශූරතාවට ඔවුන් යට කරන්නේ දැවැන්ත අනාගත වැඩ පිළිවෙලක් සමඟය. සංචාරක ඉන් ප්‍රධානම ඉසව්ව ය. ලංකාවේ බංකොලොත්කම නිම කිරීමට අපට අවශ්‍ය ඩො බිලි 05 ක් පමණක්වීමෙන් අප අඳුරේ අතපතගාන අයුරු සනාථ කරයි.

    කාන්තාර ලෙස අනාථව සිටි රටවල් අද සංචාරක හා සෙසු අංශ වල පාරාදීස කරන්නට ඔවුහු නව සංකල්ප හා තාක්ෂණය හරහා ඉදිරියට යාම හා ඔවුන්ගේ කැපවීම එම ජයග්‍රහණ වල තිරෙන් පිටුපස කතාවය. එහෙත් ඩුබායි කටාර් මෙන් තෙල් ගෑස් ආදායම් නැති නිසා මේවා අසීරු බව අලසයෙකුට තර්ක කල හැක.

    ඒත් තෙල් බින්දුවක් නැති සිංගප්පූරුව තෙල් බෙදාහරින ලෝක මධ්‍යස්ථායක් හා ගහ කොළ නැතත් ලෝක සංචාරක පරාදීසයක්ව තිබේ. නව සංකල්ප අදීන නායකත්වය හොරා නොකෑම හා කැපවීම එම ජයග්‍රහණ වල පුතිළුලය.අපට ද නව සංකල්ප හරහා එසේ කැපවිය හැකි නම් ලංකාව වැනි ස්වභාව සෞන්දර්යෙන් අනූන රටකට කල නොහැක්කක් නොමැත.


    අශෝක ජයතුංග විසිනි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya