අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 9 වැනි දිනය වන අද (13) අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.

    අද (12) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගය බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අපගේ අපනයන ආදායම රුපියල් බිලියන 20 දක්වා වැඩිකර ගැනීම අරමුණ බවත් ජී.එස්.පී. සහනය අහිමි වුණා කියලා අපගේ අපනයන අඩු වෙලා නැති බවත් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය භාණ්ඩ මිල පාලනය කිරීමට කිසිම ආයතනයක් රජය යටතේ තබා ගත්තේ නැති බවත් 2005 බලයට පත් ජනාධිපතිතුමා සතොසට, සමූපකාරයට මුල්තැන ලබාදෙමින් භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කළ බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) වසර 2020 වන විට අපේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 20 දක්වා වැඩිකර ගැනීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) දිවි නැඟුම  වැඩසටහන ආරම්භ කළමේ විදේශගත වන ප්‍රමාණය අවම කිරීමට බවත් එජාප කාලයේ ගෘහ සේවිකාවන් පිටරට යැවීම ආරම්භ කරන ලද බවත් වරාය, මහා මාර්ග හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වාරිමාර්ග කටයුතු සඳහා ලබා දුන් වැඩිම මුදල ලබා දෙමින් මේ රටේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය සඳහාත්, මහවැලි අධිකාරියේ කටයුතු ශක්තිමත් කිරීම සඳහාත් දෙන ලද සහයෝගය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පුද කරන්නේ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) 1978 දී විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ව 2014 දක්වා මෙරටට විදේශ ආයෝජන ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 10771ක් ලැබී ඇති නමුත් ඉන් 76%ක ම විදේශ ආයෝජන පැමිණ තිබෙන්නේ 2005 - 2014 කාලසීමාවේ දී යැයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    මේ අවුරුද්දේ මුල් මාස 09ට විතරක් මත්ස්‍ය නිෂ්පාදනය මෙට්රික් ටොන් තුන් ලක්ෂ අනූහය දහස් නවසිය තිහක් තිබෙ‍න බවත් ඒ අනුව මෙට්රික් ටොන් පන්ලක්ෂ පනස් දාහක් මේ අවුරුද්දේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් සම්පූර්ණ කර ගත හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya