Print this page

සියළු ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන නිවේදනය: යහපාලන ජාතික රජයට වසර තුනක් සපිරීම පිළිබඳ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය

අගෝස්තු 12, 2018
 
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 3ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.
මෙම වසර තුනක කාලය තුළ ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කොට ඇති අතර, ඒ මත පදනම්ව රට සංවර්ධනයේ මාවතට පිවිස ඇත. මේ සියල්ලම කරන ලද්දේ අතිවිශාල ණය ප්‍රමාණයක් සහ එයට අදාළ පොලී මුදල්ද ආපසු ගෙවා දමමිනි. 
 
වසර තුනක කාලය තුළ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ අභියෝග සහ එම කාලය තුළ ලබා ගන්නා ලද ජයග්‍රහණ පිළිබඳව මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදනු ලැබේ. 
 
එම වැඩපිළිවෙළට ප්‍රචාරක දැන්වීම්, විශේෂාංග, සම්මුඛ සාකච්ඡා මෙන්ම විශේෂ සමරු උත්සව අවස්ථා සංවිධානය කිරීමද ඇතුළත් වෙයි. 
 
එම වැඩසටහනට අදාළව විශේෂ සන්නිවේදන තොරතුරු මාධ්‍ය ආයතන වෙත ලබ දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2018 අගෝස්තු 11 දින සිට ආරම්භ කරනු ඇත. එම සන්නිවේදනයන්ට අදාළව ප්‍රචාරයක් ලබා දීම සඳහා කටයුතු කරන ලෙස ඔබ ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
 
මේ සඳහා ඔබගෙන් ලැබෙන සහයෝගය අගය කොට සලකමි. මේ සම්බන්ධව කිසියම් විමසීමක් ඇත්නම් දුරකඨහන අංක 077-787 4713 ඔස්සේ මා අමතන්න. 
 
නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්