අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ හරිත වර්ධන ආශ්චර්යය

    ඔක්තෝබර් 06, 2022

    2022 වසරේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී බීජිං (Beijing) වායු දූෂක සාන්ද්‍රණය අවම මට්ටමක පැවැතිණි.

    ක්‍රීඩා උළෙල සමාරම්භයේ දී බීජිං අහස නිල් අහසක් ලෙස දිස්විය. එය ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දර්ශනීය පසුබිමක් වූ අතර ''බීජිං බ්ලූ'' යනුවෙන් හැදින් වූ මෙම තත්ත්වය දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද පුළුල්
    පිළිගැනීමකට ලක් විය.

    Beijing හි හරිත ශීත ඍතු ක්‍රීඩා උළෙල තුල “ ලස්සන චීන මුලපිරිම ,, (Beautiful China Initiative ) යන අදහස දීප්තිමත් ප්‍රකාශනයක් ලෙස ඉහළ මට්ටමක පැවතුනි. බොහෝ රටවල දේශපාලන නායකයින් පාරිසරික ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේ ජාතියේ උත්සාහයන් සමඟ ඇති විශිෂ්ට ජයග්‍රහණ අගය කර ඇති අතර, චීනයේ හරිත සංවර්ධන භාවිතයන් සොබාදහම සමඟ සුහද සබඳතාවක් ඇති කර ගැනීමට අනෙකුත් රටවලට ආදර්ශයක් ලෙස සලකයි. චීනයේ හරිත සංවර්ධනයේ ප්‍රගතිය එතරම්  ''ප්‍රබෝධමත්''  වී ඇති බව එක්සත් ජාතීන්ගේ (UN) හිටපු උප ලේකම් සහ එක්සත් ජාතීන්ගේ පරිසර විධායක අධ්‍යක්ෂ Erik Solheim මහතා ද පවසා තිබේ. එසේ වුවද, දශකයකට පෙර චීනයේ පාරිසරික තත්ත්වය කනස්සල්ලට පත්වන ආකාරයේ එකක් වී තිබුණි.

    එවකට, රටේ ඉහළ යන ආර්ථිකය සහ නාගරික ව්‍යාප්තිය එහි පරිසරයට විශාල හානියක් සිදු කළේය: අංශු ද්‍රව්‍යවල සාන්ද්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට වඩා බෙහෙවින් වැඩි විය. RAND Corporation හි සංඛ්‍යාලේඛනවලට අනුව, 2000 සහ 2010 අතර කාලය තුළ, සෞඛ්‍ය ගැටලු සහ වායු දූෂණය නිසා ඇති වූ ශ්‍රම බලකායේ පාඩුව නිසා චීනයට සෑම වසරකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.5 ක් වැය කරන්නට සිදුවිණි.

     චීනයේ හරිත සංක්‍රාන්තිය පිටුපස ඇත්තේ කුමක්ද?


    පාරිසරික ශිෂ්ටාචාරය රටේ තිරසාර සංවර්ධනය සඳහා මූලික වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයේ සිට ජනාධිපති ෂී ජින්පින්ග්ගේ නායකත්වයෙන් යුත් මධ්‍යම රජය පාරිසරික ශිෂ්ටාචාර වැඩසටහන සමඟ ඉදිරියට යාමට පියවර ගෙන ඇති අතර රට පුරා හරිත සංවර්ධනයට සහාය වෙමින් සිටී.

    2013 දී වායු දූෂණය වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් චීනය PM2.5 දූෂණය දැවැන්ත පරිමාණයෙන් මැඩපැවැත්වූ පළමු සංවර්ධනය වෙමින් පවතින රට බවට පත්විය. 2016 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද 13 වැනි පස් අවුරුදු සැලැස්මට අනුව 2020 වන විට ගල් අඟුරු නිෂ්පාදනය ටොන් මිලියන 140 කින් අඩු කිරීම සඳහා චීනයේ ප්‍රධාන පාරිසරික ආරක්ෂණ ඉලක්ක තුලට ඇතුලත් කර තිබුණි.

    2018 මාර්තු මාසයේදී "පාරිසරික ශිෂ්ටාචාරය" සංකල්පය ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ය. චීනයේ පාරිසරික පාලනය සහ පාරිසරික ආරක්ෂණ ප්‍රයත්නයන් භාර ගැනීම සඳහා පරිසර විද්‍යා හා පරිසර අමාත්‍යාංශය සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පිහිටුවන ලද්දේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එම වෙනස ඓතිහාසික වැදගත්කමක් ලෙස චීනය සලකයි. මානව ඉතිහාසයේ කලාතුරකින් දක්නට ලැබෙන දිගුකාලීන සමාජ ස්ථාවරත්වයේ හා ආර්ථික වර්ධනයේ ප්‍රාතිහාර්යයන් පවත්වා ගනිමින්, මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සඳහා රටෙහි ව්‍යාපාරයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට හරිත සාධකයක් එක් කරමින්, චීනය සිය හරිත සංවර්ධනය සමඟ දර්ශනීය ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්ව සිටී.

    ප්‍රාන්ත මට්ටමින් සහ ඊට වැඩි නගරවල වායු සාන්ද්‍රණ සාමාන්‍යය 2015 සිට 2021 දක්වා සියයට 34.8කින් අඩු විය. අධික දූෂණය සහිත දින ගණන එම කාල රාමුව තුළ සියයට 53.6කින් අඩු විය. මීට අමතරව, නිල් අහස සහ පැහැදිලි ජලය යන්න චීනය තුල සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් තිබේ.

    චීනයේ සුළං සහ ප්‍රකාශ වෝල්ටීයතා බලයේ ස්ථාපිත සහ උත්පාදන ධාරිතාවයන් 2021 දී ගෝලීය වශයෙන් ප්‍රථම ස්ථානයට පත් වූ අතර, එහි නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අලෙවිය වැඩිවිය.

    පසුගිය වසර 30 තුළ රටේ වන ආවරණය සහ රක්ෂිත වනාන්තර දෙකම වර්ධනය වී තිබේ. 2000 සහ 2017 අතර කාලය තුළ ලෝකයේ අලුතින් ඉදිකරන ලද හරිත අවකාශයන්ගෙන් හතරෙන් එකක් චීනය සතුයි.

    ඒ අනුව Zhejiang පළාතේ Saihanba Forest Farm සහ Green Rural Revival Program යන වැඩසටහන් එක්සත් ජාතින්ගේ සංවිධානයෙහි (UN) හි “Champions of the Earth,, සම්මානය දිනා ගත්හ.

    වසර ගණනාවක් පුරා, චීනයේ පාරිසරික ශිෂ්ටාචාරයක් වර්ධනය කිරීම පදනම් වී ඇත්තේ පාරිසරික ආරක්ෂාව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය, පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින්පිං චින්තනය, මිනිසුන්ට මුල් තැන දීමේ මූලධර්ම, හරිත සංවර්ධනයේ මාවත, යන කරුණු සදහා අනුගත වීම මත ය. පාරිසරික ආරක්ෂාව පිළිබඳ දැඩි රෙගුලාසි සහ වඩාත් සංකීර්ණ නීති, සමස්තයක් ලෙස කඳු, ගංගා, වනාන්තර, ගොවිබිම්, විල් සහ තණබිම් ආරක්ෂා කිරීම සහ ක්‍රමානුකූලව පාලනය කිරීම සහ ගෝලීය වශයෙන් පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම වැනි පාරිසරික පිළිවෙත් රැසක් චීනය ක්‍රියාත්මක කරමින් සිටී. මේ සියල්ල චීනයේ පාරිසරික ශිෂ්ටාචාර ප්‍රයත්නවලට සහ සුන්දර චීනයක් ගොඩනගන්නට හේතු වී තිබේ.

    පාරිසරික ශිෂ්ටාචාරය මානව ශිෂ්ටාචාරයේ වර්ධනයේ ඓතිහාසික ප්රවණතාවයකි. නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට සහ එහි දෙවන සියවසේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා නව ගමනක් ආරම්භ කරමින්, චීනය මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනය සඳහා කැපවී සිටින අතර, අඩු කාබන් හරිත වර්ධනය ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ නවීකරණය වේගවත් කිරීම, පාරිසරික පාලන පද්ධතිය සහ හැකියාවන්, උසස් තත්ත්වයේ සංවර්ධනයක් ඇති කිරීමට, මිනිසුන්ට ගුණාත්මක ජීවිතයක් නිර්මාණය කිරීමට, ජනතාවගේ ධනය වැඩි කිරීමට, ජාතික ශක්තිය ශක්තිමත් කිරීමට සහ චීනය සදාකාලිකව සුන්දර කිරීමට පාරිසරික ආරක්ෂණ මට්ටම් ඉහළ නැංවීමට ද උත්සාහ කරමින් සිටී.

    ඉහළ යන පාරිසරික අභියෝග හමුවේ මිනිසා පොදු අනාගතයක් බෙදා ගනිමින්සටී. චීනය තමන්ගේම පරිසරය කළමනාකරණයක් පවත්වාගෙන යන අතර , “එක් තීරයක් එක් මාවතක්,, යන මුලපිරීම යටතේ බහුපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණය හරහා අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ පාරිසරික සහ ජෛව විවිධත්ව ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීමට සහය ලබා දෙමින් ජෛව විවිධත්වය පිළිබඳ සහයෝගී සම්මුතීන් ක්‍රීයාත්මක කරයි.

    2020 අවසානය වන විට, චීනය රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් සහ ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන සමඟ පාරිසරික ආරක්ෂණ සඳහා සහයෝගීතා ලේඛන 150 ක් පමණ අත්සන් කර ඇති අතර පරිසරයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් රැසකට ද අත්සන් කර හෝ සම්බන්ධ වී තිබේ.

    සියලුම මිනිසුන් ගේ නිවහන හඳුන්වන එකම ස්ථානය පෘථිවිය වන අතර හරිත නිවසක් තැනීම ජාතීන්ගේ හවුල් ඉලක්කයකි. චීනය පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය සහ බහුපාර්ශ්විකත්වය තදින් අල්ලාගෙන, සාධාරණ, සහ ජයග්‍රාහී ගෝලීය පාරිසරික පාලන පද්ධතියක් සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනු ඇත, පෘථිවියේ සියලු ජීවීන් සඳහා හවුල් අනාගතයක් සහ පිරිසිදු හා පොදු අනාගතයක් ගොඩනැගීමට අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳගැනීමට චීනය උනන්දු වේ. මෙලෙස සුන්දර ලෝකයක් ගොඩනැගීමට සහ ගෝලීය පාරිසරික පාලනයට චීනයේ ප්‍රඥාව සහ සැලැස්ම අනෙක් රටවලට දායක කරගත හැකි මට්ටමක පවතී.
    (This is a translation of an article written by Mr. Yu Hai, deputy Director of Research Center for Xi Jinping Thought on Ecological Civilization.)

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    Shelton Indika Bandara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya