අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි අරඹයි

    ඔක්තෝබර් 12, 2018

    කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ සිදු කරන ලද පටකවේදී පරීක්ෂණ මාස 04 ක කාලයක සිට සම්පුර්ණයෙන්ම නතර කර ඇති බවට මාධ්‍ය මගින් පළ කල වාර්තා කෙරෙහි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

    ඒ පිළිබදව කරුණු දක්වන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මාස 04 ක කාලයක් පරික්ෂණ නතර කර නොතිබුන බවයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් පටිපාටියට අනුව එම පරීක්ෂණ සදහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගැනීමේ ප්‍රමාදයක් තිබූ බැවින් මෙම තත්ත්වය උදා වි ඇත. එහෙත් ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගෙන තිබේ. (09) දින සිට ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ යළි ආරම්භ ‍කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya