අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන පද්ධතියට සුවිශේෂී සේවාවක් අද සිදුකර තිබෙනවා

    නොවැම්බර් 20, 2014

    ප්‍රවාහන පද්ධතියට සුවිශේෂී සේවාවක් අද ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් සිදු කර ඇති බවත් 2001 සිට 2004 දක්වා කාලය තුළ සිටි රජය ලංගමය අවසන් කරන්න කටයුතු කළ බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ 114, 306 හා 307 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    ලංගමය ඈවර කරන්න එජාපය කටයුතු කළා. අනික් අය බස් ගිනි තියලා විනාශ කළා. වේරහැර වැඩපොළ විනාශ කළා. කෝටි ගණනක් වටිනා දේපළ තුට්ටු දෙකට විකුණුවා. මේ අයගේ චින්තනය මහින්ද චින්තනයට සමගාමීව යන තැනට පැමිණ තිබෙනවා. එදා තිබූ ලංගමයට වඩා අද ලංගමය, දුම්රිය රටේ ප්‍රගමනය සඳහා මහජන ප්‍රවාහනය සඳහා වැඩපිළිවෙළක් සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අපේ ඇමැතිතුමාට ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන පුළුල් දැනීමක් තිබෙනවා. එම අත්දැකීම් යොදාගෙන  මේ ක්ෂේත්‍රය දියුණු කිරීමට පියවර ගත්තා. අද කවුරුත් මහ මඟ රස්තියාදු වෙන්නේ නැහැ. බස්රථ 2,200ක් සමඟ දිනකට මිලියන 63ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා මේ රටේ මාර්ග පද්ධතියත් බලපානවා. ලංගමය විනාශ කළ තැනක්. එය ගොඩගැනීමට අප පියවර ගත්තා. දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කර තිබෙනවා. යුද්ධයෙන් පසු මේ රට දිගු ගමනක් යනවා. උතුරු දකුණ යා කරන වැඩපිළිවෙළක් තියෙනවා. වසර ගණනාවකින් දුම්රිය ගාස්තු වැඩි කර නැති බවත් අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya