Print this page

ලෝක තරුණ සමුළුව 2014 ප‍්‍රථම විදේශීය තරුණ කණ්ඩායම අද දිවයිනට

අප්‍රේල් 29, 2014
එළැඹෙන මැයි 6 සිට 10 දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත 2014 ලෝක තරුණ සමුළුව සඳහා රාජ්‍ය මට්ටමින් සහභාගිවන ප‍්‍රථම නියෝජිත පිරිස අද (29) පස්වරු 02.05ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණීමට නියමිතය.
 
එසේ ප‍්‍රථම නියෝජිත පිරිස ලෙස සහභාගිවන්නේ මධ්‍යම දකුණු යුරෝපීය රටක් වන ස්ලෝවීනියා සමූහාණ්ඩුවේ නිල තරුණ පිරිසයි. ස්ලෝවීනියානු සමූහාණ්ඩුවේ තරුණ කි‍්‍රයාකාරකම්වල ඉදිරියෙන්ම සිටින තරුණ නායකයින් දෙදෙනෙකු වන ජාඑක් ටීආ හා මීහා මොහොර්කෝ යන අය මෙසේ අද දිවයිනට පැමිණෙන අතර  තරුණයන් පිළිබඳ ලෝක සමුළුවට දින 07කට පෙර මොවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් හා තරුණ කි‍්‍රයාකාරීත්වය පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමටය.
 
පූර්ව සමුළු සංවිධාන කටයුතු සඳහා ද ස්වේච්ඡාවෙන් සහභාගිවීමට ඔවුන් ඉල්ලීමක් කර ඇති බැවින් ඒ සඳහා  ඔවුන්ට අවස්ථාවක් ලබාදීමට ශී‍්‍ර ලංකා රජය සූදානම් බව තරුණයින් පිළිබඳ වූ  ලෝක තරුණ සමුළුවේ  මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා මාධ්‍යයට පැවසීය.
 
ඔවුන් පිළිගැනීම සඳහා විශේෂි දූත පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට යාමට නියමිතය.
 
DB