අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 13 වැනි දිනය වන අද (18) අමාත්‍යාංශ එකොළහක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත්වුණ අතර විවාදය අවසානයේ සියලු වැය ශීර්ෂයන් සංශෝධන රහිත  සම්මත විණි.

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) ආසියාවේ කුළුබඩු වර්ග එකතැන වැවීමෙන් අක්කර 125ක භූමි ප්‍රමාණයක ඉදිකරන ලද කුළුබඩු අරණක් මාතලේ ඇති බවත් එය ලබන මස විවෘත කරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආසියාවේ ශක්තිමත් ම නායකයා බවට පත්ව ඇති බව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජල පිරිපහදු ඒකක 100ක් පමණ මේ වන විට අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාපනය කරන්න කටයුතු යොදා ඇති බවත් උතුරු නැගෙනහිර හඳුනාගත් ප්‍රදේශවල තව තවත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කර ඇති බවත් විශේෂ ව්‍යපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

    රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන ඉලක්ක කර ගෙන මානව ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ඵලදායිතා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සේගු දාවුඩ් මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) උතුරට පමණක් ලක්ෂ 12කට ආසන්න පොල් පැළ ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර කිලිනොච්චියේ අක්කර 700ක පොල් වගාව සිදු කර ඇති බවත් ලංකා ඉතිහාසයේ පොල් සංවර්ධනයේ ස්වර්ණමය යුගය මෙය බවත් පොල් හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) යුද්ධය, ත්‍රස්තවාදය, බෙදුම්වාදය පරාජය කර යුද්ධයට ගිය මුදල සංවර්ධනයට යොමු කළ නිසා අයවැයෙන් මෙතරම් සහන ලබා දිය හැකි වුණ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජේ.වී.පී, පෙරටුගාමී සහ එල්.ටී.ටී.ඊ පාලනය කළ විශ්වවිද්‍යාල පද්ධතිය අපේ රජය යටතේ උප කුලපතිවරුන්ගේ පාලනයට යටත් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල වසරින් වසර වැඩි කර තිබෙන බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    දකුණු ආසියාතික රටවල් 11 අතර- ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සම්බන්ධයෙන් අංක එකේ හොඳ ම රට ලංකාව යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    රැකියා සඳහා ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනය ක්‍රමවත් කළ යුතු බවත් කිලිනොච්චියේ විශ්වවිද්‍යාල පීඨයක් ඉදිකිරීමට ගත් තීරණය ගැන ප්‍රශංසා කරන බවත් පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya