Print this page

තාක්ෂණය නොමැතිව කිසි දෙයක් කළ නොහැකියි Featured

මැයි 07, 2014

තාක්ෂණය නොමැතිව කිසිදු කාර්යයක් සිදු කළ නොහැකි බවත් ඉදිරි අනාගතයේ දී එය තව තවත් අත්‍යවශ්‍ය දෙයක් වන බවත් එක්සත් ජාතීන්ගේ සංගමයේ සභාපති ජෝන් විලියම් ඈෂ් (Dr. John W. Ashe) මහතා පැවසීය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි 2014 තරුණ සමුළු මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.


මෙහිදී දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයන්ට ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය.


මෙවර තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වතාවට බව පෙන්වා දුන් ඒ මහතා මෙම සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ඉතා සාර්ථකව සංවිධානය කොට ඇති බව පෙනෙන බවත් පැවසීය.


මෙම තරුණ සමුළුව හරහා සාකච්ඡාවන්ට ලක්කරනු ලබන කාරණාවන් ඉදිරි අනාගතයේ දී තරුණයන්ගේ මෙන් ම කාන්තාවන්ගේ අනාගතය සුබදායක කිරීමට ඉවහල්වනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


DB