මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍යයේ විප්ලවීය වෙනස....''මතු පිටින් පේනවා අපි නිවුස් කරනවා කියලා''

    ජූනි 30, 2019

    ජුනි 30 වැනි දිනට යෙදෙන ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර එහි එක් වැඩසටහනක් ලෙස වෙබ් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවල කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වු අතර එහිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා දැක්වූ අඳහස් ඇසුරින් මෙය සකස් කෙරිණි.

    rohan samarajiwaUse generator contact මේක social media ලෙසින් කෙටියට කිව්වට ඒක තමයි contact එක. ඒක සංකල්පමය වශයෙන් වැදගත් දේ.මේ අලුත් සංසිද්ධියේ කේන්ද්‍රීය දේ ඉස්සර අපේ වෘත්තිකයන් විසින් යම්කිසි සහතික ලබපු අය විසින්,යම්කිසි සිමිත ආයතනවලට ගොනුවුණු,පාලනයකට නතු වුණු,නියාමනයකට යටත් කරන්නට පුළුවන්,කොටසක් තමයි ජනමාධ්‍යවේදය කළේ.මේතන එනවා Use generator contact යන සංකල්පය. ඒක තමයි මෙහි විප්ලවිය වෙනස.ඒ කිවන්නේ අපි ඉස්සර මිලියන ගණන් කතා කරන්නේ ප්‍රේක්ෂකයා, ශ්‍රාවකයා,තොරතුරු ලබා ගන්න පුද්ගලයා හැටියටයි.ඒත් දැන් ඒ ගොල්ලෝ නිෂ්පාදිකයින් බවට පත් වෙලා.එතකොට යම්කිසි පාලනයක් ඇති කර ගන්න පුළුවන් තැන්,විනයක් ඇති කර ගන්න පුළුවන් නියාමනයක් කර ගන්න පුළුවන් තැන් අද නෑ.ෆේස්බුක් ගත්තත්,ඉන්ස්ටග්‍රෑම් ගත්තත්,අපි ඔක්කෝම ඔය ගොඩට තමයි වැටෙන්නේ.

    ආර්ථික විද්‍යාවේ ක්‍රියාවලියකට අනුව යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක්.යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවනක් අපි නිෂ්පාදනය කරනවා.ඊළඟට ඒ නිෂ්පාදනය අපි බෙදා හරිනවා යම් කිසි පුද්ගලයෙකුට,ඉන් කොහොමද යම් කිසි ආදායමක් එන්නේ කියලා. මේක මම ගත්තාප්‍රවෘත්ති රාමු ඇතුළට. ඕනෑම මාධ්‍යයක ප්‍රධානතම ආර්ථික නිෂ්පාදනය වන්නේ ප්‍රවෘත්ති හෝ තොරතුරු ලෙසයි අපිට බැලු බැල්මට පෙනෙන්නේ.

    ඒත් ඇත්තට ම මෙහි ප්‍රධාන දේ තමයි අවධාරණය.ප්‍රවාත්ති නෙමෙයි.අපි බැලුවොත් සියලු ම මාධ්‍යවල අන්තිමට මොකද්ද කරන්නේ අපි කරන්නේ එකිනෙකාගේ දුෂ්කරතාවයThe most care resource is attention ගැනයි. අද අපි කතා කරනවා Attention Economic අවධානය පිළිබඳ ආර්ථිකය තමයි කරලා තියෙන්නේ.මොකද නිදා ගන්න ඕනි,කැම කන්න ඕනි .අපි එක දෙයකට ආධානය යොමු කළොත් අනිත් දේට අවධානය කරන්නේ
    නැ. මෙහිදී අපි ආමන්ත්‍රණය කරන අයව අල්ල ගන්නවා.අල්ල ගත්තායින් පස්සේ ඒක ගොනු කරනවා.ඊට පස්සේ ඒක මිලියන ගණනාවක අවධානයක් කියලා rate කරනවා.එකේ තියෙනවා,ඇවිල්ලා තත්ත්පර කියක් හිටියද?කී පාරක් return වුනාද?මොන රටෙන් ද ආවේ?adored ආවේ system වලින් ආවේ විවිධ ආකාරයේ තොරතුරු ගන්න පුළුවන්.ඒ තොරතුරුවල කරන්නේ ඒ වටිනාකම්වලට යම් නිර්නායකයක් ලබා දිම.එය ලබාගෙන එය මොනයම් ආකාරයකට  හෝ අලෙවි කරනවා.ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ වෙළඳ දැන්විම් වලට.දෙවැන්නට දේශපාලනයට.


    ෆේස්බුක් වගේ එකකට ගිහින් එහිදි ලින්ක් එකක දැම්මොත් ඒ හරහා අපිට අවධානය ලබා ගැනිමට හැකි වෙනවා. නැත්නම් නිකන් කැලේක සින්දු කියනවා වගේ දෙයක් කිසිම ප්‍රේක්ෂකයෙක් නැ.කිසිම කෙනෙක් මෙයට ප්‍රතිචාරයක් දක්වන්නේ නැ.කිසිම කෙනෙක්ට වැඩක් නැ.ඔක තමයි අපි සියලු දෙනාගේම අභියෝගය.


    තවත් දෙයක් තමයි ආණ්ඩුවේ කිසි දෙයක් ගැන ප්‍රචාරණයක් නැ.ආණ්ඩුව කරන හොඳ දේවල් මිනිස්ස්‍රු දන්නේ නැ. ICTආයතනය කරන ඒවත් දන්නේ නැ.මම මාධ්‍ය ක්ෂේත්‍ර වැඩ කරන කොට විද්‍යුත් මාධ්‍ය නිබුණේ එකයි.ඒ ගුවන් විදුලිය විතරයි.ඒ ආයතනයට තිබුණේ චැනල් 6යි. සිංහල 2යි,දෙමළ 2යි, ඉංශ්‍රිසි 2යි. ඒ ආයතනයට තිබුණේ එකNEWS ROOMඑකයි.ඒ දවස්වල දෙයක් මිනිස්සුන්ට කිව්වාහම විශාල සංඛ්‍යාවකට ඒක ඇහෙනවා.අද ඒක කැඩිලා.අර අවධානය කැලි කැලි වලට කැඩිලා.ඒ අවධානය අපි සිය ගාණක් ආයතන වලට කැඩිලා.එතකොට එක පත්තරයක් බලන කට්ටිය ආණ්ඩුවේ තිබ්බ ඒවා මේවා දැක්කේ නෑ. දන්නේනැ.ඔයාලා කිසි දෙයක් කියන්නේ නෑනේ. කසි දෙයක් ප්‍රචාරය කරන්නේ නැනේ කියනවා.නමුත් ඇත්තට ම එහෙම දේවල් වෙලා තියෙනවා.අපි ඒක බලලා නැ.අපි ඒකතට අවධානයට යොමු වෙලා නැ.එම ප්‍රශ්නය අද හැමෝටම තියෙනවා. හැබැයි එකක් තියෙනවා එක මාධ්‍යයක තියෙන දෙයක් බලලා තමයි අනික් මාධ්‍ය ඒය වාර්තා කරන්නේ.වැදගත් ප්‍රවාත්ති හොයා
    ගන්නවා.සමහර වෙලාවට මටත් පුදුමයි මමත් මොකක්හරි වැදගත් ලිපියක් ලිව්වා ම දවස් 3කට පස්සේ මට එනවා ටෙලිවිෂන් එකෙන් ආරාධනයක්.ඒ අය හොයාගෙන තියෙන්නේ මම පළ කරපු දේවල් වලින්. ඒ අනුව මේවා එකක් එකක් අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තමයි සමාජ මාධ්‍යයේ වැදගත් ම කාර්යභාර්ය සමාජ මාධ්‍යයෙන් කරන්නේ අර ලොකු පත්තර පිටුවල ඒ නිවුස්එක, ඒ ප්‍රචාරණය අහගෙන ඉන්න එක නෙමෙයි,සමාජ මාධ්‍ය තමාට පහසු වෙලාවට ,ඕනැම වෙලාවක ෆේස්බුක් එකේ,විටිටර් එකේ පොඩි MASSAGE එකක් එනවා. ඒක තුළින් අපි ඒ ගැන උන්නදුවක් තියෙනවා නම් ඊළඟ එකට ඊළග එකට යන්න පුළුවන්. Blogඑකකට,පත්තරේක පිටුවකට යන්න පුළුවන්.මේ වන කොට මේවා එකිනෙකට තරඟකරන මාධ්‍ය නෙමෙයි.එකිනෙකට සහයෝගයෙන් අවධානය කියන විරල සම්පත අල්ල ගන්න ක්‍රමවේදයන් ගණනාවක් තියෙනවා.ඒක මයි සමාජ මාධ්‍යවල තියෙන ප්‍රධානතම දේ.

    මෙහි ප්‍රධාන ආර්ථිකමය වශයෙන් වැදගත් දේ අවධානයයි.අවධානය ලබා ගැනිමට එක පැත්තකින් පිටුවලගයක් හා අභියෝගයක් සිදු වෙලා තියෙනවා.ඒ ස්වරුප දෙකම තියෙනවා.හරියට පාවිචචිකරන අයට මේක පාවිචිච කරන්න පුළුවන්.මුල් දවස්වල අපිට ලොකු සැකයක් තිබුණා පරණ මාධ්‍ය නැති වෙලා යයි ද කියලා.එත් අවධානය යොමු කරන්නේ කාටද? දහසක් දේවල් ඉදිරිපත් වෙනකොට මම කොයි එකකටද අවධානය යොමු කරන්නේ කියලා හිතනකොට සන්නාමයට වැදගත්කමක් එනවා.මෙහි ආයතනික සන්නාම තියෙනවා.පුද්ගල සන්නාම තියෙනවා.සමහර මාධ්‍ය වේදින්ට පුද්ගල සන්නාම යටතේ අවධානයට අල්ල ගන්න හැකියාව තිබෙනවා. ඒක මාධ්‍යවේදීනට පමණක් නෙමෙයි දේපාල‍කයින්ට,ව්‍යාපාරයන්ට, brand තියෙනවා. මතුපිටින් පෙනෙනවා අපි news කරනවා කියලා. ඒත් ප්‍රධාන business එක තමයි අවධානය ලබා ගැනිමයි. එහි අතුරු කටයුතු තමයි ඔය news ලබා ගැනිම,තොරතුරු හොයාගැනිම ඒ වගේ දේවල්.

    ලිව්වේ- ලලන්ති ශ්‍යාමලී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya