Print this page

ආර්ථික වශයෙන් රට සංවර්ධනය කරා ගෙන ගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි

නොවැම්බර් 24, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ)  ජාත්‍යන්තර බලවේග හමුවේ නොසැලී මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙන ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා අද (24) පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ;  රටේ ස්ථාවරත්වය කඩා වැටී තිබුණු යුගයක ජාතික සමගිය බිඳ වැටී තිබුණු යුගයක ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙමින් පැවති යුගයක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට භාර ගත්තා. 2005 සුනාමි ව්‍යසනය, ගංවතුර, ඉන්ධන මිල, ඉහළ භාණ්ඩ මිල, ලෝක ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් ජනාධිපතිතුමා රට ගොඩ ගත්තා.

 

අද මේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට පත් කළේ ජනාධිපතිතුමායි. වැඩි ම නුසුදුසුකම් තියෙන විපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව සමහර මාධ්‍ය හංවඩු ගහද්දී එවන් පුද්ගලයෙක් අගමැති කරන්නට අපි ශ්‍රේෂ්ඨ යැයි සිතා සිටි අපෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා බවට පත් කරගත්තේ.

 

නමුත් ජනතාවගේ නායකයා ලෙස ජනාධිපතිතුමා මේ අභියෝගයත් භාර ගත්තා. මොකද එතුමා අභියෝග භාර ගෙන ඒවාට සාර්ථකව මුහුණ දුන් ජයග්‍රාහී නායකයෙක්. ජනාධිපතිතුමා නියත වශයෙන්ම ජනාධිපතිවරණය දිනනවා’ යැයි ද ප්‍රකාශ කළේය.

 

SDF/HC