Print this page

දැනුවත්කිරීම් නිසා මාර්ග අනතුරු අඩුවෙලා තිබෙනවා

නොවැම්බර් 20, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) මාර්ග අනතුරු පිළිබඳ ජාතික සභාව මඟින් මාර්ග අනතුරු අවම කර ගැනීම පිළිබඳ ව සමාජය දැනුවත් කර තිබෙන බවත් ඒ නිසා මාර්ග අනතුරු සිදුවීම් අඩුව ඇති බවත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ 114, 306 හා 307 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

 මේ වසරේ මේ වන විට මාර්ග අනතුරු සිදු ව තිබෙන්නේ 1,900යි. එය පසුගිය වසර සමඟ සසඳා බැලීමේදී අඩුවීමක්. තැරැව්කරුවන්ගේ අණසකට පත් ව තිබූ මෝටර් රථ දෙපාර්තමේන්තුව අද වන විට කාර්යක්ෂම තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වුණා. අංක තහඩුවලින් සිදුවන වංචා අවම කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්රිය හා ලංගම මඟින් සිදු කරන්නේ මහජන සේවාවක් බවත් ලාභ ලැබීම ම අරමුණු කරමින් ලංගමය හා දුම්රිය පවත්වා ගෙන යන්නේ නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.


NDH/HC