අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනයන්ගෙන් පිබිදෙන චීන සංවර්ධනය

    ඔක්තෝබර් 09, 2022

    “මම මීටර් 1.3 ක් උස සහ බර කිලෝග්‍රෑම් 63 ක් වන අවුරුදු 5 ක ළමයෙක්. මම සැහැල්ලුයි. මම ඇවිදිමට ( Jogging) හා තායි චී ව්‍යායාම (Tai Chi) කිරීමට කැමතියි, විශේෂයෙන්ම චීන චෙස්, අක්ෂර රටාවලට (calligraphy )සහ චිත්‍ර ඇඳීමට දක්‍ෂයි. මම උත්සව සත්කාරකයෙක්, නර්තන ශිල්පියෙක්, ආචාර්යවරයෙක් වැනි බොහෝ චරිතවල වැඩ කරමි,,.


    මෙය රොබෝවෙකුගේ ස්වයං හඳුන්වාදීමයි. 2021 දී හදුන්වාදුන් “Walker X,,රොබෝවට , ධාවනය කිරීමට, චීන චෙස් ක්‍රීඩා කිරීමට සහ මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට හැකි විය. 4 වැනි ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවේදී මෙය හඳුන්වා දුන් අතර එය බොහෝ අවධානයට ලක් විය. උසස් නිෂ්පාදන සංවර්ධනයට සහ මිනිස් ජීවන රටාවේ පරිවර්තනයට මූලික වන රොබෝ විද්‍යාව යනු මේ දිනවල ලොව පුරා තාක්ෂණික සමාගම් විසින් පර්යේෂණ කරනු ලබන ක්ෂේත්‍රයකි. මූලික මිනිස් චලනයන් අනුකරණය කළ හැකි රොබෝවක් බලගැන්වීමට අවම වශයෙන් සර්වෝ මෝටර් (servo motors) 20 සිට 30 දක්වා අවශ්‍ය වන අතර, “වෝකර් එක්ස්,, චීන චෙස් ක්‍රීඩා කිරීම, අක්ෂර වින්‍යාසය වැනි වඩාත් සංකීර්ණ කාර්යයන් කිරීමට ඉඩ සලසන ඉහළ කාර්ය සාධනයක් සහිත චීනයේ නිෂ්පාදනයකි.

    විද්‍යාව හා තාක්‍ෂණික නවෝත්පාදනයන් සැමවිටම චීනයේ සංවර්ධනයේ සහ එහි ජාතික ශක්තිය වර්ධනයේ පදනම වේ. “Two Bombs, One Satellite” ව්‍යාපෘතිය , the BeiDou Navigation Satellite System යන්න සහ චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ( Lunar Exploration Program System) යන ව්‍යාපෘති සියල්ල මගින් චීන රටේ තාක්ෂණික බලය පෙන්වමින් සිටී. දෙමුහුන් සහල්, නව ඖෂධ සංවර්ධනය සහ අධිවේගී දුම්රිය ජාලය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වී ඇත; එමෙන්ම දේශීයව නිෂ්පාදනය කරන ලද ජංගම දුරකථන, 5G ජාලය සහ ක්වොන්ටම් තොරතුරු වැනි ක්ෂේත්‍රවල දියුණුව චීනයේ නිර්මාණශීලීත්වය සහ පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් ලෝකයට පෙන්වා දෙයි. 2021 දී, චීනය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.44% ක් පර්යේෂණ සහ සංවර්ධන වියදම් සඳහා යෙද වූ අතර ලොව දෙවන විශාලතම පර්යේෂණ සහ සංවර්ධන වියදම් කරන්නා බවට එයින් පත් වූ අතර, එම වියදම්වලින් 6.09% ක් මූලික පර්යේෂණ සඳහා යොදවමින් වසරින් වසර 15.6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මේ අතර, චීනයේ තාක්ෂණික කොන්ත්‍රාත්තුවල පිරිවැටුම යුවාන් ට්‍රිලියන 3.7 ඉක්මවූ අතර පේටන්ට් සහයෝගිතා ගිවිසුම යටතේ ලබා දී ඇති දේශීය පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව සහ ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව ලොව පුරා පළමු ස්ථානයට පත්විය. එපමණක් නොව, චීනය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධ පත්‍රිකා සහ උපුටා දැක්වීම් සංඛ්‍යාව අනුව ද ලෝකය තුල ඉදිරියෙන් සිටී. මේ සියල්ල මෙන්ම , ඩොලර් බිලියන 980ක් වටිනා අධි තාක්‍ෂණික නිෂ්පාදන අපනයනය සමඟ චීනය ලෝකය තුල විද්‍යා හා තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමට පත්වන රටක් බවට පත්ව ඇත.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 19 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වන පූර්ණ සැසියේ දී සම්මත කරන ලද ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සහ 2035 වසර දක්වා වන දිගුකාලීන අරමුණු සඳහා වූ 14 වැනි පස් අවුරුදු සැලැස්ම, විද්‍යාව හා තාක්ෂණය යන දෙකම ස්වාධීනව ක්‍රියාත්මක කිරිමට ඉඩ සලසා ඇත. එය සංවර්ධනය තුල ඉහළම ප්‍රමුඛතාවය ලබා දි ඇති ක්ෂේත්‍රයකි. තීරණාත්මක සහ මූලික තාක්‍ෂණයන් අන් අයගෙන් බලා ලබාගැනිමෙන් හෝ මිල දී ගැනීමෙන් සැබෑ ප්‍රයෝජනයක් නොවන බව චීනයේ අදහස වී තිබේ. ඒවා ලබා ගත හැක්කේ ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් සහ අඛණ්ඩ ආයෝජන හරහා පමණි.

    18 වැනි CPC ජාතික සම්මේලනයේ සිට මධ්‍යම රජය විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කර ඇති අතර මින් පෙර කිසි දිනෙක නොදුටු පරිමාණයෙන් ඊට අදාළ ප්‍රතිපත්ති හඳුන්වා දී ඇත, එය පසුගිය දශකය තුළ රටේ ශක්තිමත් විද්‍යා හා තාක්‍ෂණ ප්‍රගතිය සදහා බලපෑ වැදගත් හේතුවකි. ජියැංසු (Jiangsu) පළාතේ ලියාන්යුන්ගෑන්ග් (Lianyungang )නගරයේ සාර්ථකත්වය ඊට නිදසුනකි. මෙම වසර තුළ, නගරය ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් බොහෝ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටී. ලොව දිගම සුළං ටර්බයින තලය සහ මීටර් 8.8 ක බුද්ධිමත් පතල් කැණීම් වාහකවල පළමු කට්ටලය ලියාන්යුන්ගෑන් හි නිෂ්පාදනය කරන ලද අතර චීනයේ ප්‍රථම ස්වාධීනව සංවර්ධනය කරන ලද ටොන් 10,000 ක කාබන් ෆයිබර් නිෂ්පාදන මාර්ගය ස්ථාපනය කරන ලද්දේ ද මෙම නගරය තුලයි. හිතකර ප්‍රතිපත්තිවලට අනුව , 2021 වන විට ඉහළ සහ නව තාක්‍ෂණික සමාගම් 449ක් ලියාන්යුන්ගෑන් හි ස්ථාපිත කර ඇත, එය 2012 දී පැවැති සංඛ්‍යාව මෙන් 10 ගුණයක්. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් නිකුත් කරන ලද ගෝලීය නවෝත්පාදන දර්ශකය තුල 2012 දී චීනය සිටියේ 34 වැනි ස්ථානයේ ය. එය 2021 වන විට 12 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

    මේ වන විට චීනය රටවල් සහ කලාප 160කට අධික සංඛ්‍යාවක් සමඟ විද්‍යා හා තාක්ෂණ හවුල්කාරිත්වයන් ස්ථාපිත කර ඇති අතර ජාත්‍යන්තර සංවිධාන සහ බහුපාර්ශ්වික යාන්ත්‍රණ 200කට වැඩි ගණනක සාමාජිකයෙකි. මේ අතර, සෞඛ්‍යය, දේශගුණික විපර්යාස, පිරිසිදු බලශක්තිය, කෘතිම බුද්ධිය, ජෛව වෛද්‍ය විද්‍යාව සහ නවීන කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවල අදහස් හුවමාරු කර ගනිමින් ITER、GEO、SKA වැනි ජාත්‍යන්තර විද්‍යා වැඩසටහන් සහ ව්‍යාපෘති ගණනාවකට චීනය සහභාගී වේ.

    “Walker X ,, වැනි රොබෝ නිෂ්පාදන චීනයේ ජන ජීවිතයට නැගී එන තාක්ෂණයන් වේගවත්ව ඒකාබද්ධ කරමින් සිටී. 5G ජාලයේ පරිමාණය සහ ස්මාර්ට් ජංගම දුරකතන පුළුල් ලෙස භාවිතා කිරීම එදිනෙදා ජීවිතය අන්තර්ජාලය හරහා වේගවත් කර තිබේ. ජංගම ගෙවීම් සහ ජංගම තොරතුරු ඉදිරිපත් කිරීම සෑම කෙනෙකුටම පාහේ අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් වන ප්‍රගතිය චීනය අනෙකුත් රටවලට වඩා කැපී පෙනෙන අතර උසස් තත්ත්වයේ ජාතික සංවර්ධනය සඳහා වඩාත්ම බලගතු වාහකය ලෙස මෙය ඉස්මතු වී ඇත.

    කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2012 සහ 2021 අතර වසර දහය තුළ චීනයේ ඩිජිටල් ආර්ථිකයේ විශාලත්වය යුවාන් ට්‍රිලියන 11 සිට 45 දක්වා ඉහළ ගොස් ඇති අතර ජාතික දළ දේශීය නිෂ්පාදිතයේ එහි කොටස 21.6% සිට 39.8% දක්වා ඉහළ ගියේය. COVID-19 වසංගතය වැනි බාහිර සාධක තිබියදීත්, මෑත වසරවලදී ඩිජිටල් තාක්‍ෂණය අඛණ්ඩව සම්ප්‍රදායික කර්මාන්ත පරිවර්තනය කිරීම මෙන්ම නවෝත්පාදන සඳහා පහසුකම් සපයයි. මාර්ගගත සාප්පු සවාරි දියුණුව , මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ වෛද්‍ය උපදේශන සහ දුරස්ථ වැඩ වැනි නව ව්‍යාපාරික ආකෘති හතු පිපෙන්නාක් මෙන් චීනය තුල නිර්මාණය වේ.

    මීට අමතරව, සියලු සමාජ අංශවල ඩිජිටල්කරණය වේගවත් වන අතර සම්ප්‍රදායික කර්මාන්ත වඩ වඩාත් ඩිජිටල්කරණය, ජාලකරණයට ලක්වෙමින් තිබේ. චීනයේ අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ 2021 වාර්තාවට අනුව, රටේ ඩිජිටල් කාර්මීකරණය පරිමාණයෙන් යුවාන් ට්‍රිලියන 7.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව කර්මාන්ත සහ ව්‍යාපාරික ආකෘතීන් බිහිකරමින් ඉහළ මට්ටමේ ගෝලීය කාර්මික දාමයට ගමන් කර ඇත. ඒ අනුව, කාර්මික ඩිජිටල්කරණය අඛණ්ඩව වේගවත් වෙමින් යුවාන් ට්‍රිලියන 31.7 දක්වා ළඟා වන අතර ඩිජිටල්කරණ කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ සේවා යන ක්ෂේත්‍රවල මට්ටම් ඉහළට පැමිණ ඇත.

    “Walker X,, රොබෝ තාක්ෂණය යනු චීනයේ ඉහළ යන තාක්ෂණික දියුණුවේ එක් ප්‍රකාශනයක් පමණි. නවෝත්පාදනය සංවර්ධනය සඳහා මූලික ධාවකයයි. පසුගිය දශකය තුළ, නවෝත්පාදනයට විශාල ප්‍රමුඛත්වයක් ලබා දීමත් සමඟ, චීනයේ විද්‍යාව හා තාක්‍ෂණය පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට ගොස් පෙර නොවූ විරූ මට්ටමකට ජන ජීවිතයට ඒකාබද්ධ වෙමින් තිබේ. එබැවින් නිෂ්පාදන ක්‍රම, මිනිසුන්ගේ ජීවන රටාව සහ ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රබල වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී. අනාගතයේ දී, විද්‍යා හා තාක්‍ෂණික නවෝත්පාදනයන් චීනයට ඩිජිටල් හා තාක්‍ෂණික යුගයේ එහි ප්‍රමුඛ භූමිකාව සුරක්ෂිත කර ගැනීමටත්, ලොව පුරා සිටින ජනතාවට සහ අනෙකුත් අයට වැඩි ප්‍රතිලාභ ලබා දීමටත් හැකිවේය යන්න චීනයේ බලාපොරොත්තුවයි.

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    Shelton Indiaka Bandara

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya