මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියල්ලටම පෙර දරුවන්.......

    ඔක්තෝබර් 01, 2021

     ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.....

    වත්මන් රජය ළමා සහ වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් ඵලදායි වැඩකොටසක් ඉටු කරමින් සිටියි.......

    ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. ඔීනෑම රටක අනාගත වත්කම වන්නේ රටේ දරු පරපුරයි. අප සියළුම ආයෝජනයන් කරන්නේ ඔවුන් වෙනුවෙනි.ඔවුන් දැනුමෙන් සහ ගුණයෙන් පෝෂණය කිරීම රජයේත් අප සැමදෙනාගේත් වගකීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ ,1990 සැප්තැම්බර් 02 යි. 1991 වර්ෂයේ සිට ,ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, සුබ සාධනය ප්‍රවර්ධනය කිරීමත් තේමා කරගනිමන් සෑම වසරකම ඔක්තොම්බර මස 01 දින ළමා දිනය සමරනු ලබයි. ලෝක වැඩිහිටි දිනද ඊට සමගාමීව සමරනු ලබයි.

     

    කොවිඩ් වසංගතයට මැදිව....

    තම නිවෙසටම පමණක් සීමා වෙමින් මෙවරද ලෝක ළමා සහ වැඩිහිටි දිනය සැමරීමට ලොව පුරා බොහෝ දරුවන්‌ට සිදු ව තිබේ. ඒ ලොව පුරා ව්‍යප්තව ඇති කොවිඩ් වසංගතය හේතුවෙනි. ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ඇතුළු, ලොව පුරා බොහෝ රටවල විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ. වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල දරුවන්ට නිවෙස්වලටම කොටු වී සිටීමට සිදු වී ඇත. වසර ඒක හමාරකට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වීම සහ, දරුවන් මුහුණ දී සිටින මානසික පීඩනය සම්බන්ධයෙන් මෙවර ලෝක ළමා දිනයේ ප්‍රධාන කතිකාව බවට පත්ව තිබේ.

     

    ළමුන් වෙනුවෙන්....

    ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව , ලෝක ළමා දිනයට සමගාමීව දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.ළමා දිනසැමරුම් ජාතික උත්සයව ඒළඹෙන ඔක්තොම්බර් මස 05 වනදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. ළමා ආරක්ෂන අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්විමන් පැවසුවේ මෙවරද ලෝක ළමා දිනයට සමගාමීව ළමා රක්ෂණ අධිකාරිය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි. ඒ අනුව අවධානයට සහ අවධානමට ලක්වන දරුවන් හඳුනාගැනීමට, ළමා අපයෝජනය සම්බන්ධන්ධයෙන් වූ දත්ත පද්ධතිය ඒළිදැක්වීම , පුද්ගලික සමාගම සහ ඒක්ව ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් පිහිටුවීම,දරුවන්ට ආරක්ෂා වන ආකාරය වටහා දෙන මොබයිල් ගේම් ඇප් හදුන්වා දීම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

     

    වර්ජන ඉදිරියේ.....

    මෙවර ලෝක ළමා දිනය උදාවන්නේ ශ්‍රී ලංකාවේ දෙලක්ෂ හතලිස් හත් දහසක් පමණ වන ගුරුවරු සහ පහළොස් දහසක් පමණ වන විදුහල්පතිවරු තම වැටුප් ඇතුළු වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී සිටින මොහොතකයි.කොවිඩ් වසංගතය හේතුවෙන් වසර ඒක හමාරකට වැඩි කාලයක් දරුවන්ට පාසල් යාමට නොහැකි වූ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ආරම්භ කල ඔන්ලයින් අධ්‍යාපනයද ගුරු වර්ජනය හේතුවෙන් මෙරට දරුවන්ට අහිමිවී තිබේ.

     

    හොඳට නරකට අන්තර්ජාලය...........

     

    වසර ඒක හමාරකට අධික කාලයක් තිස්සේ නිවෙස් වලටම කොටු වී සිටින දරුවන් පසුවන්නේ ඉමහත් පීඩාවෙන් බව දෙමව්පියන් නිරන්තරයෙන් මැසිවිලි නගති. ‌ඇතැම් දරුවන් ස්මාර්ට් ෆෝන් , වීඩියේ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී සිටිති. ගේම් ගසන්නට දුරකථනය නොලැබීම හේතුවෙන් ගෙල වැලලාගෙන මිය ගිය දරුවකු පිළිබඳ පසුගිය සතියේ මාධ්‍ය මගින් වාර්තා විය. ගුරු විදුහල්පති ගැටළුවි විසඳීම සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර ඉදිරි සති කිහිපය තුළ පාසල් විවෘත කිරීම අධ්‍යාපන බලධාරින්ගේ අරමුණ වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේද පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවයි.ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිෆේ සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානයන්ද මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

     

    ඔන් ලයින් වූ අධ්‍යාපනය....

    ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් භාහිර ක්‍රියාකාරකම් කිසිවකට දරුවාට අවස්ථාව හිමි වන්නේ නැත.යහළුවන් සමග මුසුවෙමින් ක්‍රිඩා ,චිත්‍ර නැටුම් ආදී ක්‍රියාකාරකම් කිසිවක් දරුවාට ලැබෙන්නේ නැත. ඒහෙත් දරුවන්ගේ කායික වර්ධනය නතර වන්නේද නැත. ඒබැවින් නිසි සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබේ.

     

    දරුවන් සුරැකීම- එන්නත්කරණය..........

    කොවිඩ් ව්‍යසනය හමුවේ ළමා සහ වැඩිහිටි ජීවිත සුරැකීම වෙනුවෙන් රජය දිවා රෑ වෙහෙසමින් සිටියි. මෙරට වැඩිහිටි ජනගහණයෙන් සියයට ඒන්නත්කරණය කර අවසන්ය. ඒන්නත නොලැබූ ඉතා වයෝවෘධ තත්වයේ පසුවන වැඩිහිටියන් වෙනුවෙන් ජංගම එන්නත්කරණ වැඩසටහන්ද යුධ හමුදාව විසින් අරඹා තිබේ. මෙවැනි වැඩසටහන් දැනට ක්‍රියාත්මක වන්නේ ලොව දියුණුම යැයි සම්මත රටවල් කිහිපයක පමණි.

    ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල පසුගිය සැප්තැම්බර් 24 දා ඇරඹිණි. ළමුන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙළ වයස් කාණ්ඩ 03ක් යටතේ සිදු කරනු ලබයි. වයස අවුරුදු 12 ත් 19ත් අතර සංජනනීය ආබාධ සහිත දරුවන් පළමු කාණ්ඩය යටතේ එන්නත්කරණයට ලක්කරයි. මෙවැනි දරුවන් 35,000කි. අනතුරුව වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන් ඉදිරියේදී ඒන්නත්කරණය කිරීමට නියමිත අතර නිර්දේශ ලැබුණු විගස 12-15 වයස් කාණ්ඩය සඳහා ඒන්නත්කරණය ඇරඹීමට නියමිතය. වයස 12-19ත් අතර මෙරට ජනගහණය ලක්ෂ 20 කි.

    මෙම එනනත්කරණ වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. එන්නත ලබා දීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ සිතු තුළ සැකයක් පැවතියද මේ වන විටත් ඒම සැක සංකා දුරු වී තිබේ. දෙමව්පියන් තම දරුවන්ට කොවිඩ් ඒන්නත හැකි ඉක්මනින් ලබා දීමට යොමු වී තිබේ. මෙම රජය අන් කවර රජයන්ටත් වඩා දරුවන්‌ වෙනුවෙන් අවධානය යොමු කර තිබේ.

    සෞභාග්‍යයේ දැක්ම.............

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථාව යන තේමාව මුල් කර ගනිමින්, අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් මේ වන විටත් සකස් කරමින් සිටියි. අධ්‍යාපනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඒම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරමින් සිටින අතර ඉදිරියේදී ඒ් සඳහා මහජන අදහස් ලබා ගැනීමටද නියමිතය. පෙර පාසල් ගුරුවරු සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 2000 දීමනාව වෙනුව‌ට එය රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පසුගිය ජූලි මස 01 දා සිට පියවර ගන්නා ලදී. වැඩිහිටි නිවාසවල සිටින නේවාසිකයන්ගෙන් සියයට 90ක් කොවිඩ් මර්දන පළමු එන්නත්කරණයට ලක් කර අවසන් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා පාර්ලමේන්තුවේදී ප්‍රකාශ කළාය.

     

    අත්නොහළ දරුවෝ....

     

    සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා දරුවන් සහ වැඩිහිටි රැකවරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා මේ වන විට ජයවිරු සමාධි මන්ද මානසික දරුවන් රැකබලා ගැනීම සිදු කරන අතර ජයවිරු සෙවණ යටතේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යයී. මහරගම නාවින්න ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයෙහිද මාස හයේ සිට අවුරදු 16 දක්වා දරුවන් තරුණයන් ආබාධිත අය වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්ම වෙයි. දෙමාපියන්ට අවශ්‍ය මාර්ගෝපදේශන වැඩසටහන් පවා මෙම ආයතනය මගින් ලබා දෙයි. ආබාධිත දරුවන් සාමාන්‍ය පුරවැසියන් විදියට සමාජගත කිරීමට මෙමඟින් සිදු වේ. දෘෂ්‍යාබාධිත අරමුදල මඟින් අදාළ පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ කටයුතු සහ සංඥා භාෂා පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

    මෙරට සිටින වැඩිහිටි ජනගහණය ලක්ෂ 16කි. කාර්ය බහුල වීමේ ගොදුරක් වෙමින් අප වැඩිහිටියන්වඅමතක කරමින් සිටියි. වැඩිහිටියන් සම්බන්ධව ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන්නේ වැඩිහිටි මහ ලේකම් කාර්යාලයයි. 2000 වසරේ මෙම වැඩිහිටි ලේකම් කාර්යාලය පිහිටුවා ඇත ඔවුන් පිළිබඳ සොයා බැලීම රජයේ මෙන්ම සිවිල් සමාජයේද වගකීමක් වේ. වැඩිහිටි නිවාස දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන අතර වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධීක්ෂනය යටතේ සිදු වේ.

    ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින් වැඩිහිටි නිවාස 300කට අධික සංඛ්‍යාවක් පාලනය වෙන අතර නේවාසිකයන් 8806ක් පමණ වේ. මේ අයගෙන් සියයට 90ක් මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇත.වැඩිහිටි සුබසාධනය සඳහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ලබා දෙන අතර වැඩිහිටියන් සඳහා ලබාදෙන රුපියල් 2000 දීමනාව ,මේ වන විට වැඩිහටිටන් 416,667කට ලබා දෙයි.. අවුරුදු 70ට වැඩි 238,640ක් පොරොත්තු ලේඛනයේ අතර ඒළඹෙන 2022 ජනවාරි මාසයේ සිට මේ පොරොත්තු ලේඛනයේ සිටින අයටත් ගෙවීම සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අවුරුදු 100ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබා දීමට රජය කටයුතු කර ඇත.

    දරුවන්ට අයිතියක්.........

    සෑම දරුවකු වෙනුවෙන්ම උපතේ සිටම ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන්ද මේ වන විට ජනධිපතිවරයාගෙන් ඉල්ලීම් කරමින් සිටියි.

    ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂණය තහවුරු කිරීම මෙහි අරමුණ බවත් මෙම ගැටළුව ඇති වූයේ දරවන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලේදී බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි. පවුල්

    සෞඛ්‍ය කාර්යංශය මීට පෙරද මේ සම්බන්ධයෙන් යෝජනා කර තිබේ. ඒ් අනුව ඉදිරියේදී මෙම කරුණ සම්බන්ධයෙන්ද අවධානය යොමු වන ඇත.

    වත්මන් රජය ළමා සහ වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් ඵලදායි වැඩකොටසක් ඉටු කරමින් සිටියි. මෙවර ලෝක ළමා දින තේමාව වන සියල්ලටම පෙර දරුවන් යන්න යථාර්ථයක් කර ගත හැක්කේ එවිටයි.

    ප්‍රභාෂිණී දේශබන්ධු

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya