Print this page

අසිරිමත් නත්තල උදා වෙයි

දෙසැම්බර් 25, 2017

කළගුණ සැලකීම, සාමය හා එකමුතුකම සහ අඳුරෙන් අලෝකයට යාමක් පෙන්වා දීම වෙනුවෙන් අසිරිමත් නත්තල් උත්සවය අද දින කිතුනු බැතිමතුන් සමරනු ලැබේ.

ශ්‍රී ලාංකික කතෝලික ජනතාවට මෙන්ම ලොව පුරා සියලුම කතෝලික ජනතාව අද දින අසිරිමත් නත්තල් දින සැමරීමට එක්ව සිටින අතර එසේම කතෝලික නොවන ජනතාවට තම සහෝදර කතෝලික ජනතාව සමඟ නත්තල සැමරීමට එක්ව සිටීම විශේෂත්වයකි.

ඉතිහාසයේ සඳහන් වන පරිදි ක්‍රිස්තුස් වහන්සේ උපත සිදු වූ ක්‍රි.පූ.4 හෝ 3 වැනි වසරේ වන අතර මුල් යුගයේ එනම් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවස වත තෙක් කිතු උපත සැමරීමක් සිදු නොකළේය. එකල රෝම නීතිය අනුව උපත සැමරීම තහනම් වුවද කිතු දහම වැළදගත් රෝම අධිරාජ්‍යයා එතෙක් දෙසැම්බර් 25 වන දින යෙදී තිබුණු රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය කිතු උපත සැමරුමට යොදා ගැනීමට අණ කර තිබේ. ඊට සමගාමී එදා සිට අද දක්වා නොයෙක් අංගෝපාංග එක් වෙමින් විචිත්‍ර‍වත් අසිරිමත් නනත්තල් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.

නමුත් මෙම නත්තලට පදනම් වූ කිතු උපත සිදු වූයේ දෙවිවරුන්ගේ සැණකෙළි  පසුබිමක් තුළ නොවන ජෙලුසෙලමේ බෙත්ලෙහෙමේ සීත රැයක ගව ලෙනක වුවද එවකට මහේශාක්‍ය උත්සව සම්ප්‍ර‍දායානුකූලව පැවැත්විණි. ඒ අනුව නත්තල් සමයේ කිතු උපත සංකේතවක් කරමින් සෑම  කිතුනු පල්ලියක් සහ නිවසක් ඉදිරියේ ගවලෙනක් ඉදිකරමින් එයට නත්තල් ගසක් ද එක්කර තිබේ. එසේම ක්‍රිස්තුන් වහන්සේ දිළිඳු පවුලක ඉපදීම හේතුවෙන් විශේෂයෙන් දිළිඳු පවුල්වල ළමයින්ට නත්තල් සීයා තෑගි භෝග බෙදාදිම සිදු කරනු ලබයි. නත්තල් සුබ පැතුම් හුවමාරු කර ගනිමින් කැරෝල් ගී ද නන්දෙසින් දක්නට ලැබේ.

මෙරට කොළඹ ඇතුළු නගර නතත්ල් සැරසිලි දක්නට ලැබෙන අතර මැල්කම් රංජිත අගරදගුරු හිමියන් මෙවර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පරිසර හිතකාමී සැරසිරි භාවිත කරමින් නත්තල් සැමරුම සිදු කරන ලෙසයි. ශ්‍රී ලාංකිකයෝ ක්‍රිස්තුන් වහන්සේ උපන් දෙසැම්බර් 24 වැනි දා මැදියම් රෑ දෙව් මැදුරුවලට ගොස් දේව පූජාවට සහභාගි වන අතර පසුව එළැඹෙන 25 වැනි දින නත්තල් උත්සවය සමරති.

නත්තල වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථාන වලදී පැවැත්වීමට නියමිතය.

මේ අතර ශුද්දෝත්තම පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් පවත්වන දේවමෙහෙය වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වීමට නියමිතය.