මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම් අඟලක හරි ඉඩම් අයිතියක් තිබෙන ජනතාවට එම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ලබා දීම සිදුකරනවා

    නොවැම්බර් 21, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) යාපනයේ ජනතාවගෙන් 20,000කට ඉඩම් ඔප්පු ලබා දී ඇති බවත් බිම් අඟලක හරි ඉඩම් අයිතියක් තිබෙන ජනතාවට එම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ලබා දීම සිදුකරන බවත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ 153, 286, 288 හා 327 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    දිවයිනේ බොහෝ පළාත්වල ජනතාවට අපි ඉඩම් ඔප්පු ලබා දී තිබෙනවා. ඉඩම් පිළිබඳ කටයුතු පහසු කිරීමට පරිගණක තාක්ෂණය යොදා ගත්තා. අපට බලතල අඩු වුණත් අපි වැඩකරනවා. උතුරේ ජනතාවගේ ඉඩම්වල අයිතිය අපි ආරක්ෂා කර තිබෙනවා. උතුරේ ඉඩම් අක්කර 20,011ක් නිරවුල් කර ජනතාවට තිබෙන අතර මේ කාර්යයන්වල කසකාරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. මේ රටේ ඉඩම් සම්බන්ධයෙන් වැදගත් මෙහෙවරක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉටුකරන බවත් ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya