Print this page

මෙරට කිසිඳු ප්‍රදේශයක විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බැවින් නැඟෙන චෝදනා අසත්‍යයි

සැප්තැම්බර් 11, 2018

උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක (නැදුන්කර්නි නම් ගම්මානයේ) ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය..

ප්‍රවෘත්ති නිවේදනය

උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක (නැදුන්කර්නි නම් ගම්මානයේ) ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් පළවන ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.


මෙරට කිසිඳු ප්‍රදේශයක එවැනි වූ විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බැවින් මෙම චෝදනා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වනවිට, ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 10, 675 ක් 2009 වර්ෂයේදී එම ගැටුම් අවසන් වූ පසු සිය කැමැත්තෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම පුද්ගලයින් සියළු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය තහවුරු කර ඇත.

නීතීඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

aDGi