අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    අනාගතවාදී අයවැයක්

    නොවැම්බර් 01, 2014

    මෙය අනාගතවාදී අයවැයක් බවත් පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරල් සරත් වීරසේකර මහතා පවසයි.

    මෙවර අය-වැය කතාවෙන් කිසිම අයෙකු අමතක කර තිබුණේ නැති බවත් සෑම අංශයක් ම නියෝජනය වන පරිදි අය-වැයෙන් මුදල් වෙන් කර ඇති බවත් පොල් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා පවසයි.

    ජනාධිපතිතුමා හැම කෝණයක් ම බලා මෙවර අයවැය සකස් කළ බවත් ජනාධිපතිතුමාගේ දූරදර්ශීභාවය නිසා යුද්ධය අවසන් කිරීමට හැකි වූ බවත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

    ඡන්දය ගන්න වරදාන පොරොන්දු දීම නිසා අපේ රට අනුන්ගේ යැපෙන්නන් බවට පත් වුණ බවත් මේ තත්ත්වය වෙනස් කිරීමට මහින්ද චින්තනය ඉවහල් වුණ බවත් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

    දෙමළ ජාතික සන්ධානය අහිංසක දෙමළ ජනතාව මුලා කරමින් තම දේශපාලනය කරන බවත් උතුරු පළාත් සභාවට වෙන් කරන මුදල් නිවැරදි ව යොදවන්නේ නැති ඔවුන්ට අපේ ජනතාව ගැනවත් අය-වැය ගැනවත් කතා කරන්න අයිතියක් නැති බව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත (2015) විවාදයේ හත්වැනි දිනය වන අද (01) පස්වරුවේ දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙයි.

    2015 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 100කින් ජයග්‍රහණය කළේ ය.

    අධිරාජ්‍ය විරෝධී, දුෂ්ට බලවේගවලට එරෙහි, නව ලිබරල්වාදය ජයගත හැකි සාර්ථක අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂයට රට හදන වැඩපිළිවෙළක් එදා තිබුණේ නැති අතර අදත් ඇත්තේ නැති බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.

    රාජ්‍ය සේවය හකුළා දැමීමට පියවර ගත්තේ එජාපය බවත් රජය වැඩ කරන්නේ ඩයස්පෝරාවට නොව ජනතාවට බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    දීර්ඝ කාලීන සංවර්ධන දැක්මක් සහ  ආර්ථික ඉලක්ක ප්‍රායෝගිකව සපුරාගැනීමේ ගැනීමේ වැඩපිළිවෙළක‍් සහිත අයවැය ලේඛනයක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya