අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    මාර්ග අනතුරු අවම කිරීමට නව නීති සැකසිය යුතුයි - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

    ඔක්තෝබර් 01, 2018

    මාර්ග අනතුරු අවම කිරීමට නම් යල්පැනගිය නීති වෙනුවට නව නීති රාමු සකස්කර ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල දසිල්වා මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (01) පෙරවරුවේදි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති හඳුනා නොගත් වාහනවලින් අනතුරට පත් වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රධානය කිරිමේ අවස්ථාවකදීය.

    මෙහිදී මරණයට පත්වුවන් 06 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත රුපියල් දෙලක්ෂය බැගින් රු. ලක්ෂ 12ක මුදලක් පිරිනමන ලදි. තුවාල සිදු වුවන් 06 දෙනෙකු වෙනුවෙන් රු ලක්ෂය බැගින් රු. ලක්ෂ 06කද මෙහිදී ඔවුන් වෙත පිරි නැමිණ.

    මෙම අවස්ථාවේදි අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ,  ‘‘මෙම අනතුරුවලට ප්‍රධානම හේතුවක් වි ඇත්තේ යල්පැන ගිය නීති පද්ධතිය හා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බවයි. විශේෂයෙන් මාර්ග අනතුරු අවම කිරිමට නම් නීතිය දැඩි කළ  යුතු බවත්, වැඩි වශයෙන් අනතුරු සිදුවන ස්ථාන හදුනාගෙන සී.සී.ටී.වී.කැමරා සවිකර ගෙන අනතුරු සිදුවන ආකාරය හා අනතුරු සිදුකර පලායන රියදුරන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව තමාගේ අදහස බවද, අමාත්‍යවරයා අවධාරණය කළේ ය

    මාර්ග නීති කඩකරන්නන් සඳහා වැඩි දඬ මුදලක් ගෙවීමට නීතියක් ගෙනාවා. ඒත් ඒ වෙලාවෙදි ඇතැම් අය විරුද්ධ වුණා එම නිසා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්වීමත් මාර්ග අනතුරු අවම කිරිමට හේතුවන බවද පැවසයි. එමෙන්ම පදිකයන්ද මාර්ග නීති අනුගමනය කිරිමටත් ,මාර්ගයේ ගමන් කිරිමේදි විනය පවත්වාගත යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශකල අතර, ජංගම දුරකථන භාවිතා කරමින් මාර්ගය හරහා ගමන් කිරිමත්, රිය පැදවීමත් නිසා වැඩි මාර්ග අනතුරු සංඛ්‍යාවක් සිදුවන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

    මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාද මෙහිදි අදහස් දැක්වීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.පී.රත්නායක යන මහත්වරුන්ද සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya