Print this page

පුරාවිද්‍යා භූමිවල වස්තු සෙවීමේ කාර්යය නිසා පුරාවස්තු විනාශ වී යමින් පවතිනවා

නොවැම්බර් 19, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) මෙරට පුරාවිද්‍යා වස්තූන් රැකගැනීමෙන් රටට ආදායමක් ලබා ගත හැකි බවත් පුරාවිද්‍යා භූමිවල වස්තු සෙවීමේ කාර්යය නිසා පුරාවස්තු විනාශ වී යමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පැවසූහ.


උන්වහන්සේ මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන ෙඅමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

අපේ රට ජාතික උරුමයන්ගෙන් පොහොසත්. දිගු කලක් තිස්සේ උතුරේ පැවති ත්‍රස්තවාදී ගැටලුව විසඳූ පසු එහි ගොස් බැලූ විට ඉතා දරුණු ලෙස විනාශ කරමින් පැවති බවක් පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් මෙය ආරක්ෂා කළ නොහැකි බව ද  උන්වහන්සේ පෙන්වා දුන්හ.

අනාදිමත් කලක සිට පැවති එවන් සංස්කෘතියක් අප සතුයි. නියම මාර්ගය අතහැර වෙනත් මාර්ග අනුගමනය කරමින් වෙනත් ආදර්ශ යොදා ගනිමින් සාහිත්‍ය කලාව පෝෂණය වන බවක් පෙනෙනවා. සාහිත්‍ය කලාව අපේ රටට අවශ්‍යයි. මෙය පිරිහී යමින් අලුත් මං සොයා යාම ගැන අප සොයා බැලිය යුතුයි. කලාව තිබිය යුත්තේ මානව සමාජය උදෙසා නිර්මාණය විය යුතුයි. මානව සමාජය නිසිමගට ගෙන එන්න අද බිහිවෙන සාහිත්‍ය නිර්මාණ හරහා සිදු විය හැකි යැයි ගැටලුවක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

NDH/HC