මෙහිදී සාක් කලාපය තුළ අගවිනිසුරුවරුන්, විනිශ්චකාරවරුන් සහ නීති විශාරදයින්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ විද්වතුන් සහ ක්ෂේත්‍රයේ වෙනත් විශේෂඥවරු හමුවෙති.
එම සමුළුව අමතමින් ජනාධිපතිතුමා පවත්වන ලද සම්පූර්ණ කතාව.
ශ‍්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වන දකුණු ආසියානු අග‍්‍ර විනිශ්චයකාරවරුන්ගේ පාරිසරික යුක්තිය පිළිබඳ තුන්වෙනි වටමේස සමුළුවට සහභාගී වන ඔබ සැම සතුටින් පිළිගනිමි.
ආසියාවේ පාරිසරික යුක්තිය සහ තිරසාර පරිසර සංවර්ධනය උදෙසා දකුණු ආසියාවේ නීතිමය පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන ආසියානු සංවර්ධන බැංකුවට මාගේ අවංක ප‍්‍රසාදය පුද කරමි.
ඔබ සමුළුවේ තේමාව වන්නේ තිරසාර පරිසර සංවර්ධනය සඳහා පාරිසරික යුක්තියයි. පරිසරය ජනතාවගේ සියලුම කටයුතුවලට තදින්ම බලපාන්නකි. එය මානුෂික උරුමයේ අත්‍යාවශ්‍ය අංගයකි. පරිසරය, සංවර්ධනය සහ සමාජ ප‍්‍රගතිය යන තිරසාර සංවර්ධනයේ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් තුනට සමතුලිත ලෙස පරිසර නීති සම්පාදනය කිරීම අධිකරණය සතු වැදගත් කාර්යභාරයකි.
මෙහි සංයුතියට නීතියේ සමානාත්මතාවය, සැමට සම ලෙස නීති ප‍්‍රවේශය ලැබීම, වගවීම, පාරදෘෂ්‍යභාවය, සාධාරණත්වය සහ යුක්තිය සම්බන්ධ ඉතාමත් සංකීර්ණවූත් එකිනෙකට සම්බන්ධවූත් මූලික අදහස් හා ප‍්‍රතිපත්තීන් රාශියක් ඇතුලත් ය. එයට අඩංගු තවත් මූලික ප‍්‍රතිපත්තියක් ද වේ. එනම් පරිසරය සඳහා ජාත්‍යන්තර හා දේශීය නීති උපයෝගී කර ගැනීමේදී සමානාත්මතාවයක් ඇති විය යුතු බව ය. පාරිසරික යුක්තිය සියලුම ජාතීන්ට ඉමහත් වැදගත්කමකින් යුක්ත වන අතර, ඒ පිළිබඳ නෛතික කටයුතුවලදී විනිශ්චයමණ්ඩල හෝ ජාත්‍යන්තර ආයතන දෙබිඩි පිළිවෙත් අනුගමනය නොකළ යුතුය. එක්සත් ජාතීන් තුළත් පිටතත් යම් ආයතන විසින් යුක්තියේ මූලික ප‍්‍රතිපත්තිය සහ නීතියේ ආදිපත්‍ය සිතාමතා මෙන්ම දැඩි ලෙස උල්ලංඝනය කිරීම දැඩි කනස්සල්ලටත් සංවේගයටත් හේතුවකි. මේ තත්ත්වය පරිසරය සහ තිරසාර සංවර්ධනය, විශේෂයෙන් පාරිසරික විපර්යාසයන් සහ ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය පිළිබඳ කටයුතුවලට ද තදින් බලපාන අවස්ථාවන් දක්නට ලැබේ.
එසේ අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස ක‍්‍රියා කිරීමෙන් සිදු වන්නේ ජාත්‍යන්තර අධිකරණ ක‍්‍රමයේ යුක්තියේ සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාව තුළ වූ විශ්වාසය සහ ගෞරවය සම්පූර්ණයෙන් පලූදු වීම ය. ජාතීන් අතර මිත‍්‍රත්වයත් ජාත්‍යන්තර සාමය සහ සුරක්‍ෂිත බවත් උදෙසා මෙය වළක්වා ගැනීම අත්‍යවශ්‍යය. ජාත්‍යන්තර සහ ජාතික නීති උපයෝගී කර ගැනීමේ ක‍්‍රමවේදයන්හි සමානාත්මතාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා සම්පාදනය කළ යුතු යාන්ත‍්‍රණයන් සම්බන්ධයෙන් ගැඹුරු ලෙස සාකච්ඡා කිරීමට ඔබට මෙම සමුළුව මහඟු අවස්ථාවකි. යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය උදෙසා එය අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තකි.
අනාගත පරම්පරාවන් සඳහා පරිසරය සුරැකීම ලොකු කුඩා බව හෝ දුප්පත් පොහොසත් බව හෝ නොතකා සෑම රටකටම පොදු වගකීමකි. ශ‍්‍රී ලංකාව වැනි දියුණු වන රටවලට සිය ජනතාවන්ගේ ජීවන මට්ටම ගුණාත්මක ලෙස වර්ධනය කිරීමට එබඳුම වගකීමක් තිබේ. ඒ සඳහා ලොව පුරා සමාජ සහ දේශපාලනික ආයතනවල ස්ථාවරත්වය සහ තිරසාර බව සහතික කළ යුතුව ඇත. විශ්වීය වශයෙන් පිළිගත් මෙය නීති ප‍්‍රතිපත්තියක් ලෙස විස්තර කෙරෙන්නේ “පොදු නමුත් විවිධාංගික වගකීම ” යනුවෙනි.
පරිසරය කෙරෙහි නිසි අවධානය නොදක්වා තිරසාර සංවර්ධනයක් අත් කරගත නොහැකි බව ඔප්පු කර ඇති සාධකයකි. ජනතාව දිගටම දරිද්‍රතාවයෙන් සහ ඛේදවාචකවලින් පෙළෙන්නේ නම් ආර්ථික හා සමාජ සංවර්ධනයක් ඇති නොවෙන්නේ නම් අනාගත පරපුර වෙනුවෙන් රැකීමට පරිසරයක් ඉතිරි නොවන බව සත්‍යයකි.
ජාතික මට්ටමේ විනිශ්චයකරුවන්ට සිය උසාවි තුළ පාරිසරික නීති සම්බන්ධ විවිධ හා සංකීර්ණ ගැටලූ සහ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. එම විනිශ්චයකරුවන් බොහෝ දෙනෙකුට නීති විද්‍යාලයේ විෂය මාලාවන්ට පාරිසරික නීතිය ඇතුළත් නොවීමේ ප‍්‍රශ්නයට මුහුණ දීමට සිදු විය. ඔබ දන්නා පරිදි පාරිසරික නීති දියුණුවන බොහෝ රටවල නීති පද්ධතියට ඇතුළත් වූයේ පසුගිය දශක දෙක තුන තුළදී ය.
එබැවින් විනිශ්චයකරුවන්ටත් නීති ක්ෂේත‍්‍රයේ අනෙක් කොටස්කරුවන්ටත් පාරිසරික නීති, එහි සංකල්පයන් සහ ප‍්‍රතිපත්තීන් ගැනත් ඒ සම්බන්ධ පාරිභාෂික වචන මාලාව සම්බන්ධයෙනුත් අවබෝධයක් කෙටි කලකදීම ලබා ගැනීමට සිදු විය. පාරිසරික පාරිභාෂික වචනවල නිවැරදි නීතිමය දැනුම ලබා දීමත් පාරිසරික ගිවිසුම්, රෙගුලාසි සහ ව්‍යවස්ථාවන් ගැන ඔවුන්ට අවබොධයක් ලබා දීමත් අත්‍යාවශ්‍ය ය. නීති පද්ධතියට මෑතදී ඒකාබද්ධ වූ පාරිසරික නීති තිරසාර සංවර්ධනය සහ නීතියේ ආදිපත්‍යයේ සංයුතියක් වන ආකාරය ගැන පුළුල් අවබෝධයක් ලබා දීමේ අවශ්‍යතා මෑත දී ගෝලීය සහ කලාපීය අධිකරණ සම්මේලනවලදී තදින් අවධානයට ලක් වූ කරුණකි.
අප සාක් කලාපයේ පාරිසරික නීතියේ ආදිපත්‍යය පිළිබඳ අධිකරණ දැනුම සවිමත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බව පෙනේ. මේ වැදගත් කාර්ය භාරය සඳහා ඔබ එකඟ වන්නේනම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සංවිධාන සමග ශ‍්‍රී ලංකාවේ අග‍්‍ර විනිශ්චය කාර්යාලය මගින් සාක් කලාපයේ පාරිසරික යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව අධිකරණ ක්‍ෂේත‍්‍රයේ හැකියාවන් නංවාලීමට මූලාරම්භයක් වශයෙන් කාර්යක්‍ෂම ඒකකයක් පිහිටුවීමට දායක වීම සඳහා ශ‍්‍රී ලංකාව කැමතියි.
ඔබ මේ සමුළුව පවත්වන දර්ශනීය සමුළු ශාලාව සහිත ගොඩනැගිල්ල මීට තිස් වසරකට පෙර පටන් අප රටේ පැවති බිහිසුණු කාලපරිච්ඡේදයක අති භයානක ඛේදවාචකයක් සිහිපත් කරන්නකි. මෙම නවීනතම සුඛෝපභෝගී සමුළු ශාලාව සහිත මහ බැංකු ගොඩනැගිල්ල නැගී සිටියේ 1996 ජනවාරි මාසයේ දී අහිංසක සිවිල් වැසියන් 91ක් මරුමුවට පත් කරමින් තවත් 1400කට තුවාල සිදු කරමින් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විනාශ කළ ගොඩනැගිල්ලේ අළු තුළිනි.
ඔබට දැකගත හැකි පරිදි දැන් මෙරට සෑම ජන කොටසකටම සෑම ආගමකටම අයත් ජනයා සහජීවනයෙන් සහ සාමයෙන් ජීවත් වේ. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වී ගත වූයේ පස් වරසක් පමණි. ත‍්‍රස්තවාදීන් විසින් මිනිස් පලිහක් ලෙස පාවිච්චි කළ තුන් ලක්‍ෂයක ජනතාවක් බේරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා හමුදාව ගත් සාර්ථක පියවර අවසන් වූයේ පස් වසරකට පෙර ය.
එදා පටන් මෙරට පෙර නො වූ විරූ මට්ටමක සංවර්ධනයක් ලබා ඇත. තිරසාර සංවර්ධනයේ ප‍්‍රතිපත්තීන්ට අනුකූලව ලැබූ ප‍්‍රගතිය ඉමහත් ය. ඔබ ගුවන් තොටුපළේ සිට කොළඹට පැමිණි අධිවේගී මාර්ගය මෙන් තවත් අධිවේගී මාර්ග, පාලම්, දුම්රිය මාර්ග මෙන්ම මත්තල නව ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ද ජාත්‍යන්තර නෞකා මාර්ගයට ආසන්නව පිහිටි මාගම්පුර නව වරායක් ද ඉදි කර අවසානය. එසේ අප ජනතාවට වඩා හොඳ අනාගතයක් ගෙන දීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර ප‍්‍රවේශයකට අපි පිවිස සිටින්නෙමු.
ඔබ අද දකින කොළඹ නගරය රට පුරා ඇති තිරසාර නාගරික සංවර්ධනයේ පිළිබිඹුවකි. ඔබට මෙ රටේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ලත් සමාජ, ආර්ථික, පරිසර ප‍්‍රගතිය දැක ගැනීමට කොළඹ නගරය තුළත් පිටතත් චාරිකා කිරීමට අවස්ථාවක් ලැබේ යැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ සමුළුවේ සාර්ථකත්වය සඳහා මෙන්ම ඔබට ප‍්‍රීතිජනක කාලයක් මෙරටේ ගත කිරීමට හැකි වේවා යි ප‍්‍රාර්ථනා කරන්නෙමි.
ස්තුතියි!
HC