අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    77 කණ්ඩායම සහ චීනය

    ජූනි 12, 2014

    ජී 77 නමින් ප‍්‍රචලිත “77 කණ්ඩායම සහ චීනය” යන නිල නාමයෙන් හැඳින්වෙන සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික සංවර්ධනය වන රටවල සන්ධානයකි. එය සාමාජික රටවල සාමූහික ආර්ථික අභිලාෂයන් ප‍්‍රවර්ධනය, එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත සියලු ප‍්‍රධාන අන්තර්ජාතික ආර්ථික විෂයයන් සම්බන්ධ සාකච්ඡාවල දී ඒකාබද්ධ ස්ථාවරයක සිට ක‍්‍රියා කිරීම සහ සංවර්ධනය උදෙසා දකුණු-දකුණු සහයෝගිතාව ප‍්‍රවර්ධනය අරමුණු කොටගනී.


    ජිනීවා හි පැවති වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ (අන්ක්ටාඩ්) ප‍්‍රථම සැසිවාරය අවසන නිකුත් කළ “සංවර්ධනය වන රටවල් 77 ඒකාබද්ධ ප‍්‍රකාශනය” මගින් 1964 ජුනි 15 වැනි දා 77 කණ්ඩායම පිහිටුවාගනු ලැබීය.  එය එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත ක‍්‍රියාත්මක සංවර්ධනය වන රටවල විශාලතම අන්තර් ආණ්ඩු සංවිධානය ද වන්නේ ය.

     

    ආරම්භක සාමාජිකත්වය රටවල් 77 ක් වූ අතර, 2013 නොවැම්බර් වන විට එය 133 ක් විය. ශ‍්‍රී ලංකාව ජී 77 ආරම්භක සාමාජිකයෙකි. මෙවර නායක සමුළුව සමග කණ්ඩායමේ 50 වැනි සංවත්සරය ද යෙදී තිබේ.

     

    77 කණ්ඩායමේ ඉහළම දේශපාලන ආයතනය සභාපති ධූරය යි. නිල කාලය වසරකි. සභාපති ධුරය අප‍්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු කලාප අතර වසරින් වසර මාරු වෙයි. 2014 වසර සඳහා සභාපති ධූරය හොබවනුයේ බොලීවියාව යි.

     

    බොලීවියාව

     

    බොලීවියාව දකුණු ඇමරිකාවේ බටහිර - මධ්‍යම කොටසෙහි පිහිටි ගොඩබිමින් වට වූ රාජ්‍යයකි. බ‍්‍රසීලය, පැරගුවේ, ආර්ජන්ටිනාව සහ චිලී එරට අසල්වැසියෝ වෙති. බහුවාර්ගික රාජ්‍යයක් වන බොලීවියාවේ නිල භාෂා 37ක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබේ. ජනගහනයෙන් 95%ක් රෝමානු කතෝලිකයෝ වෙති. රාජ්‍ය නායකයා ඊවෝ මොරලෙස් අයිමා. අගනුවර ලා පැස් ය.

     

    ශ‍්‍රී ලංකාව සහ බොලීවියාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා 1963 අපේ‍්‍රල් 01 වැනි දා ස්ථාපනය කෙරිණ. දෙරට අතර සුහද මිත‍්‍රශීලී සබඳතා පවතී. 2008 දී ඩාලර් මිලියන 2.43ක් වූ ද්විපාර්ශවික වෙළෙඳ ගනුදෙනු අගය 2013 දී ඩොලර් මිලියන 4.23 දක්වා වැඩි විය.


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya