Print this page

අද පාර්ලිමේන්තුවෙන්..2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කෙරේ.... දහම් පසල් අධ්‍යාපනය අනිවාර්යයි.... ලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍යයි...

දෙසැම්බර් 08, 2017

 


රාජ්‍ය ආයතනවල අඩුපාඩු අවම කරගැනීම බලාපොරොත්තුවයි...

අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට සහන...

2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කෙරේ....

දහම් පසල් අධ්‍යාපනය අනිවාර්යයි....

ලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍යයි...

 

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි තුන්වැනි වෙන් කළ දිනය (08) අදයි


විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි තුන්වැනි වෙන් කළ දිනය (08) අදයි. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වුණා.

ඒ අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය, තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, විශේෂ කාර්යභාර පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ යටතේ විශේෂ කාරක සභාවට යොමු කළ වැයශීර්ෂ විවාදයට ගැනුනා

 

 

රාජ්‍ය ආයතනවල අඩුපාඩු අවම කරගැනීම බලාපොරොත්තුවයි.. 


lasanthaරාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති,ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 

වාර්තාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය

''පාර්ලිමේන්තුවට හිමි වගකීම කාරක සභාව තුළින් සාර්ථකව ඉටු කරගැනීමට හැකි වීම ගැන සතුටු වෙනවා.ආයතන 36ක වාර්තාව ඇතුළත් කරන්නේ. නවීන තාක්ෂණය භාවිතා කරලා ආයතන 832ක වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.''

'' මේ වාර්තාවේ දී බලාපොරොත්තු වෙන්නේ,ආයතන වල අඩුපඩු අවම කරගැනීමයි. එය හොඳ කරුණ ලෙසයි, අවබෝධ කරගෙන තිබෙන්නේ. ගිණුම් කාරක සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අඩුපඩු සකස් කරගැනීමට හැකි වී තිබෙනවා.රාජ්‍ය ආයතන 832 වාර්තා ඊළඟ වර්ෂයේ ඉදිරිපත් කරනවා.''

''පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරලා, ඉදිරි පියවර ගැන තීන්දු තීරණ ගත යුතුයි. ගිණුම් කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කර තිබුණත් ඒ පිළිබඳව ඉදිරි පියවර තවමත් සාකච්ඡා කර නෑ. ඉදිරි දිනවලදී මෙම වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර ඉදිරි පියවර ගැන අනුමතිය ලබාදෙන්න ''

මේ පිළිබඳව අවධානය යොමු කරනවා. පක්ෂ නායකවරුන්ගේ අවධානය යොමු වේ යැයි සිතනවා. ඉදිරියේ දී මේ පිළිබඳව අධ්‍යනය කරනවා යැයි ද කතානායක කරූ ජයසූරිය මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ ය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- අනිවාර්යෙන් සිදුවිය යුතු විවදයක් කරන සම්ප්‍රදායක් ඇති කරන්න. පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කරන්න.

 

 


හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අග්‍රාමාත්‍ය

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනධිපතිතුමියට ආරක්ෂාව සපයා දී ඇති බවත් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරක්ෂක නිලධාරීන් 154ක් ද හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරක්ෂක නිලධාරීන් 61ක් ලබාදී තිබෙන බව පැවසීය.

තවදුරටත් ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා, බුද්ධි අංශ විසින් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය බව දැන්වුහොත් ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ හැකි බවද පැවසීය.

 

 


අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට සහන..ranil par

සොයා බැලීමට අමාත්‍ය අනුකමිටුවක්...

ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක්...

අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට කෘෂිකර්මාන්තය ට සිදුවී ඇති බලපැම සොයා බැලීමට කොමිටියක් සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සියලු පාර්ශව සමඟ සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වන බවත් ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දිනවල රටේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම,කෘෂි කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම සහ රජය මෙයට මුහුණ දීම සඳහා ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සභාව දැනුවත් කරමින්.

ඡන්ද දායකයන්, පාක්ෂිකයන් අහන්නේ බදු මිල ගැනයි. විශේෂයෙන් සඳහන් කරන්නේ ආණ්ඩුව ගන්නා පියවර ගැනයි. අපේ රටේ ආහාර සැපයුම් ජාලය කාලගුණය මත සමඟ රදා පවතින්නක්. පසුගිය කලය තුළ දේශගුණික හා කාළගුණික රටාවේ වෙනසක් ඇති වුණා. පසුගිය නොවැම්බර් මස බලාපොරොත්තු වූ මොසම් වැසි ඇති නොවීම නිසා වියළි කාලගුණය ඇති වුණා.

ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස් කම් ක්‍රමයෙන් වෙනස් වෙනවා. මෙය රටේ ආර්ථිකයට හා ගෘහස්ථ ආර්ථිකයට බලපා තිබෙනවා. සමහර පළාත්වල කන්න තුන හතරක් වගා පාළු වුනා. පොල් ඵලදාව අඩු වුණා. එළව්ළු වගාව සියයාට් 30%කින් අඩු වුණා.

2017 උඩරට එළවළු වගාකරන්න හැකි වුණේ, උඩරට හෙක්ටයාර් 10712ක්. පහතරට 19000ක් පමණයි. දැනට තිබෙන වර්තා අනුව පොල් ඵලදාව මිලියන 40ක් වුවමානායි. මැයි වනවිට මිලියන එකසිය හතළිහක් අවශ්‍ය වෙනවා. ආහාර ද්‍රව්‍ය ඉහළ යෑම නිරීක්ෂණය වුණා.

රටේ ජාතික ආර්ථික වර්ධනය අඩුවීමක් සිදු වුණා. නියඟය හා ගං වතුර නිසා සියයාට 4.5% දක්ව අඩු වී තිබෙනවා. කෘෂි අංශයේ සෘණ ලෙස පෙන්වා තිබෙනවා. දේශගුණය සමස්ත ලෝකයට බලපා තිබෙන කාරණයක්. කෘෂිකර්ම රටාවන් වෙනස් වුණා. අනෙක් භෝග වගාවන්ට බලපා තිබෙනවා. ඒ පිළිබඳව කරුණු හොයාගැනීම අපහසු වුණා. මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව බාරගන්න ඕන. යථාර්ථය පැහැදිළි කළ යුතුයි. අලුත් අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සූදානම්. පසුගිය දා කැබිනට් රැස්වීමේ දී සකාච්ඡා කළා. තීරණ රැසක් ගත්තා. ඒවා කෙටිකාලීනයි.

සතොස ආයතනයෙන් සහල් ආනයනයට මහා භාන්ඩාගාරයට අවසර දුන්නා, මෙ.ටො. ලක්ෂ දෙකක් ලබාගන්න. සම්ප්‍රදායිකව ඉන්නවා ආහාර ආනයනය කරන ව්‍යාපාර, මේ අයටත් දෙනවා. සහල් ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන මහ කන්නයේ සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ජනවාරි මස වනවිට සහල් මිල අඩු කළ යුතුයි. කඩිනම් රටපුර අසහල් බෙදා හැරීමේ ක්‍රමවේදයක් සාකච්ඡා කළා. ඒ අනුව රටට වුවමනා සහල් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

පොල් මද ආනයනය කිරීමට ඉඩ දී තිබෙනවා. පොල් ගෙඩිය ගේන්නේ නෑ.වෙනත් එළවලු ගෙන්න වුවමනා නම්, ගොවිමහතුන්ට හානි නොවන ලෙසයි කරන්නේ. සහනාධාර ලබාදෙනවා, වැලිමඩ ගොවීන්ට හා අනෙක් ප්‍රදේශවල අල ගොවීන්ට සහනාධාර ලබාදෙනවා.

මීට අමතරව අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට සහන ලබාදීමට කොමිටියක් පත් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය ට සිදුවී ඇති බලපැම සොයා වාර්තා කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.

අද බෙදා හැරීමේ යාන්ත්‍රණය පෞද්ගලික යාන්ත්‍රණයක් තිබෙන්නේ. සියල්ල එකතු කරගෙන අලුත් බෙදාහැරීමේ ජාලයක් ඇතිකරගන්න තිබෙනවා. බෙදා හැරීමේ යම් ප්‍රශ්නයක් තිබෙනවා.අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දීම සඳහා ලබන සතියේ අදාළ සියලු පාර්ෂව සමඟ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතු වෙනවා. සභාව මේ ගැන සාකච්ඡා කරන එක හොඳයි. දේශගුණය වෙනස් වීමෙන් ආර්ථිකය අඩාල වෙන්න දෙන්න බෑ. වාර්තා ලැබුණාම සභාව දැනුවත් කරන්නම්. ජනවාරි පෙබරවාරි වන විට මේ තත්ත්වය පාලනය කරනවා. කෙටි කාලීන හා මධ්‍යම කාලීන හා දීර්ග කාලීන පියවර ගත යුතුයි.

 

2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කෙරේ- සංචාරක ව්‍යාපාරය අංක එකේ ආදායම උපයන

ව්‍යාපාරය කිරීම ඉලක්කයයිjone

2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් සංචාරක ආදායම දෙගුණයකින් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන බවත් සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේ  දී පැවසී ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

පෞදග්ලික අංශය සම්බන්ධ වෙන්නේ නැත්නම් සංචාරක කර්මාන්තය දියණු වෙන්නේ නෑ. ඉදිරි අනාගතයේ සංචාරක ව්‍යාපාරය අංක එකේ ආදායම උපයන ව්‍යාපාරය බවට පත් කිරීම ඉලක්කයයි.

අපිට අභියෝග තිබුණත්, අපේ සංචාරක පැමිණීම ඉහළ ගොස තිබෙනවා. ශ්‍රී ලංකා දූපත සංචාරයට ආකර්ෂණීය ස්ථානයක්. සංචාරක සහ චරිකා ව්‍යාපාරවල ආයෝජනය කිරීමේ දී අපේ රට ලබාදී තිබුණු ස්ථානය ඉහළට ගොස් තිබෙනවා.

සංස්කෘතික ත්‍රිකෝණය,සීගිරිය, අභයභූමි ,සදාහරිත වනාන්තර සංචාරකයන්ගේ ප්‍රසාදය ට ලක්වී තිබෙනවා. වැඩි සංචාරක ක්ෂේත්‍ර රැකියා සංඛ්‍යාවක් බිහි වී තිබෙනවා. වක්‍ර සේවා සපයන්නක් ලක්ෂ 08ක්. සංචාරක හ චාරිකා ක්ෂේත්‍රය රටේ දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් සපයනවා.

 

 

දහම් පසල් අධ්‍යාපනය අනිවාර්ය කරනවා- අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාgamini jaya

 

වසර 2019 වනවිට දහම් පසල් අධ්‍යාපනය අනිවාර්යය කරන බව බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බුදු දහම ලොවට පතුරන කේන්ද්‍රස්ථානය කිරීමේ අරමුණින් අප කටයුතු කරන්නේ.ප්‍රතිපත්ති ගරුක සමාජයක් බිහි නොවුණොත් අපේ ආර්ථිකය දියුණු කිරීම ආගම දහම අනුව පුළුවන්. පාර්ලිමේන්තුවේ භාවනා පන්තියක් හදන්න අවශ්‍යයි.

ප්‍රතිපත්තිගරුක සමාජයක් හදන්න වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා.දහම් පාසල් අනිවේඅර්ය කරන්න කිව්වා. මනායකවරු,පූජකවරු ඉල්ලීමක් කළා. 2019 වසර වනවිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරනවා.ජලාශ හදන,පැල සිටුවන,පාලම් හදන,පරිසරය සුරකින අය නිවන් දකිනබව බුදු හිමියන් දේශනා කළා. ''සියටල්ගේ'' ප්‍රකාශය බලන්න, ''අවසන ගස් ටික කපා දැමීමෙන් පසු දිය පහරත් විනශ වූ පසු මිනිසා තේරුම් ගනී සල්ලිවල වටිනාකමක් නැති බව''. මත්ද්‍රව්‍ය කමිටු වාර්තාව සකස් කරනවා.

විහාරස්ථාන සංවර්ධනයට වර්ගකිරීමක් කරනවා. පසුගිය කාලයේ පන්සල්වලට කළ දෙයක් නෑ. දහම් පාසල් සංවර්ධනයට ,පන්සල්වලට මුදල් ලබාදී තිබෙනවා.මිලියන 500ක් දුන්නා පසුගිය දා. පන්සල්වලට ගිහිල්ලා වෛරය පතිරවීම පාපකර්මයක්. එය කරන්න එපා. ගම භේදය,සංඝ භේදය කරන්න එපා. පිඬුසිඟ යෑම දිරිමත් කරනවා. වෙසක් උළෙල කුරුණෑගල පැවැත්වෙනවා.

 

අමාත්‍ය ඩබ්ලිව්.ඩි ජේ.සෙනෙවිරත්න මහතා-


උප තැපැල් ස්ථානාධිපතිවරු 3412ක් ඉන්නවා. වැටුප් තලය අඩු කිරීම සාම්ප්‍රදායික ලෙස නොවන දෙයක්.මේ පිළිබඳව තැපැල්පතිතුමා සළකා බලන්න. සෙනසුරාදා තැපැල් කාර්යාල විවෘත කර තිබෙනවා.ඒ සියලු දෙනාට දීමනා දෙනවා. උප තැපැල් කාර්යාලවලට දෙන්නේ නෑ.දෙවිදියකට සැළකීම ප්‍රඥාගෝචර නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා-

ජර්මනිය,ප්‍රංශය ගුවන්වාර නවත්වලා. ගුවන්තොටුපල මීට වඩා සංචාරකයන්ට පහසුකම් සළසන තැනක් වෙන්න ඕන. සංචාරක හෝටල් පාසලෙන් එළියට එන දරුවන්ට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. මනව සම්පත විශාල වශයෙන් වුවමනා වෙනවා.


නවෝත්පාදන නිෂ්පාදනයන් වෙළඳපොළට ගෙන යාමට පුද්ගලික අංශය දිරිමත් කළ යුතුයි

නවෝත්පාදන වැඩසටහන් ගණනාවක් රටට දායාද කර තිබෙන බවත් නවෝත්පාදන නිෂ්පාදනයන් වෙළඳපොළට ගෙන යෑමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මේ සඳහා පුද්ගලික අංශය දිරිමත් කළ යුතු බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසයි.

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය විශාල වැඩකොටසක් කළා.විදාතා වැඩසටහන මිලියන 165ක් ලැබී තිබෙනවා. ව්‍යවසායක ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනාගෙන විවිධ ක්ෂේත්‍ර පදනම් කරගෙන ප්‍රදේශ අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය කටයුතු සිදු කරනවා. තෝරාගත් ව්‍යවසායකයන්ට දැනුම ලබාදෙනවා. බිම්මල් ව්‍යාපෘතියට අවශ්‍ය තාක්ෂණය ලබාදී තිබෙනවා. ව්‍යවසාකයන් බලගැන්වීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.

විද්‍යාව හා තාක්ෂණය නව නිපැයුම් වල දැනුම ලබාදීම ආරම්භ කර තිබෙනවා. ජතික මට්ටමින් විදාතා හරිත කඩමණ්ඩිය නමැති වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ තුළින් භාණ්ඩ අලෙවි කිරීමේ වැඩසටහනින් සිදු වෙනවා. වස විසෙන් තොර ශ්‍රී ලංකවක් සඳහා විදාත මධ්‍යස්ථාන දායක වී තිබෙනවා

 

කාර්යක්ෂම තැපැල් සේවයක් මහජනතාවට දීමේ අරමුණින් පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක්haleem

තැපෑල ජාලගත කිරීම නිසා ජනතාවට ඉන් ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙන බවත් කාර්යක්ෂම තැපැල් සේවයක් මහජනතාවට ලබාදීමට අරමුණින් පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් තැපැල්,තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.


තැපැල්,තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

තැපැල් දෙපාර්තමේන්තුව සේවා ගාස්තු අයකිරිමෙන් තොරව ලාදුරු, ක්ෂය රෝග,ධීවර විශ්‍රාම වැටුප් සඳහා මිලියන 19,000ක් ලබාදෙනවා. පුද්ගලික අංශය හා කරට කර තරඟ කරමින් හඳුන්වා දෙනවා. 653ක් ජාලගත කර ඇති තැපැල් කාර්යාල මඟින් මහජනතාවට අවශ්‍ය බැංකු,මූල්‍ය,රක්ෂණ පහසුකම් ලබාදී තිබෙනවා. අන්තර්ජාල භාණ්ඩ අලෙවිය වැනි සේවාඅ වලට අමතරව රක්ෂන ගණුදෙණු හඳුන්වා දී තිබෙනවා. ජල බිල්පත් තැපැල් ජාලය හරහ ගෙවීමට පහසුකම් සළසා තිබෙනවා.

තැපෑල ජාලගත කිරීම නිසා ජනතාවට ඉන් ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා. වසර ගනනාවක් පැරණි ගොඩනැඟිලි කාර්යාල පවත්වාගෙන යෑම අභියෝගයක්. වතු සමාගම් සමඟ සාකච්ඡා කරලා, තැපැල් කාර්යාල පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කරනවා.ගොඩනැඟිලි අලුත් වැඩියාව සඳහා මිලියන112ක් වෙන් කර තිබෙනවා.නව තැපැල් කාර්යාල ඉදිකිරීම,තුළින් රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා මහජාන ආකර්ෂණය වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.යාපනය තැපැල් කාර්යාල 25ක් ජාලගත කෙරෙනවා.

උපතැපැල් ස්ථානාධිපතිවරුන්ගේ වැටුප් අඩුවීම චක්‍රලේඛන විෂමතවය හේතුවෙනවා. තාවකාලිකව නවතා තිබෙනවා. යම් සහනයක් ලබදෙන්න බලාපොරොත්තු වෙනවා.කාර්යක්ෂම තැපැල් සේවයක් මහජනතාවට ලබාදීමට අරමුණයි. පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරනවා.ඊ කෝමෂ්,කූරියර් ක්‍රමය වේගවත් කිරීම, විදේශ ව්‍යාපාරික සේවා ක්‍රියාත්මක කිරීම අරමුණයි.කටුනායක ගුවන්තොටුපලේ මුද්දර කාර්යාංශ කවුළුවක් ආරම්භ කිරීමට වසර 2018 ආරම්භ කිරීමට නියමිතයි.


ලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍යයි

harinලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍ය බවත් ඩිජිටල්කරණය හරහා රට නව මාවතකට යොමු කර ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අයි .සී.ටී එකෙන් විශාල ව්‍යාපෘති රාශියකට මඟ කපා තියෙනවා.ඩිජිටල්කරණය ලෝකයේ ඉදිරියට යන්න අවශ්‍යයි. සුහුරු පන්ති කමර සංකල්පය ලෝකය ඉදිරියට එන සංකල්පය. සියලු රජ්‍ය ආයතන ජාලගත කිරීම වටිනවා.

ටෙලිකොම් එකේ එක රැකියාවක් ලබාදුන්නේ නෑ.ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම කොම්පැනි අතර දහය ස්ථානයේ තියෙනවා. ගොඩක් ආයෝජන කරලා තියෙන්නේ 2011,2012, 2013 කාලයේ. පාඩුව වාර්තාවෙන් එළියට එයි.ශ්‍රී ටෙලිකොම් ආයතනයට ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ලංකාව ඉන්ටනෙට් සම්බන්ධයෙන් 37 වැනි ස්ථානය හිමිවී තිබෙනවා.බැලුම හමුවුණේ ගූගුල් සමාගමෙන් නොමිලේ. ලංකාවට 4ජී තාක්ෂණය දෙන්න බලන්නයි හැදුවේ. එය කඩකප්පල් කළා. ඊපාස්පෝට් නැත්නම් ඉදිරියේ දී යුරෝපයට යන්න බැරිවෙයි ඉදිරියට. ඩිජිටල්කරණය දී එය තවත් අමාත්‍යාංශයක් සමඟ බද්ධ වෙලා තිබෙනවා

 

 


ගාල්ල දෙද්දූවට සංචාරක කලාපයක්..

ගාල්ල දෙද්දූව ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ආරම්භ කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

2015 ජනවාරි 08 වැනිදා අපට හැකි වී තිබෙනවා, දෙද්දූව ඉඩම් අත්පත්කරගැනීමට හැකි වී තිබෙනවා. ඒ ප්‍රදේශයේ නිරීක්ෂණ චරිකාවක නිරතවෙනවා. ලංකාවේ ප්‍රධාන සංචාරක කලාපයක් ලෙස දෙද්දූව සංචාරක කලාපයක් ලෙස ආරම්භ වෙනවා. පරිසර හිතකාමි ලෙස ජල ක්‍රීඩා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් දෙද්දූව සංචාරක කලාපයේ ඇති වෙනවා. රැකියා දහස් ගණනාවක් බිහි වෙනවා.හික්කඩුව ප්‍රදේශයට විකල්ප මාර්ගයක අවශ්‍යතාවය ගැන සාකච්ඡා කළා.හික්කඩුව සංචාරක කලාපයක් ලෙස ගැසට් කරලා දියුණු කිරීමට කටයුතු කරන්න .

 


වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල මුදලක් ලබාදුන්නා

වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල මුදලක් ලබාදී ඇතැයි බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

බෞද්ධ දර්ශනය සමඟ අපේ රට සුවිශේෂී වෙනස්කම්වලට ලක් වුණා. බෞද්ධ දර්ශනය සමඟ ඉදිරියට පැමිණි රටක් අපේ මාතෘ භූමිය.පසුගිය වසර කලය තුළ විශාල වැඩකොටසක් බෞද්ධ ප්‍රබෝධය සඳහා සිදු කළා.

ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම ගැන කියලා දේශපාලන වසි ගන්න ඇතැමුන් උත්සහ කළා. දැන් කමිටුවක් නිර්මාණය කරල තිබෙනවා, බුද්ධාගමට හිමි තැන ශක්තිමත් කිරීමට.ඒ නිසා සැබෑ ලෙස බෞද්ධ ආගම ප්‍රචලිත කිරීමට සැබෑ ප්‍රශ්න කතා කරනවද කියල විමස බැලිය යුතුයි.

9,10,11 වසර වල දහම්පාසල් සිසු පිරිස අඩුවෙලා. ඒ ගැන චෝදනා අපට එල්ල වුණා. දහම් පාසල දරුවන්ගෙන් ගිලිහිලා .සාරධර්ම පිරිහීම,  දරුවන් යාන්ත්‍රික වෙලා. දරුවා දහම් පාසලට ළං කළ යුතුයි. මහා සංඝරත්නයේ අවවාදවලින් බැහැර රාජ්‍ය පාලනය කරන්න සිතන්නේ නෑ. මේ වසරේ තරම් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා විශාල මුදලක් ලබදුන්නා.ඌණ සංවර්ධන විහාරස්ථන සංවර්ධනයට මේ වසරේ විශාල මුදලක් ලැබී තිබෙනවා.

 

නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක මහතා-


අප ජීවත් වෙන්නේ තාක්ෂණය සමඟ බද්ධ වූ සමාජයක. මේ යාන්ත්‍රණයට ඇතුලත් වෙමින් යන යුගයක සිටින්නේ. අමත්‍යාංශය යටතේ සුවිශේෂී කාර්යභාරයක් මේරට තුළ සෑම ක්ෂේත්‍රයකට ක්‍රියාත්මක කරන්න හැකි වී තිබෙනවා.ලෝකය තාක්ෂණය සමඟ සීඝ්‍රයෙන් ඉදිරියට ගමන් කරනවා.ගමට තාක්ෂණය රැගෙන ගොස් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළා. පාසල් 100 බැගින් තෝරාගෙන තොරතුරු තාක්ෂණයට අවශ්‍ය සම්පත් ලබාදුන්නා.රාජ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට පරිගණක පුහුණුව ලබාදුන්නා.

 

 

නීල හරිත අයවැයක් හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා පර්යේෂණවලට යා
යුතුයි

විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පාදක කරගත් ආර්ථිකයට යා යුතු බවත් නීල හරිත අයවැයක් හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා susil premපර්යේෂණවලට යා යුතු බවත් විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විද්‍යාව තාක්ෂණය කියන විෂයන් අඩු මට්ටකින් සමාජයට යැම නිසා මිත්‍යාදෘෂ්ටික අඳහස් සමාජ ගතවීම් වැලැක්වීම පියවර ගත යුතුයි කියලා කියනවා. එය මාධ්‍ය මඟින් කළ හැකියි.

විද්‍යා තාක්ෂණ නවෝත්පාදක විෂයන් අද ප්‍රමුඛ විෂයක් වී තිබෙනවා. ලෝකයේ දියුණු රටවල් කාලයක් තිස්සේ මෙම පර්යේෂණ සඳහා තම දළ දේශීය නිෂ්පාදනයෙන් සැළකිය යුතු මුදලක් වෙන් කරන නිසා, එම රටවල් දියුණුවට පැමිණ තිබෙන්නේ.මේ රටවල් අර්ථික වශයෙන් ශක්තිමත් වී තිබෙන්නේ, පර්යේෂණ සඳහා වැය කරන නිසා.

අපි කොයිතරම් ප්‍රමාණයක් පර්යේෂණ සඳහා වැයකරනව ද? අප වැයකරන්නේ සියයට 0.01ක්. අපේ ඇගළුම් කර්මාන්තය විශාල තරඟයකට පත්වෙලා. අපි ගුණාත්මභාවය වැඩි කළ යුතුයි. විදුලි ඒකකයට වැඩිම පිරිවැයක් දරන්නේ අපේ රටයි. ඒ නිසා මිල අඩු කරන්න අමාරුයි. ඇගලුම්වල ගුණාත්මකභාවය වැඩි කරන්න, විද්‍යාව හා තාක්ෂණය වැඩි කරන්න ඕන.

විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදනය පාදක කරගත් ආර්ථිකයට යා යුතුයි. නීල හරිත අයවැයකට හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා පර්යේෂණවලට යා යුතුයි. ඒ සඳහා පදනමක් ඇති කළ යුතුයි. විද්‍යා විෂය ප්‍රචලිත කිරීමට කරන්නේ කොහොමද කියන ඒකටයි විදාතා වැඩසටහන ශක්තිමත් කර
තිබෙන්නේ. විදෙස් ආයතන සමඟ විද්‍යා තාක්ෂණ නවෝත්පාදක දැනුම ලබාගෙන ජාත්‍යන්තරයෙන් ඔබ්බට ගෙනයෑමට යැයි ද අමාත්‍යවරය පැවසීය.


හෙට (09) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගැනේ


ප්‍රභාත් රත්නායක
පාර්ලිමේන්තුවේ සිට