මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අයිතීන් හා ප්‍රමිතීන් සඳහා අදහස් හා යෝජනා ලබා ගැනේ Featured

    දෙසැම්බර් 31, 2016

    උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය අයිතීන්  හා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස රජය විසින් හඳුනා ගෙන ඇත.

    ඒ අනුව මෙම කාර්යය වඩා අර්ථවත් කිරීම සඳහා මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති , විද්වත් සංවිධානවල සහ මහජන අදහස් ලබා ගැනීමට පොදු ආරාධනාවක් සිදු කරනු ලැබීය.

     

    මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේදී ආගමික නායකයින් ,මාධ්‍ය සංවිධාන ,වෘත්තීය සංවිධාන, සිවිල් සංවිධාන සහ වෙනත් ඉලක්ක කණ්ඩායම්වල අදහස් ලබා ගැනීමට ද බලාපොරොත්තු වෙයි.

     

    එසේ ලබා ගන්නා අදහස් ස්වාධීන විද්වත් මණ්ඩලය වැනි මණ්ඩලයකට යොමු කිරීමෙන් පසුව අවසාන කෙටුම්පත සකස් කිරීමේ කාර්යය සිදු කිරීමට ද අපේක්ෂිතය.  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සකස් කළ ක්‍රියාපටිපාටියම මෙහිදී අනුගමනය කෙරේ.

     

    ඒ අනුව අදාළ නීතිමය  විධි විධාන සම්පාදනය කිරීම සම්බන්ධයෙන් වන අදහස්  ලිඛීතව ලබා ගැනීම පසුගිය ජනවාරී 31න් අවසන් විය. අධ්‍යක්ෂ ජනරාල් , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව , අංක 163 ,කිරුළපන මාවත ,නාරාහේන්පිට යන ලිපිනයට ඉදිරිපත් කරන මෙන් සියලු ම ජනමාධ්‍ය සංවිධාන මාධ්‍ය ආයතන හිමිකරුවන් ,වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව විද්වතුන් ඇතුළු මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව හා සමස්ත මහජනතාව වෙත ඇරයුම් කර තිබිණි.

     

    එමෙන්ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0112514753 ෆැක්ස් අංකයටද අදහස් ලබා ගැනීම සිදු විය.

    මෙතනින් බලන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya