මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව පර්යන්තයේ ඉදිකිරීම් අපේක්‍ෂිත මට්ටමේ

    ජූලි 22, 2014

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිය අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ඉතා කාර්යක්‍ෂම හා අපේක්‍ෂිත ඉලක්ක අනුව සිදුකරමින් සිටී. ඒ අනුව අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, නව යන්ත‍්‍ර සුත‍්‍ර මිලදී ගැනීම, මානව සම්පත් සංවර්ධනය හා නව ඉදිකිරීම් ඒ යටතේ සිදුවේ.

    කොළඹ වරායේ පවතින අධික තදබදය හා කලාපීයව ගොඩනැගෙන නව ආර්ථික ප‍්‍රවණතාවන්ට ගැළපෙන ලෙස වරාය ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීම ද මෙම සංවර්ධන අභිලාෂයන්හි ප‍්‍රමුඛ කාර්යයකි. ඒ යටතේ ඉදිවුණු කොළඹ වරාය දකුණු සංවර්ධන යෝධ ව්‍යාපෘතිය මේ වන විට ඉතා ජයග‍්‍රාහී මට්ටමක පවතී.

    1port

     

    ඒ යටතේ කි.මී. 6.8කින් යුත් නව දියකඩනයක් ඉදි වු අතර, නව නියමු මධ්‍යස්ථානයක්, ඉන්ධන මෙහෙයුම් නව නළ පද්ධතියක්, ගැඹුරු කරන ලද නෞකා ප‍්‍රවේශ ඇළ මාර්ගයක් ඉදිවූ අතර, ව්‍යාපෘතිය තුළ ප‍්‍රථම පර්යන්තය ලෙස කොළඹ ජාත්‍යන්තර බහාලු පර්යන්ත සමාගම (CPEP) සිය පර්යන්තය ඉදිකළේ ය.

     

    මේ සඳහා වන ගිවිසුම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් හෝල්ඩිං සමාගම අතර සිදුවිය.

     

    එය BOT වර්ගයේ (ඉදිකර, මෙහෙයුම්කර, පවරාදීමේ) ගිවිසුමක් වුණු අතර, එය රජය හා පුද්ගලික අංශය එක්ව සිදුකරන ව්‍යාපාරික අවස්ථාවක් ලෙස වර්ග කෙරේ. මෙහි මෙහෙයුම් කටයුතු පසුගිය වසරේ අගෝස්තු 05 වන දින ජනාධිපතිතුමන් විසින් ශුභ මොහොතින් ආරම්භ කරන ලදී.

     

    කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තුළ ඉදිවන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තය වන්නේ (E.C.T) නැගෙනහිර පර්යන්තයයි. ඉතාම වාසිදායක තත්ත්වයක් යටතේ ඉදිවන මෙම පර්යන්තය නිසා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට කොළඹ වරායේ කලාප දෙකකදී එකවර විශාල නැව් මෙහෙයවීමේ අවස්ථාව උදාවේ.
     
    ( CPEP හා J.C.T) ඒ අනුව ඉදිවන නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ ගැඹුර මීටර් 18 කි. 230,000 DWT ධාරිතාවේ බහාලුම් නෞකා මෙහිදී මෙහෙය විය හැකිය. මීටර් 400ක් දිගැති නෞකාවන් මෙහිදී පහසුවෙන්ම මෙහෙයවිය හැකි ය. මෙම පර්යන්තය සඳහා ටොන් 65 ප‍්‍රමාණයේ පර්යන්ත අද්දර ගැන්ට්‍ර් දොඹකර ස්ථාපිත කිරීමට නියමිතය. මෙම පර්යන්තය සඳහා නවීන අංගෝපාංගයන් එක් කෙරෙණ අතර ISO - 1400 පාරිසරික කළමනාකරණ පද්ධති ප‍්‍රමිතීන්ට අනුව පාරිසරික කළමනාකරණය සිදුවේ.


    බහාලු තැන්පත් කිරීමේ මංතීරූ 12ක් හා ශීතරකණ බහාලු තැන්පත් කිරීමේ පහසුකම් ද පර්යන්තය සතුවේ. මේ සෑම ස්ථානයක්ම නවීන පර්යන්ත කළමනාකරණ ක‍්‍රමවේදයන්ට හා පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට සැලසුම් කොට ඇත.

     

    මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව වන විට එහි ඉදිකිරීම් ප‍්‍රගතිය 43.2%කි. එහි මූල්‍ය භාවිත වර්ධනය අපේ‍්‍රල් මාසය වන විට 34%කී. මෙය (2014) මෙම වර්ෂයේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට හැකි වෙතැයි දැනට ඇති ප‍්‍රගතිය අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාස කරයි.
    port2
     

    කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සඳහා සම්පූර්ණ වියදම ලෙස ඇ.ඩො. මිලියන 330ක් ගණන් බලා ඇත. මෙයින් 81.7% හෙවත් ඇ.ඩො.මිලියන 300ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව විසින් දරන ලද අතර, ඉතිරි 18.3%ක මුදල ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරන ලදී.


    ශ්‍රී ලංකා වරාය අධිකාරිය
    සැකසුම - එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya