Print this page

අය-වැය විවාදයේ අවසන් දිනය අද - ඡන්ද විමසීම පස්වරු 5ට Featured

නොවැම්බර් 24, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් අවසන් දිනය වන අද (24) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පවත්වන අතර එම විවාදය අවසානයේ 2015 අය-වැය යෝජනා සඳහා ඡන්ද විමසීම පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත ව තිබේ.


ඒ යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 72,946,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 107,979,400,000ක් වැය ශීර්ෂ 102, 237 සිට 252 දක්වා හා 280, 296, 323, 324 හා 329 යටතේ අනුමත කරගැනීමට අද විවාදය පැවැත් වේ.


පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව 2015 විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) තුන්වැනිවර කියවා සම්මත කර ගැනීමට සභාවට ඉදිරිපත් කරන අතර ඒ සඳහා බෙදීමක් ඉල්ලා සිටිය හොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබේ.


HC/NDH