අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    2015 විසර්ජන පනත් ‍කෙටුම්ප‍තේ කාරක සභා අවස්ථා‍වේ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ‍(03) ‍පෙරවරු‍වේ ආරම්භ ‍වූ අතර ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු වැය ශීර්ෂ 22ක් පිළිබඳ විවාදය පැවැත්විණි.

    වර්තමාන ලෝකයට ගැළපෙන පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන අදහස් උදහස් වත්මන් ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    ප්‍රභාකරන් ගැන අදත් අපි කතාකරන්නේ ප්‍රභාකරන්ව කරේ තියාගෙන තවමත් දෙමළ ජාතික සන්ධානය කතා කරන නිසා බවත් ඔබතුමාලා ප්‍රභාකරන්ව ප්‍රතික්ෂේප කරනවා නම් ආණ්ඩුවේ අපේ සිතුම් පැතුම් වෙනස් වේවි යැයි ද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුගය කියා කතා කළ යුතු හොඳ ම ස්ථානය ජනාධිපතිවරයා පිළිබඳ කතා කරන මේ විවාදයේ දී වුවත් විපක්ෂ නායකවරයා එවැනි යෝජනාවක් නොකළේ එතුමාත් විධායක ජනාධිපති ක්‍රමය පිළිගන්නා නිසා බව සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අයවැය යෝජනා දෙවැනි වර කියවීමේදී රජය වෙනුවෙන් අවසන් කථාව කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි.


    විශේෂයෙන්ම මේ අය වැය  මේ වර්ෂය සඳහා හුදකලාව ඉදිරිපත් කරපු තනි අය වැයක් ලෙස සලකනවාට වඩා, 2006දී මහින්ද චින්තනයත්, මහින්ද චින්තන ඉදිරි දැක්මත් පදනම් කර ගෙන ඉදිරිපත් කරපු දස අවුරුදු සංවර්ධන සැලැස්ම එක විධියටම ක්‍රියාත්මක කිරීමෙන් 2020 නව උපාය මාර්ග ඔස්සේ කටයුතු කිරීම සඳහා තබපු අඩිතාලමක් ලෙස හඳුන්වන්න කැමතියි. විශේෂයෙන්ම 2005 වසරට පෙර‍ මේ අපේ ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වුන දේශයක් ලෙස තමයි තිබුණේ. මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අවුරුදු 30ක් තිස්සේ තිබුණු ඒ කුරිරු ත්‍රස්තවාදය නිසා බියෙන් හා සැකයෙන් ජීවත් වුණා. මෙය එක ජාතියකට, එක ආගමකට, එක ප්‍රදේශයකට හෝ එක පන්තියකට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම මේ බිහිසුණු ත්‍රස්තවාදය නිසා භීෂණයෙන් හා බියෙන් ඇලී සිටි යුගයක තමයි ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ.

    මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයා ශක්තිමත් කර තිබෙන බවත් එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ රාජ්‍ය සේවය කප්පාදු කිරීම බවත් වරාය නාවුක හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2015 අය-වැය ලේඛනය නව පරපුර වෙනුවෙන් ඉදිරිපත් කළ සාර්ථක අය-වැයක් බවත් දුරදක්නා නුවණකින් මෙවර අය-වැය සකස් කර තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මේ අය-වැය වංචාවක්, බොරුවක්, හොරකමක්, රැවටිල්ලක්, විජ්ජාවක්, මායාවක් නෙවෙයි මේක මහා ප්‍රාග්ධන අය-වැයක් යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.  

    2005 දී රුපියල් මිලියන 6,347ක් ව තිබූ මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට රුපියල් මිලියන11,854ක් දක්වා වර්ධනය කර ගනිමින් මේ රටේ ඉතිහාසයේ වැඩි ම විදේශ සංචිත රැස්කර තිබෙන්නේ අපේ ආණ්ඩුව යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද විරුද්ධ පක්ෂය දේශපාලන බෙලහීනතාව ප්‍රකාශ කරන බවත් දැන් ආණ්ඩුවට විරුද්ධව ජවිපෙ වාම ප්‍රගතිශීලී ප්‍රහාරයකුත් යුඑන්පිය දක්ෂිණාංශික ප්‍රහාරයකුත් දෙමළ ජාතික සංවිධානය දෙමළ ජාතිවාදී ප්‍රහාරයකුත් කරන්න හදන බවත් ඒ මොනවා කළත් ජනතා සුනාමියෙන් යූඑන්පීය සේදිලා යාම නැවතිය නොහැකි බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya