ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ
  • SocialShare:

ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නළයේ පිරිසිදු කිරීමේ සහ විශබීජහරණය කිරීමේ කටයතු හේතුවෙන් අගෝස්තු මස 09 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල , පස්යාල , නිට්ටඹුව යන කලාපවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකතුත් කරමින් ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව නිට්ටඹුව කන්දහේන, මාපලගොල්ල , කෝංගස්හන්දිය , පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙණිය , රණ්පොකුණගම , රණ්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය , බටලීය , අත්තනග්ලල , පස්යාල, ඌරාපොළ, දික්කන්ද , මීවිටිගම්මන , මාඉඹුල , මාතලාන , හග්ගල්ල , අලවල , කලල්පිටිය සහ ඇල්ලමුල්ල ප්‍ර දේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළීබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ .