අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිමය අනුපාතිකය වැඩි වීම ලංකාවට පමණක් නොවේ, සමස්ත ලෝකයටම සිදුවන බලපෑමක්-පටු දේශපාල අරමුණු වෙනුවෙන් අර්ථකතන දීමෙන් වැළකිය යුතුයි

    අප්‍රේල් 26, 2018

    රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම සමජය තුළ කතබහට ලක්වී තිබේ. මේ තත්ත්වය ගෝලීය ආර්ථික තත්ත්වයෙන් පවතින විචල්‍ය තත්ත්වය ද හේතු වී තිබෙන බවයි, ආර්ථික විශ්ලේෂකයින්ගේ  මතය වී තිබෙන්නේ. ඩොලරයේ ඉහළ යැම සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද, එයට හේතුවන සැබැ තත්ත්වය සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ අඳහස් දැක්වීය


    විනිමය අනුපාතිකය වැඩි වීම ලංකාවට පමණක් නොවේ, සමස්ත ලෝකයටම සිදුවන බලපෑමක්
    -වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

     

    සියලු රටවල ඩොලරයට සාපේක්ෂව තමන්ගේ රටවල මුදල අවප්‍රමාණය වී තිබෙන බවත් මේ තත්ත්වය ශ්‍රී  ලංකාවට පමණක් ගොනු කර නොබැලිය යුතු බවත් ඩොලරය වැඩි වීම,ලෝකයේ පවතින යම් ප්‍රවණතාවක්මි  බවත් එයට දේශපාලනය ගාවා,පටු දේශපාලණික අරමුණු වෙනුවෙන් අර්ථකතන දීමෙන් වැළකිය යුතු බවත් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.

     

    මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම විශාල ලෙස  පහළ ගොස්  තිබෙනවා. මෙය දේශපාලන හා ආර්ථික යන පැති දෙකෙන් ම බැලිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන  වේදිකාවේ විශාල චෝදනාවක් ගෙනවා.

    ආර්ථිකවේදීන් ලෙස පිළිගන්න ක්‍රමයක් තිබෙනවා, ඕනම රටක විනිමය අනුපාතය තීරණය වෙන්න ප්‍රධාන කරුණු හතරක් බලපානවා. එකක රටක වෙළඳ කර්මාන්තයේ ස්වාභාවය,( ආනයන හා අපනයන ස්වාභාවය )  රටේ තිබෙන ආයෝජන,රජයේ ප්‍රතිපත්ති සහ ජනතාවගේ මානසික කරුණු කියන කාරණය.ජනතාවගේ මානසික  පැත්ත කියල කියන්නේ,සමහර විනිමය අනුපාත විශාල වශයෙන් ඉහ්ළ යයි හෝ පහළ යයි කියන,පූර්ව මතවාද  මත ජනතාව ඉල්ලුම් සැපයුම් කරන්න පුළුවන්.උදහරණයක් ලෙස ඩොලරය වැඩිවන විට එම ඩොලරයට වැඩිපුර ඉල්ලීමක් කරන්න පුළුවන්.මෙම කරුණු හතර අනුව තමයි,ඕනෑම රටක විනිමය වටිනාකම
    තීරණය වන්නේ.


    ඩොලරය ඉහළ යැමේ ගෝලීය තත්ත්වය...

    ශ්‍රී ලංකාවේ රුපියල සහ ඇමෙරිකානු ඩොලරය වැඩිවීමට විශාල වශයෙන් බලපා තිබෙන්නේ, ඉහත කී කරුණු හතරෙන්, ඇමෙරිකානු රජය අලුතෙන් ගෙනව රාජ්‍ය ප්‍රතිපත්ති.එම රාජ්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම,ඒ රටේ විශාල  වර්ධනයක් පෙන්නුම් කරනවා.එම වර්ධනය සමඟ එරට පොලී අනුපාතය වැඩි වී තිබෙනවා. වර්ධනය ගත් විට  2016 අවුරුද්දේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ පළමු කාර්තුවේ වර්ධනය සියයට 0.5යි.එහෙත් 2017 වන විට  දෙවන කාර්තුව වනවිට අනුපාතය 3.2ක් දක්වා වැඩි වී තිබෙනවා.2018 වසරේ පලමු කාර්තුවේ දී සියයට 2.9ක්  වෙනවා.

    මෙය ප්‍රතිශතයක් ලෙස ගත්විට 2016 වසරට සාපේක්ෂව 2017 දෙවැනි කාර්තුව වනවිට ඔවුන්ගේ වර්ධනය සියයට 540කින් වැඩි වී තිබෙනවා.ආර්ථිකයක් වර්ධනය වනවා කියන්නේ,යටිතල පහසිකම් සංවර්ධනය වෙනවා.

    මෙම කරුණු සමඟ ඇමෙරිකාවේ වෙළඳ ශේෂය තුල විශාල පරතරයක් ඇති වුණා.මේ නිසා පොලී අනුපාතය වැඩි වුණා. මේ නිසා වෙනත් රටවලට සාපේක්ෂව වෙනත් රටවා ආයෝජනය කල ඩොලරය එතැනින් නැවත ඇමෙරිකාවට අරන් යනවා. උදාහරණයක් තමයි, යුරෝප රටවල් සහ ජපානයේ ඔවුන්ගේ ආර්ථික වර්ධනය යම් ආකාරයක හිරවීමක් හේතුවෙන් පොලී අනුපාත අඩු කළා. පොලී අනුපාත අඩු කිරීම නිසා යුරෝපය සහ ජපානයේ තිබූ ඩොලර් විශාල ප්‍රමාණයක් ගලාගෙන ගියා නැවතවරක් එක්සත් ජනපදයට. ඔවුන්ට එතැනදී වැඩි පොලී අනුපාතිකයක් උපයන්නට පුළුවන්.මෙය තමයි ලෝකයේ තිබෙන සාමාන්‍ය තත්ත්වය.

     

    ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවූ ගැටළුව...

    මෙම කාරණය දෙස බැලීමේ දී නිකම්ම නිකම් රටට කොටු වෙන්නේ නැතිව, ළිදේ ඉන්නා ගෙම්බන් සේ නොයි ද එළියට ගොස් බැලිය යුතුයි. එවිට අපට ලෝකයේ ස්වරූපය පේනවා.රටවල් ගත් විට ලංකාවේ ඩොලරය 2015 ජනවාරි මාසයේ ආණ්ඩුව පත්වනවිට තිබුණේ රුපියල් 131.45 පමණ ප්‍රමණයක්.අද 157ක් 159ක් පමණ වී තිබෙනවා. මේ සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව අනෙකුත් රටවල් බැලූ විට පාකිස්තානය 2014 අප්‍රේල් සිට 2018 අප්‍රේල් වනවිට ඔවුන්ගේ රුපියල සියයට 20.16කින් කඩා වැටෙනවා. ලංකාවට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටෙනවා.ජපාන යෙන් එක 6.23කින් කඩා වැටෙනවා.යුරෝ එක සියයට 16කින් පහළ ගොස් තිබෙනවා. ස්විස් ෆෑන්ක් එක සියයට 13.9කින් පහළ ගොස් තිබෙනවා.ඉන්දියානු රුපියල වසර 2015 -2018 අතර සියයට 8.3ක පහළ යෑමක් තිබෙනවා. ඒ නිසා ඩොලරයේ වැඩි වීම,ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයේ බොහොමයක් රටවලට බලපා තිබෙනවා.

     

    පරිසරික අභියෝගවල මුහුණදුන් අර්ථිකය...

    සියලු රටවල ඩොලරයට සාපේක්ෂව තමන්ගේ රටවල මුදල අවප්‍රමාණය වී තිබෙනවා.මෙය ශ්‍රී ලංකාවට පමණක් ගොනු කර බලන්න හොඳ නෑ. සමස්ත ලෝකයේ තිබෙන ප්‍රවණතාවය ගැන සිතා කතා කළ යුතුයි. නැතිනම් මෙය වෙනත් දේශපාලන අර්ථකතනයකට තල්ලු වෙනවා.ආර්ථික වශයෙන් මුළු ලෝකයට බලපා තිබෙනවා.ශ්‍රී ලංකාවටත් බලපානවා. ලංකාවට බලපාන්න හේතුව තමයි,2017 අප්‍රේල් මාසයේ මේ රටට ගෙන්වූ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1604යි. 2017 දෙසැම්බර් මවන විට 2047 ක් දක්වා වැඩි වුණා.මේ වසරේ පෙබරවාරි මාසය ගත්තත්,1978ක භාණ්ඩ ආනයනය කර තිබෙනවා.අපේ ආනයනවල වටිනාකම ඩොලර් මිලියන 374කින්, නැතිනම් සියයට 23.3කින් වැඩි වී තිබෙනවා.ඊට සාපේක්ෂව අපේ අපනයනය ගත්විට 2017 අප්‍රේ වනවිට අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 795යි. 2018 පෙබරවාරි වනවිට මෙය වැඩි වී තිබෙන්නේ,916ක් දක්වා පමණයි.අපනයනය වර්ධනය වී තිබෙන්නේ,ඩොලර් මිලියන 121කින්.ඒ අනුව ඩොලරය වැඩි වීමට එයත් බලපානවා.අපේ අපනයනය විශාල කඩාවැටීමකට පසුගිය කාලයේ ලක්වෙ නවා, 2016 පසුව රටේ ඇති වූ නියඟය,අපේ ප්‍රධාන අපනයනයන් වන තේ,පොල් , රබර් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විශාල පහරක් වැදුණා. අපේ වගා බිම් පහළ වැටුණා. වී වගාව පහළ වැටුණා.හාල් ආනයනය කළා.එලවළු ආනයනය කළා. ආනයනය වියදම් වැඩි වුණා. මේ කාරණය තමයි, ලංකාවට ඩොලරය වැඩි වීමට ප්‍රධානම බලපෑ අමතර සාධකයන්.

     

    රජයකට පමණක් පාලනය කළ නොහැකි සාධක....පටු දේශපාලන අර්ථකතනවලින් ඈත්වීම....

    සමස්තයක් ලෙස ගත් විට ආනයනවල මිල වැඩි වෙනවා කියන්නේ,අපේ ජීවන වියදමට බලපාන්න පුළුවන්. ගෙවන්න තියෙන ණය වලට පීඩනයක් ඇතිවන්න පුළුවම්. අප සිතිය යුතුයි, බොහොමයක් කරුණු රජයකට  පාලනයෙන් තොර සාධක බව.උදහරණයක් ලෙස නියඟය නිසා අපනයනය අඩු වීම,නියඟය නිසා ආනයනය වැඩි  වෙනවා.ඇමෙරිකාවේ රජයේ තීරණ. ඒ නිසා රජයක් ලෙස කළ යුත්තේ,මේ අවස්ථාව නිවැරැදිව තේරුම් ගෙන දිගු  කාලීන ප්‍රතිපත්තිමය කරුණු මත රුපියල ශක්තිමත් කිරීමයි.උපාය මාර්ග සොයාබැලීම, වෙනත් අපනයන  ක්ෂේත්‍රයන්, නිෂ්පාදන ක්ෂේත්‍රයන් යොමු වීම ආදී කරුණු පිළිබඳව පුළුල් ප්‍රතිපත්තියක් කෙරෙහි රජයේ අවධානය  යොමු කිරීම වැදගත්.අවසාන වශයෙන් කිවහොත් මෙම ඩොලරය වැඩි වීම,ලෝකයේ පවතින යම්  ප්‍රවණතාවක්.එය ආර්ථික පැත්තෙන් කතාකරනවා මිස එයට දේශපාලනය ගාවා,පටු දේශපාලණික අරමුණු  වෙනුවෙන් අර්ථකතන දීමෙන් සියලු පාර්ශවයන් වැළකී සීම වැදගත් වෙනවා.

    සටහන- ප්‍රභාත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya