Print this page

නිෂ්පාදන ධාරිතාවයේ වර්ධනයක්

අගෝස්තු 12, 2017

2016 වර්ෂයේ ජුනි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 ජුනි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 0.3%  ක වැඩිවීමක් වාර්තා වන බව 2017 ජුනි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

නිෂ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින් සිදු කෙරේ. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරනු මෙම දර්ශකය, 2017 ජනවාරි මස සිට යොමු මාසයෙන් දින 42 ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලැබේ.

 තව ද, 2016 ජුනි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 ජුනි  මස මූලික ඖෂධ නිෂ්පාදන‍(19.5%), 'මූලික ලෝහ නිෂ්පාදන' (14.0%) සහ 'පිරි සකසන ලද ලෝහ  නිෂ්පාදන' (12.7%), වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2017 ජුනි මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනය 2.3% ක වැඩිවීමක් වාර්තා වේ.

තව ද 'අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන' , 'රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන', සහ 'බීම වර්ග නිෂ්පාදන'  වල 2016 වර්ෂයේ ජුනි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 29.6%, 12.1% සහ 9.2% ක අඩුවීමක් වාර්තා විය. 2017 වර්ෂයේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 1.4 % කින් වර්ධනය වී ඇත.

 

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)

මාසය / කාර්තුව

දර්ශක අගය

2016 ජුනි

105.2

2017 ජුනි

105.5

   ප්‍රතිශතක වෙනස (%)

0.3

2017 දෙවන කාර්තුව

103.0