අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.09.04 - අමාත්‍ය මණ්ඩල තීරණ

    සැප්තැම්බර් 04, 2014

    දේශීය බැංකුවලින් ණය ලබාගෙන ප්‍රමූඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම


    රුහුණුපුර ජල බෙදාහැරීමේ ව්‍යාපෘතිය හා අම්පාර ජල බෙදාහැරීමේ ජාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ඒ සඳහා දේශීය බැංකු සමඟ ණය ගිවිසුම් අත්සන් කිරිමට ගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    ගුණාත්මක කෘෂි රසායනික භාවිතය මඟින් කෘෂි රසායන භාවිතය අවම කිරීම


    ශ්‍රී ලංකාවේ වසරකට කෘෂි රසායන මෙට්රික් ටොන් 8000ක් සහ පොහොර 900,000ක් ආනයනය කරනු ලැබේ. 2020 වර්ෂය වන විට මෙම ප්‍රමාණය අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    ශ්‍රී ලංකාව සීෂෙල්ස් ජනරජය අතර සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ අබබෝධතා පිළිබඳ සහයෝගිතා ගිවිසුම.


    මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා  සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3 -   II අදියර


    ඉහත කී ව්‍යාපෘතියේ මාතර - හම්බන්තොට දිස්ත්‍රික්ක දක්වා වූ කොටස දැයට කිරුළ 2015 ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමී ව ප්‍රමූඛත්වයකින් යුක්තව ඉදිකිරීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා ශක්‍යතා අධ්‍යයනයන්, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යනාදිය සඳහා උපදේශක සේවා සැපයීම.


    මේ සඳහා කොන්ත්‍රාත්තුව මඟ නැගුම් උපදේශක හා ව්‍යාපෘති කළමනාකරණ සේවා (පෞද්ගලික) සමාගම වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    කැකිරාව ගනේවල්පොළ මාර්ගයේ කොටසක් සහ ගනේවල්පොළ - දච්චිහල්මිල්ලෑව මාර්ගයේ කොටසක් පුනරුත්තාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම.


    කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම ටෙන්ඩරය පිරිනැමීමට ගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    උතුරු මැද පළාතේ ඇළ ව්‍යාපෘතිය යටතේ කාලිංග නුවර, අංගමැඬිල්ල සහ මින්නේරිය ජල පොම්ප කිරීමේ ව්‍යාපෘතිය.


    මහවැලි ජලය වයඹ පළාතට යැවීම සඳහා මී ඔය සහ හක්වටුන ඔය මාර්ගය හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ටෙන්ඩරය කැබිනට් ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අනුව ලබාදීමට වාරිමාර්ග හා ජල සම්පාදන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ අදියර III මාතෘ වාට්ටු සංකිර්ණය ඉදිකිරීම.


    මෙම ටෙන්ඩරය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත රු.914,946,852.90 ක බදු සහිත මුදලකට පිළිගැන්වීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    එපෝඑටින් එන්නත් 2000 අයියු පෙර පුරවා ඇති සිරින්ජර් - 30,000ක් හා එපෝඑටින් එන්නත් 4000 අයියු - 5000 අයියු පෙර පුරවා ඇති සිරින්ජර් 175,000ක් මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය.


    කැබිනට් ප්‍රසම්පාදන නිර්දේශ මත මෙම ටෙන්ඩරය අවම ලන්සුවක් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර්කරුට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

     
    විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.


    මාතලේ දිස්ත්‍රික්කයේ 80% ජනතාවට පානීය ජල පහසුකම් සැපයීම සඳහා වූ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

    මෙම ව්‍යාපෘතිය මඟින් 400,000 ක ජනතාවකට ජල පහසුකම් සපයනු ඇත.

     

    නැගෙනහිර පළාත් ජලසම්පාදන ව්‍යාපෘතිය.


    ජපානය ජයිකා සමාගම විසින් ප්‍රතිපාදන සපයන  මෙම ව්‍යාපෘතිය ජාතික ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කොන්ත්‍රාත් පැකේජයන් 16ක් ඇති අතර, එහි 10 වෙනි කොන්ත්‍රාත් පැකේජය සියලු යාන්ත්‍රික හා විදුලි ස්ථාපිත කිරීම් ආවරණය කරනු ලැබේ. මෙම කොන්ත්‍රාත්තුව කැබිනට් ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත පරිදි ප්‍රදානය කිරීමට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

     

    පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 4 වන පැකේජය මධ්‍යම, වෝල්ටීයතා/ බෙදාහැරීමේ උප ව්‍යාපෘතිය - A කොටස.


    කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත්‍රාත්තුව අවම ලන්සුවක් ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත්කරුට ප්‍රදානය කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 4 වන පැකේජය මධ්‍යම, වෝල්ටීයතා/ බෙදාහැරීමේ උප ව්‍යාපෘතිය - B කොටස.


    කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත්‍රාත්තුව අවම ලන්සුවක් ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත්කරුට ප්‍රදානය කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    වෛද්‍යවිද්‍යා පශ්චාත් උපාධි ආයතන සංවර්ධන ව්‍යාපෘතිය.


    මෙම ආයතනය සඳහා මහල් 8කින් යුතු ගොඩනැගිල්ලක් රු.මිලියන 1610ක වියදමින් වසර 3 ක් ඇතුළතදී ඉඳිකිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සඳහා බස්රථ 50ක් මිලදී ගැනීම.


    රු.103,000,000.00ක වියදමින් ආසන 44ක බස්රථ 20ක්ද, රු.121,350,000.00 වියදමින් ආසන 30 බස් රථ 30ක් කැබිනට් ප්‍රදසම්පාදන කමිටුවේ නිර්දේශ මත මිලදී ගැනීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර උදර්පණ ගිවිසුම.


    උදර්පණ ක්ෂේත්‍රය තුළ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කිරීමට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

     
    පිටත වටරවුම් අධිවේගී මාර්ගය - උතුරු කොටස II (කඩවත සිට කෙරවලපිටිය දක්වා) ඉඳිකිරීමේ ව්‍යාපෘතිය.


    කි.මි.29.22ක මෙම ඉඳිකිරීම් කටයුතු සඳහා ණය පහසුකම් ලබාගැනීමට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතිය.


    හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉඳිකිරීම සඳහා වන ව්‍යාපෘතිය දකුණු අධිවේගී මාර්ගයේ තුන්වන කොටස සහ සූරියවැව - ගල්වල හන්දිය - මොරකැටිය - ඇඹිලිපිටිය මාර්ගය (කි.මි. 18.28) සහ රන්න - වැටිය මාර්ගය (කි.මි.16.15)ක් අයත් වේ. හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉඳිකිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය 4 වන කොටස - මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා කොටස ඉදිකිරීම.


    මෙම ඉදිකිරීම් සඳහා ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    ප්‍රමුඛතා මාර්ග වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය 3 (අදියර II ) මුල්‍යනය කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා ගැනීම.


    මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිමය අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඳිරිපත් කිරීම.

     

    මේ සඳහා ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.


    ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.


    මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර 12500ක ධාරිතාවකින් යුත් පිවිසුම් මඟක් ඉඟිනිමිටිය ජලාශයේ ඉදිකිරීම, අප ජලය පිරිසිදු කිරීම ද ඇතුළත්ව නවීන අංගසම්පූර්ණ ජල පවිත්‍රාගාරයක් ඉඳිකිරීම, කි.මි. 62ක් දිගැති ජල සම්ප්‍රේෂණ ප්‍රධාන නල ඇතිරීම ඝන මීටර් 1500, ඝන මීටර් 1000, ඝන මීටර් 300 (දෙකක්) ධාරිතාවලින් යුත් ජල කුලුණු ඉඳිකිරීම.


    මෙම කටයුතු සඳහා කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඒ සඳහා වූ ටෙන්ඩරය පිරිනැමීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    ප්‍රමූඛතා ජල සම්පාදන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම.


    අවිස්සාවේල්ල සහ කොස්ගම ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය රු.106,239,202.80කටද, ගලගෙදර සහ මාවතගම ජල සම්පාදන යෝජනා ක්‍රම රු.2,564,122,341.02කටද, කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර නගර සඳහා නල සපයා ඇතිරීමට රු.8,716,971,825,87ක මුදලකට ප්‍රදානය කිරීමට ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
     

    චීන සංවර්ධන බැංකුව මඟින් ජල සැපයුම් ව්‍යාපෘති සඳහා මූල්‍ය සම්පාදනය.


    කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය, මහනුවර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණය ආධාර ලබාදීමට චීන සංවර්ධන බැංකුව එකඟ වී ඇත. මෙම ණය ලබා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

     

    ශ්‍රී ලංකාව හා බෙලෝරුසියානු ජනරජය අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වූ ගිවිසුමක් අත්සන් කිරීම.

     

    මේ සම්බන්ධයෙන් සංසකෘතික හා කලාකටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya