මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    වසර 29ක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළත් අයවැය කතා අනන්තවත් දැක්කත් සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි මේ තරම් සහන දුන්න අයවැයක් නොදුටු බව සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂමන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    යුද්ධය පැවති රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සමාජීය වශයෙන් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත් කරගෙන තිබෙන බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා පැවසීය.

    සහන රැසක් ගොවි ජනතාව වෙනුවෙන් ලබා දුන් මෙවර අයවැයෙන් මුඩු බිම් නැවත වගා කරන්නත් යෝජනා කර තිබෙන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මොන දේ කිව්වත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය-වැය ගොවි ජනතාව ගැන සිතා ඉදිරිපත් කරන ලද්දක් බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

    ගම හා නගරය එකවර සමබරව සංවර්ධනය කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා මෙවර අය-වැය ඉදිරිපත් කළ බවත් මේ රටේ සංවර්ධනය පිළිබඳ ඓතිහාසික ගෞරවයක් ජනාධිපතිතුමාට හිමි විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    යුද්ධය අවසන් වී රටේ සාමය ස්ථාවර ව පවතින මේ අවස්ථාවේ එයින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ඉතා යෝග්‍ය අය-වැය ලේඛනයක් සකස් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    කොස්ලන්ද ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ ව තමා කනගාටුව පළ කරන අතර අපේ රටට ඉදිරියේදී මුහුණදීමට සිදු වන පාරිසරික ව්‍යසනයන් පිළිබඳ දරුණු අනතුරු ඇඟවීමක් මෙමඟින් සිදු කර තිබෙන බවත් ඉදිරියේදී ආර්ථික ප්‍රතිපත්ති සකස් කරද්දී මේ පිළිබඳ ව දැඩි අවධානයට ලක් කළ යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් වෛද්‍යවරුන් 1,100කට සහ හෙදියන් 5,000 නව පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය-වැය ජනතාවාදී අය-වැයක් බවත් මේ සඳහා අදහස් දුන්නේ මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිතුමා සීමිත සම්පත්වලින් යුද්ධය අවසන් කළ බවත් ආණ්ඩු ගණනාවක් සිටියත් ජනවාර්ගික අර්බුදය අවසන් කරන්න කිසිවකුට හැකි වුණේ නැති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

    ජනාධිපතිතුමා පංච මහා බලවේගය දිහා බලලයි මෙවර අය-වැය සකස් කළේ යැයි ද එතුමා ගමේ ඉඳලා ඇවිත් රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළ බවත් මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya