මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවාදී අයවැයක් බවට සහතිකයක්

    දෙසැම්බර් 11, 2016

    අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ජයග්‍රහණයක් ලැබීම, රට ඉදිරියට ගෙන යන ජනතාවාදී අයවැයක්, රටට ඉදිරිපත් කළ බවට ශක්තිමත් සහතිකයක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යවරයා පිළිගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට රැස් වූ පක්ෂ ආධාරකරුවන් අමතමිනි.

     

    2017 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දා සිට මේ දක්වා සහය ලබා දුන් අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරුන් සේම පොදු ජනතාවට ප්‍රණාමය පළ කර සිටි රවී කරුණානායක මහතා, අලුත් දැක්මක් සහිත අලුත් රටක් ගොඩනැගීමට පක්ෂ පාට භේදයෙන් තොරව එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

     

    අයවැය මගින් රටට හඳුන්වා දුන් ඉදිරි ආර්ථික හා සමාජීය දැක්මට විරුද්ධව පටු දේශපාලන කණ්ඩායම් විවිධ බාධා සිදු කළත් ඒ සියලු අභියෝග පරාජය කරමින් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය යහපාලන රජයේ ශක්තිමත්භාවය යළිත් වරක් තහවුරු වීමක් බව අමාත්‍යරවයා සඳහන් කළේය.

     

    එසේ ම එය අන්තවාදය, ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින සුළුතරයගේ පරාජයක් බව ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

     

    එහෙත් මෙම රජය බලයට පත් වු වහාම මේ පිළිබඳව චීන රජය සමඟ සාකච්ඡා කොට මහින්ද රාජපක්ෂ රජය විසින් චීනයට සින්නක්කරව ලබා දී තිබූ මෙම ඉඩම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිය හා භුක්තිය සඳහා පෙරලා ලබා ගැනීමට හැකිවිණයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya