අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2014.11.19

    නොවැම්බර් 20, 2014

    ලෝටස් පාරේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇති ඉඩමෙන් අක්කරයක ප‍්‍රදේශයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම.

     

    ලෝටස් මාවතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇති භූමි ප‍්‍රදේශය කොටුව පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉතාමත් සුදුසු ප‍්‍රදේශය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනා ගෙන ඇත.

    ඒ අනුව මෙම ඉඩමේ අක්කර එකක ප‍්‍රදේශයක් පොලිස් දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීමටත්, කොටුව පොලිස් ස්ථානය ස්ථාපිත කිරීමටත් මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ශ‍්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඇති කර ගත් ද්විපාර්ශවික ගිවිසුම

     

    සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳ ගිවිසුමකට දෙරට අත්සන් කර ඇත.

     

    මෙම ගිවිසුම මගින් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, නඩු කටයුතු පැවරීම, අපරාධ වැළැක්වීම සහ අපරාධවලින් ලත් මුදල් රාජසන්තක කිරීම පිළිබඳව දෙරටේ නීති බලාත්මක කිරීමේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම ගිවිසුම මගින් විධි විධාන සලසනු ලබයි. මෙම ගිවිසුමෙන් සලසා දිය යුතු සහයෝගීතාවට අධිකරණ ලේඛන භාරදීම, සෝදිසි කිරීම සහ තහනමට ගැනීම ඉටු කර ගැනීම සඳහා ඉල්ලීම ක‍්‍රියාත්මක කිරීමට විෂය වන තැනැත්තන්ගෙන් ප‍්‍රකාශ සහ සාක්ෂි සටහන් කර ගැනීම, පුහුණු වීම සහ සාපරාධී කාරණාවලින් ලත් මුදල් සහ උපකරණ රාජසන්තක කිරීම ඇතුළත් වේ.

     

    මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     


    1955 අංක 37 දරන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම

     

    වර්තමානයට ගැළපෙන පරිදි හා පනතේ මූලික අරමුණුවලට හානියක් නොවන පරිදි, එම අරමුණු වඩාත් ඵලදායීව සාක්ෂාත් තර ගැනීම පිණිස මෙම පනතේ සමහර වගන්ති සඳහා සංශෝධන සිදු කළ යුතු බවට හඳුනා ගෙන ඇත.

     

    මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     


    එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 69 වන සැසිවාරය සඳහා අතිගරු ජනාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නුවර නියැළුණු සංචාරය - 2014 සැප්තැම්බර්

     

    එක්සත් ජාතීන්ගේ 2014 දේශගුණික සමුළුවට හා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 69 වන දේශගුණය පිලිබඳ සමුළුවේ ඉහළ මට්ටමේ සැසිවාරයට සහභාගී වූ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙහෙය වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 සැප්තැම්බර් මස 22 වන දින සිට 27 දක්වා කාලය තුල එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 69 වෙනි සැසිවාරය පැවැත් වුණි.

     

    2014 සැප්තැම්බර් 23 වන දින පැවති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී - මූන් මහතා විසිනි. රාජ්‍ය නායකයින් හා ආණ්ඩු ප‍්‍රධානීන් 100 දෙනෙකු හා ව්‍යාපාරික, මූල්‍ය හා සිවිල් සමාජයේ නායකයින් 800 කට වැඩි දෙනෙකු ඇතුළු පෙර නොවූ විරූ අන්දමේ ලෝක නායකයින් සංඛ්‍යාවක් සහභාගී වූ මෙම සමුළුවේ අරමුණ වූයේ 2015 දී, පැරිස් නුවර දී අර්ථවත්, විශ්වීය දේශගුණික ගිවිසුමකට එළඹීම සඳහා දේශපාලන ගම්‍යතාවයක් ලබා ගැනීමත්, සියලුම රටවල විමෝචනය වීම් අඩු කිරීම සඳහා පරිවර්තමය ක‍්‍රියා සඳහා උනන්දුව ඇති කිරීමත්, දේශගුණික විපරයාසවල අහිතකර බලපෑම්වලින් මිදී යථා තත්ත්වයට පත් විය හැකි තත්ත්වයක් උදා කිරීමත්ය.

     

    දේශගුණික සමුළුව ඇමතු අතිගරු ජනාධිපතිතුමා දේශගුණික විමෝචනය අඩු කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය ගෙන ඇති හා ක‍්‍රියාත්මක කරන ක‍්‍රියා මාර්ග පැහැදිළි කල අතර ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම පසු ගිය වසර අට තුල තෙගුණයකින් වැඩි කිරීමට සමත් වූ බවත්, ශ‍්‍රී ලංකාවේ එ්ක පුද්ගල කාබන් පිට කිරීම තවමත් මෙට්ටි‍්‍රක් ටොන් එකකට අඩු ප‍්‍රමාණයක පවතින බවත් කියා සිටියේය. මෙම සංචාරය තුල අතිගරු ජනාධිපතිතුමා අනෙකුත් රාජ්‍ය නායකයින් කිහිප සෙනෙකු සමඟ සාකච්ඡාවට කිහිපයකම පැවැත් වූ අතර මෙම සාකච්ඡුාවලදී පශ්චාත් යුධ සමයේ ලබා ඇති දියුණුව විස්තරාත්මකව පෙන්වා දුන් අතර මෙම ආර්ථික පිබිදීම යටතේ ශ‍්‍රී ලංකාවේ ඇති වෙළඳ හා ආයෝජන අවස්ථා පිලිබඳව පැහැදිළි කරන ලදී. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ක‍්‍රමවේදය සමඟ දිගටම කටයුතු කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා ශ‍්‍රී ලංකාව අතර ඇති කටයුතු පිළිබඳව පැහැදිලි කරන ලදී.

     

    මෙම විස්තර පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     


    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු හා නැගෙනහිර පළාත් සඳහා කාර්යාල සහ නිල නිවාස ස්ථාපනය කිරීම
     

    ශ්‍රී ලංකාවේ මුළු වනාන්තර ආවරණයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ 41‍%ක් පිහිටා ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලය. පසුගිය සමයේ තිබූ යුධමය වාතාවරණය හේතුවෙන් මෙම  පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු මුළුමනින් ම බිඳ වැටී තිබුණු අතර වන ආරක්ෂණ කටයුතු සඳහා කිසිදු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු සේවයේ යෙදවීමේ හැකියාවක් නොතිබුණි.
     


    ඒ අනුව මෙම වැඩකටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කර ගෙන යාම සඳහා දිස්ත්‍රික් වනරක්ෂණ කාර්යාල 04ක් පිහිටුවීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
     

     

    ජාතික තරුණ සේවා සභාව හා චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය අතර තරුණ සංවර්ධනයට අදාළ ව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම
     
    ඉහත කී ගිවිසුමේ අඩංගු පහත සඳහන් කාර්යයන් ඉටුකිරීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
     

    චීන ශිෂ්‍යයන් සඳහා සිංහල භාෂා දැනුම ලබාදීම
     
    චීන ශිෂ්‍යයින් සඳහා සිංහල භාෂා දැනුම ලබාදීම හා චීනයේ බීජිං නුවර ඇති විද්‍යාලයේ විදේශ භාෂා අධ්‍යයනය සඳහා වූ චීන විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාව අධ්‍යයනය සඳහා වූ ඒකකයක් පිහිටුවීම.
     
     

    ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර ද්විපාර්ශවීය ගුවන් සේවා සාකච්ඡාව
     
    ශ්‍රී ලංකාව නම් කරන නියෝජිතයෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහත සඳහන් ගිවිසුම අත්සන් කිරීමටත් ඉන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය කටයුතු කිරීමටත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
     

     

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා චීන ජනරජයේ පුවත්පත් ප්‍රකාශන, ගුවන් විදුලි, චිත්‍රපට හා රූපවාහිනිය පිළිබඳ රාජ්‍ය පරිපාලන ආයතනය අතර සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.
     
    දෙරට අතර ඉහත කී සම්බන්ධතා ප්‍රගුණ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදෙන ලදී.
     

     

    වර්ෂ 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම
     
    1865 වර්ෂයේදී අංක 16 දරණ පොලිස් ආඥා පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 2.5ක් විය. එය දැන් මිලියන 21 දක්වා වැඩිවී ඇති අතර පොලිස් බලකායේ ප්‍රමාණය 84,000කි. එහෙයින් වර්තමාන අවශ්‍යතාවයන් අනුව මෙම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.



    ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදෙන ලදී.
     

     

    දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - ඉදිකිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
     
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගොඩගම දක්වා කොටසෙහි ගමනාගමන කටයුතු සිදු කරමින් පවතින අතර අන්දරවැව සිට හම්බන්තොට දක්වා සම්බන්ධතාවක් ද සහිතව අධිවේගී මාර්ගය ගොඩගම සිට මත්තල දක්වා වෙන් වෙන් කොටස් 04කින් යුක්තව දීර්ඝ කිරීම පිණිස වන සිවිල් වැඩ සඳහා වන වාණිජමය ගිවිසුම් අත්සන් කොට ඇත.


     
    උපදේශන හා ප්‍රසම්පාදන කැබිනට් අනු කමිටුවේ නිර්දේශ මත ඉහත සඳහන් මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya