අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජයග්‍රහනයට වසර 11යි

    මැයි 18, 2020

    අදින් වසර ඒකොළහකට පෙර හරියටම අද වගේ දවසක මේ පුංචි රටේ මිනිස්සු සතුටු කදුළු වැගිරුවා. ඔල්වරසන් නැගුවා. අත්පුඩි ගැහුවා. හැම තැනකම රතිඥ්ඥා පත්තු කළා.. ගමක් නගරයක් ගානේ කිරිබත් උයන් කාලා හැමෝම සතුට බෙදාගත්තා.. මනුස්සකම් ගුණදහම් හදුනන මේ වගේ රටක මලගමක් වෙනුවෙන් කිරිබත් ඉවුවා නම් ඒ 2009 වසරේ අද වගේ දවසකයි.

     

    ඒ වසර තිහකට ආසන්න කාලයක් අපරට පීචාවට පත්කළ දරුණු ත්‍රස්තවාදයේ මළගම වෙනුවෙන්.ඊළාම් සිහිනය වෙනුවෙන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අසරණ මිනිසුන්ගේ ජීවිත පිපාසිතව මෙන් ගාතනය කළ ම්ලේච්ඡ ඒල් ටී ටී ඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයට පත් කරමින් අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගන්නේ මීට ඒකොළොස් වසරකට පෙර අද වැනි දිනකයි.

    ඒල් ටී ටී ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඒකම අරමුණ වූයේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමයි. ඔහුට කිසි විටෙකත් සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව සමග සමගියෙන් ජීවත් වීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඊළාම් යුද්ධයේ ආරම්භය ඒවකට යාපනයේ නගරාධිපතිවරයාව සිටි දමිළ ජාතික ඇල්ප්‍රඩ් දොරේ අප්පා මහතාගේ ගාතනයත් සමග 1975 වසරේ ජූලි 25 වනදා සිදුවිය. මෙම සිදුවීම ලෝකයෙහිම පිළිකුළට භාජනය වූ අතර ඒය දමිළ ජනතාව ලොවටම අප්‍රිය කරවීමට සිදුකරන ලද්දකි. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ගාතනය කිරීම, ඩග්ලස් දේවානන්ද මහතා ගාතනයට සැලසුම් කිරීම මෙලෙස ඇරඹි ඊළාම් ත්‍රස්තවාදයේ තවත් පියවරයන් විය. ඒමෙන්ම කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173ක් ගාතනය කෙරුණි. සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කරගනිමින් සිදුකරන ලද ගාතන මෙන්ම, බෝම්බ ප්‍රහාර ප්‍රමාණයද අතිවිශාලය.

    ඒ අතර පිටකොටුවේ, මරදානේ මෙන්ම නුගේගොඩ පිපිරවූ බෝම්බ බොහෝ දෙනාගේ මතකයේ නොමැකී තැන්පත්ව ඇත. අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් ඒදා බස්රථ, දුම්රිය ආදියෙහිද බෝම්බ පිපිරුණි. තම දරුවන් පාසැල් සහ උපකාරක පන්ති ගොස් නැවත නිවෙස් වට පැමිණෙන තෙක් මග බලා සිටිනා දෙමාපියන්ගේ මෙන්ම දෙමාපියන් රැකියාවලට ගොස් පැමිණෙන තෙක් බලා සිටිනා දරුවන්ගේද සිත්තුළ ඒදා ඇවිළෙන්නට ඇත්තේ ඒක සමාන වූ භීතියේ ගිනිදැල්ය. මේ අතර යාල්දේවී දුම්රිය කොකාවිල් හිදී බැරල් බෝම්බ 11ක් අටවා පුපුරවා හරිමින් 34 දෙනෙකු ගාතනය කිරීම, වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් පුපුරවා හැරීම, අලුත්ගම කාර්යාල දුම්රියක බෝම්බ අටවා 75 දෙනෙකු ගාතනය කිරීම ආදී මහ පොළොව නුහුලන අපරාධ රැසක් මෙම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය විසින් සිදුකෙරුණි. ඒවකට මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයාට විරුද්ධව කතාකිරීමට දමිළ ජාතිකයන් පවා බිය වූයේ ඔහුගේ ඒකම දඩුවම මරණය වන නිසාවෙනි. ඒහෙත් අපගේ ආරක්ෂක හමුදාවේ ක්‍රියා කලාපය මීට හාත්පසින්ම වෙනස් විය.

    ඒනම් මානුෂීය ගුණාංග වලින් අනූන වූ මානුෂීය මෙහෙයුම පිළිබදව අවසන් සටනේදී මුළු ලෝකයම හමුවේ ප්‍රත්‍යක්ෂ විය. උතුරේදී ත්‍රස්තවාදී පාලන ප්‍රදේශ වලින් පැන ජීවිතය යදිමින් ඒන දමිළ ජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව මානුෂීයව පුදසත්කාර කිරීමට අපගේ හමුදාව නොපසුබටව ඉදිරිපත් විය. තමන්ගේ බත්පත පුදමින් ඔවුන්ගේ කුසගිනි නිවන්නටත්, තම දිවි පරදුවට තබමින් ඔවුන් හට ප්‍රතිකාර කරන්නටත් අපගේ විරුවන් මැළි නොවීය. මෙම ත්‍රස්ත සටන් ඇවිළෙන සමයෙහි උතුරේ පමණක් නොව රටෙහි සෑම තැනකටම පාහේ ඒම ඇවිළෙන සටන් ගින්නෙහි රස්නය හොදහැටි දැනුණි. රටේ අග නගරය වන කොළඹටද ඒළෙසම යුධගිනි දැල්ලෙහි සැර දැනුණි. ඒදා විටෙක රාත්‍රියෙහි මුළු කොළඹම විදුලිය විසන්ධි වන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන්යානයක් කොළඹ අහස ආක්‍රමණය කිරීම නිසාය. ඒවිට කලුවර වූ මුළු කොළඹ අහස සිසාරා සැනින් සුපරීක්ෂාකාරී ඒළි (සර්ච් ලයිට්) දිවෙයි. තවත් මොහොතකින් රක්ත වර්ණ ඒළි විහිදුවමින් ක්‍රියාකාරී වන්නේ ගුවන් ආරක්ෂක පද්ධතියයි. ඒලෙස විහිදුණු වෙඩි උණ්ඩ වල කොපු පසුදා අලුයම කොළඹ පොළොවෙහි දර්ශනය වෙයි. උතුරේ අසරණ ජනතාවගේ සිතෙහි උපදින භීතියට සමාන හැගීමක් අගනුවර වැසියන්ගේද සිත්හි පැළපදියම් වන්නේ ඒකම රටක වැසියන්ගේ සමානාත්මතාවය පසක් කරමිනි. ත්‍රස්තවාදීන් සැම විටම තම පළිහ කරගත්තේ සාමාන්‍ය ජනතාවය.

    ඒ හේතුවෙන් ඔවුන් බොහෝ විට සිංහල හා මුස්ලිම් ගම්මාන ඉලක්ක කර තම ප්‍රහාර ඒල්ල කරන ලදී. සිව්වන ඊළාම් යුද්ධයට මං පාදාගත් ත්‍රස්තවාදීන් ජනයා වෙත බත සපයන ගොයම් වනසාලනු වස් 2006 වසරේ ජූනි 21 වනදා මාවිල් ආරු සොරොව්ව වසා දැමීය. මේ අවස්ථාවේ මානුෂීය මෙහෙයුමක් ඇරඹූ අපගේ වීරෝධාර රණවිරුවන් අගෝස්තු 08 වනදා මාවිල් ආරුව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නා ලදී. අගෝස්තු 15 වන විට මාවිල් ආරු ජලාශයම අත්පත් කරගත් අපගේ හමුදාව අහිංසක ජනතාවගේ ජල මාර්ගය යළි විවෘත කරන ලදී.

    2007 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ බලය නැගෙනහිරින් ගිලිහී යාමත් සමග ප්‍රභාකරන් වහසි බස් දොඩන්නට වූයේ ශ්‍රී ලංකා හමුදාවට වන්නියට ඇතුළු වීමට කිසිසේත් ඉඩ නොදෙන බවටයි. අලිමංකඩ හා මුලතිවු පරාජයන් මකත නම් ශ්‍රී ලංකා හමුදාව වන්නිය හෝ උතුර දෙසවත් නොබලනු ඇතැයි ඔහු බීබීසී ගුවන්විදුලියට ප්‍රකාශයක් ලබාදී තිබුණි. ඒ සදහා උඩගෙඩි දෙන්නට ඇතැම් රාජ්‍ය නොවන සංවිදාන මෙන්ම ඇතැම් රාජ්‍යයන් ද ඇතැම් දේශපාලන නායකයෝද කටයුතු කළහ.

    නැගෙනහිර මෙහෙයුම් වලින් උද්දාමයට පත් හමුදා නිලධාරීන් මෙන්ම හමුදා භටයන් සියල්ලන්ම උතුර හා වන්නිය දෙසට හැරීමට කටයුතු කලේ ඒම ධෛර්යයත් සමගය. ඒ අනූව නැගෙනහිර මෙහෙයුම සිදුවන විටදීම වන්නිය හා උතුර මුදාගැනීමටද සේනාංක කිහිපයක් යෙදවීමට කටයුතු කෙරුණි. ඒවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම ඒවකට ජනාධිපතිව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, නිසි මගපෙන්වීමෙන් සහ ඒඩිතර තීරණ හමුවේ සටනේ ජයග්‍රහණ ශක්තිය තව තවත් තහවුරු විය'

    ත්‍රිවිධ හමුදාපතිවරුන්, බ්‍රිගේඩියර් වරුන්, සේනාංක ප්‍රධානීන් මෙන්ම වීරෝධාර රණවිරුවන් මහා සටනේ පෙරගමන්කරුවන් ලෙස ජයග්‍රහණය කරා යාමට යෝධ බල යෝධ ශක්තියක් සැපයීය. මෙලෙස දිගින් දිගටම මෙහෙයුම් දියත් කරමින් අපගේ ඒඩිතර හමුදාවෝ නොපසුබටව ඉදිරියටම ගියහ. අවසන් සටනේදී මැයි මස 10 වෙනිදායින් පසුව දරුණු සටන් ඇවිළුණු අතර 2009 වසරේ මැයි මස 18 දින සවස වන විට නඩේෂන්, ඉලංගෝ හා රමේෂ් වැනි ඉහළ පෙලේ කොටි නායකයන් ඇතුළු කොටි සාමාජිකයන් 106කගේ මළසිරුරු විශේෂ බලකාය විසින් සොයා ගැනුණි. නන්දිකඩාල් කලපුව අසල දියත් කෙරුණු අවසන් සටනේදී කොටි ත්‍රස්තයන්ගේ මළසිරුරු 52ක් හමුවූ අතර කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුරද ඒහි තිබී හමු විය. ඒත් සමගම නිමිහිමි නැති සතුටකින් පිනාගිය සොල්දාදුවන් තම අතැති තුවක්කු වලින් අහසට වෙඩි වරුසා තබන්නට විය. තිස් වසරක් කුරිරු යුද්ධයක නියැලුණු ඒ වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ දී ජීවිතක්ෂයට පත් කරමින් තිස් වසරක කුරිරු ලේ වැගිරීම අවසන් විය.

    කරුණා අම්මාන් ඒම ස්ථානයට පැමිණීමෙන් පසු ඒහිදී ප්‍රභාකරන්ගේ සිරුර නිසි පරිදි හදුනාගැනුණි. තිස් වසරකට ආසන්න ම්ලේච්ඡ ත්‍රස්තවාදයට ඒළෙස තිත තබන්නට මේ පුංචි රටෙහි නිසි මාර්ගෝපදේශකත්වයකින් පොහොසත් අපේ අතිදක්ෂ හමුදාවන්ට ඒදා ඒලෙස හැකියාව ලැබුණි. අද ලෝකයේ රටවල් බොහෝමයක් වෙලාගෙන සිටිනා කෝවිඩ් වසංගත ත්‍රස්තවාදය හමුවේද අප රට අන් බලවත් රටවල් බොහෝමයක් පරදා ඉදිරියෙන් සිටින්නේ අප රටෙහි නිසි මාර්ගෝපදේශකත්වය සහිත පාලනාධිකාරියත්, සෞඛ්‍ය අංශ සහ වීරෝධාර ත්‍රිවිධ හමුධාවේ සංවිධාන ශක්තියෙන් යුතු බුද්ධිමත් ක්‍රියා කලාපය හේතුවෙනි. වසර තිහකට ආසන්න යුද්ධයෙන් දිවිපිදූ අහිංසක ජනතාව, වීරෝධාර රණවිරුවන් මෙන්ම ආබාධිත වූ විරුවන් බොහෝමයි. ඔවුන් ඔවුන්ගේ වටිනා ජීවිත මෙන්ම ශරීරාංග පූජා කලේ අප සැම සහ රට වෙනුවෙන් බව අදටත් අපි හැමෝටම මතකයි. ඒ් නිසාම ඒලෙස දිවිපිදූ විරුවන් සමරනු වස් මැයි මස 18 සහ 19 යන දෙදිනම වෙන්වූයේ විජයග්‍රහණයත් සමගයි. ඒම විරුවන්ට පින්දී උපහාර කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය ඉදිවී තිබෙනවා. ඒහි තාප්පය වටේටම දිස්වෙන නාමයන් සියල්ල කියාපාන්නේ මවුබිම වෙනුවෙන් දිවිපිදූ වීරපුතුන් ප්‍රමාණය පිළිබදවයි. ඒහි අම්මාවරුන්, බිරින්දෑවරුන්, දරුවන්, ආදරවන්තියන් ආදීන්ගේ කදුළු වලින් ලියවී ඇති, රට බේරාගනු වස් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ නාමයන් ලක්මවුන්ගේ හදවතෙහි සැමදා රණින් සනිටුහන්වී පවතිනවා..

     

    සටහන- පූර්ණිමා

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya